0 Shares 39 Views

Home » News » පුබුදු නයානතරා සමග “එක දවසක් අපි “

පුබුදු නයානතරා සමග “එක දවසක් අපි “

ආචාර්ය අරෝෂා ප්‍රනාන්දු,ගේ 11වන සිනමා පටය රෝමාන්තික තාරුණ්‍යයේ ආදරය ගැන කියවෙන කතාවකි “එක දවසක් අපි “(Eka Davasak Api). මෙය අධ්‍යක්ෂණය කලේ සම්මානනීය අධ්‍යක්ෂක අනුරුද්ධ ජයසිංහය.

අනුරුද්ධ ජයසිංහ යනු සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකි . “සංක්‍රාන්ති” ඔහුගේ මුල්ම චිත්‍රපටයයි. එය 32වැනි ජාත්‍යන්තර් ඉන්දියානු සිනමා උළෙලට ඉදිරිපත් කිරීමට වරම් ලැබූ චිත්‍රපටයකි.එය මහලු මහාචාර්යවරයෙකු හා ඔහුගේ තරුණ බිරිද හා ඔහුගේ තරුණ සහයකයා අතර ඇතිවන ඝට්ටනයකි.එම ඝට්ටනය ඇතිවෙන්නේ ඔවුන් වදුරන් පරීක්ෂණයක් කිරීමට වනාන්තරයට ගිය විටය.ත්‍රාසය භීතිය,කුතුහලය,නොඅඩුව ගැබ් වූ එය සාර්ථක නිර්මාණයක් විය.
අනුරුද්ධගේ දෙවැනි චිත්‍රපටය “ධවල දූවිලිය ” එය 37 වැනි ජාත්‍යන්තර ඉන්දියානු සිනමා උළෙලේ අවසන් වටයට පැමිණ හොදම චිත්‍රපට 10අතරට පැමිණියේය.

“බෝම්බ හා රෝස”ඔහුගේ 3වන චිත්‍රපටය විය. යාපනයේ සිට කොළබ බලා ආ මෝටර් බයිසිකලයක බෝම්බයක් බැදගෙන එන සිදුවීමක් සම්බන්ධව අතිශයින්ම ත්‍රාසජනක කතාපුවතක් ගෙන ආ මෙම චිත්‍රපටය ලංකේය සිනමාවට නැවුම්වූ අත්දැකීමක් විය. මෙහි බිමල් ජයකොඩි,මහේන්ද්‍ර පෙරේරා,ධර්මප්‍රිය ඩයස් විශ්ව කොඩිකාර,සමග උපේක්ෂා ස්වර්ණමාලි රගපාවෝය.

අනුරුද්ධගේ හතරවන අධ්‍යක්ෂණය වූ, “එක දවසක් අපි” බොහෝ දර්ශන රූ ගත කර තිබුනේ බිබිලේ ගල උඩ හා එහි ආශ්‍රිතවය,අනෙක් දර්ශන මහියංගනය හා මාවනැල්ලේය.

පුබුදු චතුරංග හා නයනතාරා වික්‍රමාරච්චිට අමතරව වීනා ජයකොඩි ,මේධා ජයරත්න ,රොහාන් රණතුංග රගපෑමෙන් එක්විය.

තවත් විස්තර දැනගැන්මට පිවිසෙන්නhttp://baiscope.com

 

You may be interested

“මෑත කාලයේ  සිටින කඩවසම් තරුණයා”
Hot & Gossip News
4 views
Hot & Gossip News
4 views

“මෑත කාලයේ සිටින කඩවසම් තරුණයා”

Wasana V - 3 hours ago

මධූර ප්‍රියදර්ශනන පිරිස් (Madura Priyadarshana Peiris)  මෑත කාලයේදී නිරූපණ ක්ෂේත්‍රයෙන් ටෙලිනාට්‍ය කලාවට අවතීර්ණ වුණු තරුණයකි. ඔහු ක්ෂේත්‍රයට අවතීර්ණවන්නේ  man hunt international පැජන්ට් එකෙන් පසුවයි. ඉන් පසු ඔහුට…

එම් .ජි  ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”
Videos
9 views
Videos
9 views

එම් .ජි ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”

Wasana V - 22 hours ago

එම් .ජි ධනුෂ්ක 2014 වර්ෂයේ දී Derana dream star season 5 තරගයෙන් සංගීත ක්ෂේත්‍රයට අවතීරණය විය. ඔහු කාගේත් අතර ප්‍රසිද්ද වුනේ එම්.එස් ප්‍රනානදු මහතාගේ ගීත ගායනා කිරීමේ…

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya
News
17 views
News
17 views

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya

Shaun Maximus Dissanayake - 23 hours ago

ලාංකේය සිනමාවේ "මැණික" (The gem of Sri Lankan Films Menik Kurukulasooriya) සුන්දරත්වය දෑස් පිනවයි,හදවත පීරිමදිමින් සුවපත් කරයි. ඒ දෙස කල්ප ගණනක් වුවද බලා සිටිය හැක. ලොව හැම…

Leave a Comment

Your email address will not be published.

Most from this category