0 Shares 67 Views

Home » News » ජීවිතයේ එක වරක් හෝ බැලිය යුතුම චිත්‍රපටයක්, “දිල් තෝ පාගල් හේ “

ජීවිතයේ එක වරක් හෝ බැලිය යුතුම චිත්‍රපටයක්, “දිල් තෝ පාගල් හේ “

ජීවිතයේ එක වරක් හෝ බැලිය යුතුම චිත්‍රපටයක්, “දිල් තෝ පාගල් හේ ” (Dil Tho Pagal Hai ). ” හදවත පිස්සු වේ ” යන සිංහල තේරුම ඇති මෙම හින්දි චිත්‍රපටය ඉන්දියා වේදී තිරගත කලේ 1997 ඔක්තෝබර් 31 වන දිනය. මෙය සංගීතමය ආදර කතාවකි . රාහුල් ,මායා හා නිශා යන තුන් ඇදුනු ප්‍රේම කතාවක් නැටුම් කණ්ඩායමක් තුල සිදුවීමට දිග හැරුණු මෙය ඉන්දියාවේ පමණක් නොව, මුළු ලෝකයේම ජනප්‍රියම වූ චිත්‍රපටයක් විය.

මායා රාහුල් ගේ සිහින ලෝකයේ සිටි මායාවකි. ඒ මායාව සිටියේ රාහුල් මවා ගත් ලෝකය තුල පමණි. ඔහු ඒ නොදුටු මායාවට දැඩිව පෙම් කරයි. නිශා රාහුල් සිටින නැටුම් කණ්ඩායමේ ප්‍රධාන නැටුම්වේදිනියයි . රාහුල්ට දැඩිව ආදරය කලද, රාහුල් තම සිතේ මැවුණු මායාවට හදවතින්ම බැදී සිටියේය. ඔය අතරේදී, නිශා නැටුම් පුහුණුවක් අතරේදී ලිස්සා වැටීම නිසා ඇයගේ පාදයකට බරපතල ලෙස තුවාල වේ. ඒ හේතුවෙන් ඇයට තාවකාලිකව රෝද පුටුවක කල් ගෙවන්නට සිදුවුණි. ඉදිරි නැටුම් සංදර්ශනවලට ප්‍රධාන නැටුම්වේදිනියක් සොයා ගැනීමේ ප්‍රශ්නයටද රාහුල් ට වෙහෙසෙන්නට සිදුවිය.

රාහුල්ට මායා හමුවන්නේ ඔය අතරෙදිය. පුදුමය නම් ඒ හමුවූ මායාත් , රාහුල් ගේ සිතේ මෙතෙක් කල් ඇදී සිටි මායාත් එක සමාන වීමය.එතැන් පටන් රාහුල් ගේ හදවත පිස්සු වේ. මායාත් රාහුලුත් ආදරයෙන් බැදේ . එවිට නිශාට සිදුවන්නේ කුමක්ද? එය දැනගැනීමට නම් චිත්‍රපටය නැරඹිය යුතුමය.

ෂාරුක් ඛාන් රාහුල් ලෙසත්, මධුරි ඩික්සිත් මායා ලෙසත්, කරිෂ්මා කපූර් නිශා ලෙසත් ප්‍රධාන චරිත ත්‍රිත්වයට පන පෙවිය. මුලින්ම කරිෂ්මා කපූර්ගේ චරිතයට තෝරා ගත්තෙ මනිෂා කොයිරාලවය . එහෙත් ඇය මධුරි ඩික්සිට් ට දෙවැනි වන්නට අකමැති වූ හෙයින් තිර පිටපත නොකියවාම එය ප්‍රතික්ෂේප කලාය . ඉන්පසු එය ජුහි චව්ලා වෙතට හැරුනි. ඇයද මධුරිට දෙවැනි වී තම ප්‍රතිරූපයට හානි කරගැන්මට කැමතිවුයේ නැත. ඉන්පසු කාජල් ට එම චරිතය කිරීමට ඇරයුම් කලද,ඒ වනවිට ශාරුක් -කාජල් රගපෑ “දිල්වාලේ දුල්හානියා ලේ ජහින්ගේ ” මුළු ඉන්දියාවේම සුපිරිම ජනප්‍රියත්වයක් ලබා තිබු හෙයින් ය එම දෙවැනි චරිතය කිරීමට කැමති වුයේ නැත. ඉන්පසු උර්මිලා මතොන්ඩ්කාර් ට ඇරයුම ලැබුනද එයට දින දීමට යට නොහැකි විය . අවසාන තේරීම කරිෂ්ම කපූර් විය. ඇය ඒ අභියෝගය බාරගති .

ආක්ෂේ කුමාර් ද ගරු රගපෑමක යෙදුනු “දිල් තෝ පාගල් හේ ” අධි සාර්ථකත්වයක් ලැබූ චිත්‍රපටයකි මෙය යාෂ් චොප්රා ගේ අධ්‍යක්ෂණයකි

විස්තර සදහා පිවිසෙන්න http://baiscope.com

You may be interested

“මෑත කාලයේ  සිටින කඩවසම් තරුණයා”
Hot & Gossip News
4 views
Hot & Gossip News
4 views

“මෑත කාලයේ සිටින කඩවසම් තරුණයා”

Wasana V - 3 hours ago

මධූර ප්‍රියදර්ශනන පිරිස් (Madura Priyadarshana Peiris)  මෑත කාලයේදී නිරූපණ ක්ෂේත්‍රයෙන් ටෙලිනාට්‍ය කලාවට අවතීර්ණ වුණු තරුණයකි. ඔහු ක්ෂේත්‍රයට අවතීර්ණවන්නේ  man hunt international පැජන්ට් එකෙන් පසුවයි. ඉන් පසු ඔහුට…

එම් .ජි  ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”
Videos
9 views
Videos
9 views

එම් .ජි ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”

Wasana V - 22 hours ago

එම් .ජි ධනුෂ්ක 2014 වර්ෂයේ දී Derana dream star season 5 තරගයෙන් සංගීත ක්ෂේත්‍රයට අවතීරණය විය. ඔහු කාගේත් අතර ප්‍රසිද්ද වුනේ එම්.එස් ප්‍රනානදු මහතාගේ ගීත ගායනා කිරීමේ…

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya
News
17 views
News
17 views

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya

Shaun Maximus Dissanayake - 23 hours ago

ලාංකේය සිනමාවේ "මැණික" (The gem of Sri Lankan Films Menik Kurukulasooriya) සුන්දරත්වය දෑස් පිනවයි,හදවත පීරිමදිමින් සුවපත් කරයි. ඒ දෙස කල්ප ගණනක් වුවද බලා සිටිය හැක. ලොව හැම…

Leave a Comment

Your email address will not be published.

Most from this category