0 Shares 59 Views

Home » News » බයිස්කෝප් හින්දි ටොප් 10 – පැරණි සිනමා ගීත ( 1960- 1970 දශක)

බයිස්කෝප් හින්දි ටොප් 10 – පැරණි සිනමා ගීත ( 1960- 1970 දශක)

බයිස්කෝප් හින්දි ටොප් 10 (Baiscope Hindi Top 10) – පැරණි සිනමා ගීත  ( 1960- 1970 දශක)

1913 වර්ෂය තුල “රජා හරිස්චන්ද්‍ර”  චිත්‍රපටයකින් හින්දි සිනමාව ආරම්භ විය. මෙය මේ වන විට අවරුදු 114 ගත වී ඇත. එම වසර 114 කාලය තුල හින්දි සිනමාව අත්පත් කරගෙන ඇත්තේ එසේමෙසේ දියුණුවක් නොව. මුළු ලෝකයටම ව්‍යාප්ත කිරීමටත් ,මුළු ලොවම තම වෙළද පොළ කරගැන්මටත් සමත් වී ඇත.අද ලෝකයේ විශාලතම සිනමා කර්මාන්තය වූ “හොලිවූඩ්” වලට නොදෙවනි ලෙස ඇත්තේ මේ හින්දි නොහොත් “බොලිවූඩ් ” චිත්‍රපට කර්මාන්තයයි.

1960-70 දශකයන් හි හින්දි සිනමාව බිහිකලේ වඩාත් ආකර්ශනීය චිත්‍රපටයන්ය.නළු නිලියන්මෙන්ම සංගීත ශිල්පීන්, මෙන්ම ගායක ගායිකාවන්ද ලෝ පතල විය . දිලිප් කුමාර් -අශෝක් කුමාර්-රාජ් කපුර් ,ශම්මි කපුර්,රාජේශ් කන්නා,ධර්මේන්ද්‍ර,අමිතාබ් බච්චාන් -මීනා කුමාරි-නාර්ගිස් -වෛජයන්තිමාලා- ශර්මිලා තාගෝර් -ආශා පාරෙක්- සාධනා වැනි නළු නිලියන්ද ,ශංකර් -ජෛකිෂන් .ලක්ශ්මිකාන්ත් පියරෙලාල් – නෞෂාඩ් – කල්යන්ද්ජි-ආනන්ද්ජි , වැනි සංගීත ශිල්පීන්ද, මොහොමෙඩ් රාෆි-ලතා මංගේෂ්කාර් ,කිෂෝර් කුමාර්,ආශා බෝස්ලේ , මන්නාදේ -මුකේෂ් -මහේන්ද්‍ර කපූර් වැනි ගායකගායිකාවන්ද 60-70 දශකය තුල ඒකාලෝක කලෝය.

බයිස්කෝප් හින්දි ටොප් 10 – පැරණි සිනමා ගීත ( 1960- 1970 දශක) තුලින් අප දැන් සුවිශේෂිතම ,එමෙන්ම ,ඉන්දියාවේ හා ලංකාව තුල ජනප්‍රිය වූ ගීත 10 සවිස්තරාත්මකව ඉදිරිපත් කරනු ඇත.

බයිස්කෝප් හින්දි ටොප් 10 – පැරණි සිනමා ගීත                            ( 1960- 1970 දශක)
10 වන පිවිසුම “මෙරේ සපුනොකි රානි කබු ආයේ කිදු “ – කිෂෝර් කුමාර්-

ශක්ති සමන්තා විසින් අධ්‍යක්ෂණය කල එස් .ඩී.බර්මන් සංගීතය සැපයු 1969 දී ඉන්දියාව තුලද, 1970 දශකය තුල ලංකාවේද ප්‍රදර්ශනය කරමින් ඉමහත් ජනප්‍රිය ට පත් “ආරාධනා” චිත්‍රපටයට කිෂෝර් කුමාර් ගැයූ ඉහත සදහන් “මෙරේ සපුනොකි රානි ” ගීතය 10 වන තැනට පත්වී ඇත. 

 චිත්‍රපටයේ එම දර්ශනයට රගපෑමෙන් දායක වුයේ, රාජේශ් කන්නා,ශර්මිලා තාගෝර්,සුජිත් කුමාර්,ය.    රාජේශ් කන්නා,ශර්මිලා තාගෝර්,සුජිත් කුමාර්,ය

http://baiscope.com

 

 

බයිස්කෝප් හින්දි ටොප් 10 – පැරණි සිනමා ගීත ( 1960- 1970 දශක)

09 වන පිවිසුම “මෙයි නාශයෙල් තෝ නහි” – ශෛලේන්ද්‍ර සිංග්

රාජ් කපූර් එකල තාරුණ්‍ය අලලා චිත්‍රපටයක් කිරීමට සැරසුනේ ,ඔහු අවුරුදු ගණනාවක් සිට සුවිශාල මුදලක් වියදම් කර සැදු දැවැන්ත චිත්‍රපටය වූ “මෙරා නාම් ජෝකර්” චිත්‍රපටය දැවැන්ත පාඩුවක් වූ පසුවය. දෙගිඩියාවකින් හෝ ඇත ගැසූ මෙම චිත්‍රපටය අවසානයේ අඔහුට අත්කර දුන්නේ විශාලතම ජනප්‍රියත්වයක් මෙන්ම,සුවිශාල ආදායමකි .

මෙම ගීතය සදාතනික ගීතයක් ලෙස අදටත් පිළිගැනුණු අතර ලක්ශ්මිකාන්ත් ප්යාරෙලල්ගේ සංගීතයට ශෛලේන්ද්‍ර සිංග් ගයනා කලේ “බොබී” චිත්‍රපටයටය .
සුරූපී ඩිම්පල් කපාඩියා හදුන්වා දුන්නේද මෙම “බොබී”චිත්‍රපටයෙනි . එහෙත් මෙම ගීතමය දර්ශනයට රගපානුයේ ,එහි ප්‍රධාන නළු රිෂි කපූර් සහ අරුනා අයිරානිය.

 

බයිස්කෝප් හින්දි ටොප් 10 – පැරණි සිනමා ගීත ( 1960- 1970 දශක)

08 වන පිවිසුම “ආජිකල් තෙරේ මෙරේ ” – මොහොමඩ් රාෆි සමග සුමන් කල්‍යන්පූර්

1968 වර්ෂයේ ඉන්දියාවේද, 1972 වර්ෂයේ ලංකාවේද තිරගත කල ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේ එම වසර තුල හොදම චිත්‍රපටය වූ ජී.පී.සිප්පිගේ “බ්‍රහම්මචාරී ” චිත්‍රපටය හොදම නළුවා ශම්මි කපූර්, හොදම ගායක,මොහොමඩ් රාෆි,හොදම සංගීතය,ශංකර්-ජෛකිෂන් ආදී සම්මානද දිනා ගති.
“ආජිකල් තෙරෙමෙරේ” නම් මෙම ගීතය අද මුළු ලොව පුරාම ජනප්‍රිය වී ඇති අතර බොහෝ රටවල ඔවුන් මෙම ගීතය ඔවුනට ආවේනික අන්දමට ගායනා කර ඇත. ලංකාවේද එච්.ආර්.ජෝතිපාල හා ඇන්ජලීන් ගුණතිලක විසින් “දැන් මතකද?”චිත්‍රපටය ට “”ආදරේ හිතෙනවා දැක්කම”නමින් ගයනා කර අතර එය තවමත් අතිශය ජනප්‍රියය. පසුව ලංකාව තුල “රොක් ඇන්ඩ් රෝල්” ශෛලය අනුව එය නව පරපුරේ ගායකයෙක් ගායනා කල අතර,ඕස්ට්‍රේලියාවෙන්ද එය “එලෙක්ට්‍රික් කොර්මා ” නම් ගායක කණ්ඩායමක් “රොක්”ශෛලයෙන් ගායනා කර ඇත.

මෙම ගීතමය ජවනිකාව සාදයක් අතරතුර සමුහ නැටුමක් වූ අතර එයට ශම්මි කපුර්,මුමුට්ටාස් ,සහ ප්‍රාන් රඟපෑවෝය.

 

බයිස්කෝප් හින්දි ටොප් 10 – පැරණි සිනමා ගීත ( 1960- 1970 දශක)

07 වන පිවිසුම “ලා කොන්හෙයාහ දිල්වලේ ” – මහේන්ද්‍ර කපුර්

1968 වර්ෂයේ ඉන්දියාවේදීද ,1972 වර්ෂයේ ලංකාවේදීද, තිරගතකල “කිස්මත්” චිත්‍රපටය වඩාත් ජනප්‍රිය වුයේ එහි තිබු ආකර්ශනීය,දර්ශන,සංගීතය,නැටුම් ගීත සහ සුරූපී නිලි බබිතාගේ මනමෝහන රගපෑම නිසාය. ඒ අතරින් එහි තිබු ගීත හතරද ඉමහත් ජනප්‍රියත්වයක් ඉසිලිය. .එයිනුත් “ලා කොන්හෙයහා දිලූ වලේ ” යන ගීතය වඩාත් ජනප්‍රිය විය. එය මහේන්ද්‍ර පෙරේරා විසින් ගායනා කෙරු අතර සංගීතය ඕ.පී .නෛයාර් විසිනි . එම ජවනිකාවට රගපෑවේ බිස්වජිත් සමග බබිතාය.

 

බයිස්කෝප් හින්දි ටොප් 10 – පැරණි සිනමා ගීත ( 1960- 1970 දශක)

06 වන පිවිසුම “යේ ශයම් මස්තානි ” – කිෂෝර් කුමාර්

1970 වර්ෂය තුල ඉන්දියාවේ තිරගත වූ , 1973 -74 වර්ෂවලදී ලංකාවේ තිරගත කල ශක්ති සාමන්තා අධ්‍යක්ෂණය කල “කටි පතන්ග්” චිත්‍ර පටයට
කිෂෝර් කුමාර් විසින් ගායනා කල “යේ ශයම් මස්තානි”,ගීතය බයිස්කෝප් හින්දි ටොප් 10 – පැරණි සිනමා ගීත ( 1960- 1970 දශක)අතරින් 6වන ස්ථානයට තෝරා ඇත.

මෙය ඉතාමත් ජනප්‍රිය ගීතයක් වුවා සේම එය සදාතනික ගීතයක්ම විය . රාහුල් දෙව් බර්මන් ගේ සංගීතයට,කිෂෝර් කුමාර් ගේ හඩ මුසු වුයේ රාජේශ් කන්නා වෙනුවෙනි.ආශා පාරෙක් මෙහි ප්‍රධාන නිලි චරිතය රගපැවාය.

 

බයිස්කෝප් හින්දි ටොප් 10 – පැරණි සිනමා ගීත ( 1960- 1970 දශක)

05 වන පිවිසුම “බූල් ගයා සබූ කුච් -ජූලී අයි ලව් යු” – කිෂෝර් කුමාර් සහ ලතා මන්ගේෂ්කාර්

1970 වර්ෂය තුල ඉන්දියාවේ තිරගත වූ , කේ.එස්.සෙත්තුමාධවන් අධ්‍යක්ෂණය කල “ජුලී” චිත්‍රපටයට කිෂෝර් කුමාර් සහ ලතා මංගේෂ්කාර් ගායනා කල “බූල් ගයා සබූ කුච් -ජූලී අයි ලව් යු” ගීතය බයිස්කෝප් හින්දි ටොප් 10 – පැරණි සිනමා ගීත ( 1960- 1970 දශක) ලැයිස්තුවේ 5වන ස්ථානයට තෝරා ඇත.
මෙහි සංගීතය රාජේශ් රොෂාන් ගෙනි .

මෙම අතිශයෙන්ම සුන්දර ගීතයේ ජවනිකාවට රගපෑමෙන් දායක වුයේ වික්‍රම් සමග ලක්ෂ්මිය.

බයිස්කෝප් හින්දි ටොප් 10 – පැරණි සිනමා ගීත ( 1960- 1970 දශක)

04 වන පිවිසුම “මොනිකා ඕ මයි ඩාර්ලින්- ” (පියා තූ අප්තෝ ආජා) – ආශා බෝස්ලේ

1971 වර්ෂය තුල ඉන්දියාවේද 1973 වර්ෂය තුල ලංකාවේද තිර ගතකල නසීර් හුසේන් අධ්‍යක්ෂණය කෙරූ “කැරවෑන්” චිත්‍රපටයේ ආ වඩාත්ම ජනප්‍රිය ගීතය මෙවර ටොප් 10 හි 4 වන පිවිසුමට ලගාවී ඇත.

ආශා බෝස්ලේ විසින් ගායනා කෙරු මෙම ගීතය සංගීතවත් කලේ රාහුල් දෙව් බර්මන්ය.

නැටුම් ජවනිකාවක් වූ එහී රගපෑවේ “හෙලන් “විසිනි.

 

බයිස්කෝප් හින්දි ටොප් 10 – පැරණි සිනමා ගීත ( 1960- 1970 දශක)

03 වන පිවිසුම “ආජාරේ ආ සරා “- මොහොමඩ් රාෆි

1966 වර්ෂය තුල ඉන්දියාවේද 1969 වර්ෂය තුල ලංකාවේද තිර ගතකල ප්‍රමෝද් චක්‍රවර්ති අධ්‍යක්ෂණය කල “ලව් ඉන් ටෝකියෝ ” නමැති සුන්දර චිත්‍රපටයට ගැබ්වූ සුමධුර ගීතය වූ මොහොමඩ් රාෆි ගයනා කරන “ආජාරේ ආ සරා ” බයිස්කෝප් හින්දි ටොප් 10 – පැරණි සිනමා ගීත ( 1960- 1970 දශක)
3වන ස්ථානයට තෝරා ඇත.

මෙහී කන්කළු සංගීතය ශංකර් -ජෛකිෂන් වන අතර, ආකර්ශනීය රගපෑම් ජෝයි මුකර්ජි,ආශා පාරෙක් ගෙනි.

 

බයිස්කෝප් හින්දි ටොප් 10 – පැරණි සිනමා ගීත ( 1960- 1970 දශක)

02 වන පිවිසුම “පල් පල් පල් දිල්සේ පාස් “- කිෂෝර් කුමාර්

1973 වර්ෂය තුල ඉන්දියාවේද තිර ගතකල විජේ ආනන්ද් අධ්‍යක්ෂණය කල “”බ්ලැක් මේල් “නමැති රහස් පරීක්ෂක චිත්‍රපටයට
කිෂෝර් කුමාර් විසින් ගායනා කල “පල් පල් පල් දිල්සේ පාස් “,නමැති ඇති මදුර ගීතය බයිස්කෝප් හින්දි ටොප් 10 – පැරණි සිනමා ගීත ( 1960- 1970 දශක) 2වන ස්ථානයට තෝරා ඇත.

මෙහී මනමෝහන සංගීතය කල්යන්ජි ආනන්ජි වන අතර, මෙම ජවනිකාවට රගපෑවේ ධර්මේන්ද්‍ර සමග රාඛි ය .

බයිස්කෝප් හින්දි ටොප් 10 – පැරණි සිනමා ගීත ( 1960- 1970 දශක)

01 වන පිවිසුම “සින්දගි කා සෆර් “- කිෂෝර් කුමාර්

1970 වර්ෂය තුල ඉන්දියාවේද 1973 වර්ෂය තුල ලංකාවේද තිරගතකල අසිත් සෙන් අධ්‍යක්ෂණය කල “සෆර් “” චිත්‍රපටයට
කිෂෝර් කුමාර් විසින් ගායනා කල “සින්දගි කා සෆර් හේයේ කේසා සෆර් “,නමැති  අතිශය සුන්දරවූ ගීතය බයිස්කෝප් හින්දි ටොප් 10 – පැරණි සිනමා ගීත ( 1960- 1970 දශක) 1වන ස්ථානයට තෝරා ඇත.

මෙහී මනමෝහන සංගීතය කල්යන්ජි ආනන්ජි වන අතර, මෙම ජවනිකාවට රගපෑවේ රාජේශ් කන්නා සමග ශර්මිලා තාගෝර් විසිනි

You may be interested

“මෑත කාලයේ  සිටින කඩවසම් තරුණයා”
Hot & Gossip News
4 views
Hot & Gossip News
4 views

“මෑත කාලයේ සිටින කඩවසම් තරුණයා”

Wasana V - 3 hours ago

මධූර ප්‍රියදර්ශනන පිරිස් (Madura Priyadarshana Peiris)  මෑත කාලයේදී නිරූපණ ක්ෂේත්‍රයෙන් ටෙලිනාට්‍ය කලාවට අවතීර්ණ වුණු තරුණයකි. ඔහු ක්ෂේත්‍රයට අවතීර්ණවන්නේ  man hunt international පැජන්ට් එකෙන් පසුවයි. ඉන් පසු ඔහුට…

එම් .ජි  ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”
Videos
9 views
Videos
9 views

එම් .ජි ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”

Wasana V - 22 hours ago

එම් .ජි ධනුෂ්ක 2014 වර්ෂයේ දී Derana dream star season 5 තරගයෙන් සංගීත ක්ෂේත්‍රයට අවතීරණය විය. ඔහු කාගේත් අතර ප්‍රසිද්ද වුනේ එම්.එස් ප්‍රනානදු මහතාගේ ගීත ගායනා කිරීමේ…

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya
News
17 views
News
17 views

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya

Shaun Maximus Dissanayake - 23 hours ago

ලාංකේය සිනමාවේ "මැණික" (The gem of Sri Lankan Films Menik Kurukulasooriya) සුන්දරත්වය දෑස් පිනවයි,හදවත පීරිමදිමින් සුවපත් කරයි. ඒ දෙස කල්ප ගණනක් වුවද බලා සිටිය හැක. ලොව හැම…

Leave a Comment

Your email address will not be published.

Most from this category