රෙඩි ප්ලේයර් වන්  නවතම ඉංග්‍රීසි චිත්‍රපටය

0
183

රෙඩි ප්ලේයර් වන්  නවතම ඉංග්‍රීසි චිත්‍රපටය (Redy Player one latest english film)

විද්‍යාත්මක ගවේෂණයක් ලෙස හැදින්විය හැකි ස්ටීවන් ස්පීල්බර්ග් ගේ නවතම චිත්‍රපටය වූ “රෙඩි ප්ලේයර් වන්” දැන් වැල්ලවත්තේ සැවෝයි හා කොල්ලුපිටියේ ලිබර්ටි සිනමා හලේ 3ඩී තාක්ෂණයෙන් තිරගත වේ.

චිත්‍රපටය තුලින් කියවෙන්නේ වර්ෂ 2044- 2045 වූ අනාගත කාල වකවානුව ගැනය.. . තව අවූරුදු 27 ක් හෝ 28ක් ඇතුලත ,විද්‍යාත්මක, තාක්ෂණ හා කාලගුණ විපර්යාසය මෙන්ම ,අධික ජනගහනය, දුෂණය,සමග ඇතිවන ඝට්ටන “රෙඩි ප්ලේයර් වන්” හරහා ස්පීල්බර්ග් හරි අපූරුවූ මනංකල්පිත කථාවක් නිර්මාණය කර ඇත. පරිගණකමය වශයෙන් නිර්මාණය කරන ලද සිද්ධින් යථාර්ථවාදී අත්දැකීම් හා සංසදනය කරන අතර, එය තම දෛනික රාජකාරීන් මෙන්ම, අධ්‍යාපනයට හා විනෝදයට බලපාන අයුරු “රෙඩි ප්ලේයර් වන්” චිත්‍රපටය මගින් කුතුහලය මුසු මෙන්ම , ත්‍රාස ජනකවද ඉදිරිපත්කර ඇත.

එමෙස්ට් ක්ලයිම්ගේ නවකථාවක් පදනම් කර ගත් “රෙඩි ප්ලේයර් වන්” හී තිරනාටකය එමෙස්ට් ක්ලයින් සමග සැක් පෙන් රචනා කර ඇත.
ටයි ෂෙරීඩන් ,ඔලිවියා කූක්, බෙන් මෙන්ඩල්සොන්,ටී.ජේ.මිලර්,සිමොන් පෙග්,මාක් රිලාන්ස් මෙහි ප්‍රධාන චරිත රගපානු ඇත.

ඩොලර් මිලියන 175ක ඇස්තිමෙන්තුවකට නිර්මාණය වූ මෙම චිත්‍රපටය, විනාඩි 140ක ධාවන කාලයකින් යුක්තය.

“රෙඩි ප්ලේයර් වන්” වෝනර් බ්‍රදර්ස් සමාගම විසින් මාර්තු 11 වනදා සිට ලොව වටා බෙදා හරින ලදී.

ස්ටීවන් ස්පීල්බර්ග් ගේ 2017 වර්ෂයේ නිපදවූ “ද පොස්ට්” චිත්‍රපටයෙන් පසු නිර්මාණය කල අලුත්ම චිත්‍රපටය “රෙඩි ප්ලේයර් වන්” IMB අගය 8/10 ත්, රොටෙන් ටෝමටෝස් ප්‍රතිශතය 83%ක් සහ එම්පයර් අගය 4/5 මේ වන විටත් ලබා තිබේ.

-ශෝන් මැක්ස්මස් දිසානායක –

http://baiscope.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here