0 Shares 33 Views

Home » News » කමල් අද්දරආරච්චිගේ “නිහඩ ලිපිය ” .

කමල් අද්දරආරච්චිගේ “නිහඩ ලිපිය ” .

තිවංක රුක්ෂාන් පෙරේරා ගේ කතාව හා තිරනාටකයට සැකසුනු කමල් අද්දරආරච්චි විසින් අධ්‍යක්ෂණය කල නිහඩ ලිපිය( Kamal Addaraarachchi Nihada Lipiya) කෙටි චිත්‍රපටය ජාත්‍යන්තර කෙටි චිත්‍රපට 400 ක් අභිබවා පලවන ස්ථානය දිනගැන්මෙන් ලංකාවට අත්කර දුන් කීර්තිය සුළු පට නොවේ.

අමිල නම් දරිද්‍රතාවයෙන් පෙලුනු අන්ත අසරණ පවුලක හැදුනු කුඩා ළමයෙකු නගරයට යාමේ සිහිනය ඉටු කර ගන්නා වෑයමත්, එය සාක්ශේෂිත කරගැන්මට එම ගමේ ප්‍රභූ පව්ලක වැන්දඹු ළමාතැනි කෙනෙක් ලග වැඩ කිරීමත්, එතැනදී හෝ ලැබෙන කිසියම් අවස්තාවක නගරයට යෑමට උත්සහා දැරීමත් ,සම්බන්ධ අමුතු තේමාවක් තුල දිව යන මෙය කමල්ගේ ප්‍රථම අධ්‍යක්ෂණය වේ .

1978 වර්ෂය තුල සිනමා සක්විති, ගාමිණි ෆොන්සේකා විසින් තම සිනමා පටය ” සාගරයක් මැද ” හරහා ප්‍රබල චරිතයකින් කමල් අද්දරාරච්චිව ලංකේය රිදී තීරයට ,හදුන්වා දුනි. ඉමහත් වූ ජන ප්‍රසාදය ,ඔහුව දක්ෂ මෙන්ම ජනප්‍රීය රංග වේදියෙකු කල අතර, ඔහු වේදිකාව,සිනමාව,රූපවාහිනිය, යන ත්‍රිත්වයම ජය ගති. දශක 4ක් පුරාම විවිධ වූ රංගන පරාසයන් තුල ජීවත් වූ කමල්, බොහෝ චිත්‍රපට තුලින් තමා විශිෂ්ටයෙක් යැයි ඔප්පු කලේය. සියලු අත්දැකීම් එක්තැනකට ගොනුකොට, තමා පිළිබද,පූර්ණ ආත්ම විශ්වාසය ඇති කරගත් පසු, ඔහු නිර්මාණකරණයට අත තැබීය. “නිහඩ ලිපිය ” නොහොත් Silent letter එහි ප්‍රතිපලයි . ජාත්‍යන්තර කෙටි චිත්‍රපට 400 ක් අභිබවා පලවන ස්ථානය දිනගැන්ම එහි අග්‍ර ප්‍රතිපලයයි ..

ජානක සි අත්තනායක ගේ,කැමරාකරණයෙන්ද ,බුද්ධික පරනවිතාරනගේ සංගීතයෙන්ද , ඔප නැංවූ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත ලක්ෂ්මන් මෙන්ඩිස්,සුවිනීතා කෝන්ගහගේ, විල්මන් සිරිමාන්න,චමිලා පීරිස් ,ජගත් බෙනරගම,දයාදේව එදිරිසිංහ,සහ ළමා නළුවන්වූ ,ජීවන් කුමාර සහ නදුන් පෙරේරාය. මෙතෙක් කල් විකාග චරිත වලට සීමා වූ මහින්ද පතිරගේගේ, විශිෂ්ටතම රංගනයක්,මෙම චිත්‍රපටයෙන් දැකගත හැක.

මෙය දොස්තර මහේන්ද්‍ර පෙරේරාගේ නිෂ්පාදනයකි.

විස්තර සදහා පිවිසෙන්න

 

 

 

You may be interested

“මෑත කාලයේ  සිටින කඩවසම් තරුණයා”
Hot & Gossip News
4 views
Hot & Gossip News
4 views

“මෑත කාලයේ සිටින කඩවසම් තරුණයා”

Wasana V - 3 hours ago

මධූර ප්‍රියදර්ශනන පිරිස් (Madura Priyadarshana Peiris)  මෑත කාලයේදී නිරූපණ ක්ෂේත්‍රයෙන් ටෙලිනාට්‍ය කලාවට අවතීර්ණ වුණු තරුණයකි. ඔහු ක්ෂේත්‍රයට අවතීර්ණවන්නේ  man hunt international පැජන්ට් එකෙන් පසුවයි. ඉන් පසු ඔහුට…

එම් .ජි  ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”
Videos
9 views
Videos
9 views

එම් .ජි ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”

Wasana V - 22 hours ago

එම් .ජි ධනුෂ්ක 2014 වර්ෂයේ දී Derana dream star season 5 තරගයෙන් සංගීත ක්ෂේත්‍රයට අවතීරණය විය. ඔහු කාගේත් අතර ප්‍රසිද්ද වුනේ එම්.එස් ප්‍රනානදු මහතාගේ ගීත ගායනා කිරීමේ…

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya
News
17 views
News
17 views

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya

Shaun Maximus Dissanayake - 23 hours ago

ලාංකේය සිනමාවේ "මැණික" (The gem of Sri Lankan Films Menik Kurukulasooriya) සුන්දරත්වය දෑස් පිනවයි,හදවත පීරිමදිමින් සුවපත් කරයි. ඒ දෙස කල්ප ගණනක් වුවද බලා සිටිය හැක. ලොව හැම…

Leave a Comment

Your email address will not be published.

Most from this category