0 Shares 60 Views

Home » News » ස්ටාර්ස් ඔෆ් 70ස්

ස්ටාර්ස් ඔෆ් 70ස්

ස්ටාර්ස් ඔෆ් 70ටීස් 20 වන සංවස්තරය සැමරීම වස් සංවිධානය කරන “ස්ටාර්ස් ඔෆ් 70ටීස් ”                          (Stars of 70 ) සංගීත ප්‍රසංගය අගෝස්තු 12වෙනි සෙනසුරාදා සවස 7ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා රංග පීඨයේ උත්කර්ෂවත් අන්දමට පැවැත්වීමට ඩී.කේ.ප්‍රමෝෂන් ආයතනය සියලු විධිවිධාන යොදා ඇත.

1970 දශකය තුල ලාංකීය සංගීත ක්‍රේෂ්තය තුල නව පිබිදීමක් ඇති කලේය. ලාංකීය ජනසමාජයට පොප් සංගීතය මුලින්ම ගෙන ආවේ සී.ටී.ප්‍රනාන්දුය.ඒ 60 දශකයේ අගභාගයේය. ඉන්පසු ක්ලැරන්ස් විජේවර්ධන, ඇනස්ලි මාලේවන ඇතුළු “මූන්ස්ටෝන්ස්”ගායක කණ්ඩායම ,කණ්ඩායම් ගීත හරහා පොප් ගීත ප්‍රචලිත කරන්නට විය .ඉන්පසු 70දශකය පුරාම බටහිරට හුරුවූ ශෛලයෙන් කන්කළු සිංහල පොප් ගීත රාශියක් බිහිවන්නට විය. එය බිහිවුයේ 70 දශකය පුරාම පමණි. එම ශෛලය අද වන තෙක් ජනප්‍රියව තිබුනේ,මෙ ගීත වල තිබෙන මියුරු බව නිසාය.මෙම හැත්තෑ දශකයේ ගීතවලට අද නුතන පරම්පරාවද,දැඩි ලෙස ප්‍රියකරන්නට විය. එහෙයින් 70 දශකයේ ගීත අලලා අද ජීවත් වී සිටින එම ගායක ගායිකාවන්ම සහභාගී කරගෙන කරන ප්‍රසංග වලට දැඩි ඉල්ලුමක් සෑදෙන්නට විය. “ස්ටාර්ස් ඔෆ් 70ටීස්” ප්‍රසංග මාලාව නිර්මාණය වුයේ එය ඉලක්ක කරගෙනය. එම ප්‍රසංග මාලාව ලද ජනප්‍රියත්වය නිසාම එය 20 අවුරුද්දක් පුරාම නොකඩවා සංවිධානය කිරීමට ඩී.කේ.ප්‍රමෝෂන් ආයතනයට හැකි විය. මෙවර පවත්වන්නට යනුයේ මේ 20වන සංවස්තරයි.

මෙම ප්‍රසංගය සදහා සුපර් චෛම්ස් සංගීත කණ්ඩායම සංගීත සපයන අතර එයට ඇනස්ලි මාලේවන ,ඉන්ද්‍රානි පෙරේරා,අනිල් භාරති,ප්‍රියා පීරිස්, ධර්මරත්න බ්‍රදර්ස් ,ඩැල්රීන් සුබී,පෝල් ප්‍රනාන්දු, එරල් ප්‍රනාන්දු,ශයමි ප්‍රනාන්දු,මනිලා ජෝසෙප්,ක්‍රිස්ටීන් ගුණවර්ධන,ලන්කිකා පෙරේරා,රන්ධීර් මෙන්ඩිස්,ශිරෝමි ප්‍රනාන්දු , ලිලන්ති කරුණානායක යන 70දශකයේ ගායක ගායිකාවන් ගයන කරනු ඇත. කථනය විජය කොරෙයාගෙනි

 

විස්තර සදහා පිවිසෙන්න

http://baiscope.com

 

 

 

You may be interested

“මෑත කාලයේ  සිටින කඩවසම් තරුණයා”
Hot & Gossip News
4 views
Hot & Gossip News
4 views

“මෑත කාලයේ සිටින කඩවසම් තරුණයා”

Wasana V - 3 hours ago

මධූර ප්‍රියදර්ශනන පිරිස් (Madura Priyadarshana Peiris)  මෑත කාලයේදී නිරූපණ ක්ෂේත්‍රයෙන් ටෙලිනාට්‍ය කලාවට අවතීර්ණ වුණු තරුණයකි. ඔහු ක්ෂේත්‍රයට අවතීර්ණවන්නේ  man hunt international පැජන්ට් එකෙන් පසුවයි. ඉන් පසු ඔහුට…

එම් .ජි  ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”
Videos
9 views
Videos
9 views

එම් .ජි ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”

Wasana V - 22 hours ago

එම් .ජි ධනුෂ්ක 2014 වර්ෂයේ දී Derana dream star season 5 තරගයෙන් සංගීත ක්ෂේත්‍රයට අවතීරණය විය. ඔහු කාගේත් අතර ප්‍රසිද්ද වුනේ එම්.එස් ප්‍රනානදු මහතාගේ ගීත ගායනා කිරීමේ…

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya
News
17 views
News
17 views

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya

Shaun Maximus Dissanayake - 23 hours ago

ලාංකේය සිනමාවේ "මැණික" (The gem of Sri Lankan Films Menik Kurukulasooriya) සුන්දරත්වය දෑස් පිනවයි,හදවත පීරිමදිමින් සුවපත් කරයි. ඒ දෙස කල්ප ගණනක් වුවද බලා සිටිය හැක. ලොව හැම…

Leave a Comment

Your email address will not be published.

Most from this category