දැන් පෙන්වන ඉංග්‍රීසි චිත්‍රපටය – “අ රින්කල් ඉන් ටයිම්”

0
398

දැන් පෙන්වන ඉංග්‍රීසි චිත්‍රපටය – “අ රින්කල් ඉන් ටයිම්” (Now Showing Wrinkle in Time”)

මැඩලින් එල් ඉල්ගේ 1962 දී ලියු නවකථාවක් පදනම් කර ගත් අවා ඩුවෙර්නේ අධ්‍යක්ෂණය කල “අ රින්කල් ඉන් ටයිම්” චිත්‍රපටය 3 ඩී තාක්ෂණයෙන් දැන් වැල්ලවත්ත සැවෝයි සිනමා හලේ සහ කොල්ලුපිටිය ලිබර්ටි සිනමා හලේ තිරගත වේ.

අවුරුදු 13 වයස ඇති මෙග් මරි නම් කුඩා ගැහැණු ළමයෙකු වටා ගෙතුණු මෙම කථාව විද්‍යාත්මක පසුබිමක මෙන්ම, ත්‍රාසය, කුතුහලය,හා විනෝදය සමිශ්‍ර වූ සිනමා පටයක් විය. මෙග් මරි තරමක් කරදර කාර, එමෙන්ම හිතුවක්කාර සිසුවියක් ලෙස පාසලේ ගුරුවරු හා ළමයි අතර ප්‍රසිද්ධය. එහෙත් ඇයගේ දෙමාපියන්, ඇය තරමක් හැගීම්බර මෙන්ම,ශ්‍රේෂ්ඨ දෑ කිරීමට හැකියාවක් ඇති බව දැන සිටියෝය.ඇයගේ පවුලේ සාමාජීකයන් වූයේ ඇගේ විද්‍යාත්මක දැනුමක් තිබු මවත්, එලෙසම ඇගේ විද්‍යාත්මක දැනුමක් තිබු එහෙත් දැනට අතුරුදහන් වී සිටින පියාත්, ඇගේ අවුරුදු 5ක් වයසැති බාල සොහොයුරා වූ,චාල්ස් වොලස් මුරේ ය. ඔහුටද අසාමාන්‍ය දක්ෂකමක් තිබුණි .ඔහුට ඔහුගේ සොහොයුරිය වූ මෙග් මරි ගේ සිත නිවැරදිව කිවීමේ හැකියාවය.

එක් මේඝ කුණාටු සහිත රාත්‍රියක ,මෙග් මරි ,චාල්ස් වොලස් මුරේ ,සහ ඔවුන්ගේ මව,හා අල්ලපු ගෙදර නිවැසියා වූ මිසිස් වට්සිට් සමග කථා කරමින් සිටින විට ,ඔවුන්ව එක්වරම සිහි නැති විය පසුවදා ඔවුන් පියවි සිහියට එන විට , ඔවුන් තම අතුරුදහන් වූ පියා සොයා යන බවක් මෙග් ට වැටහුණි.ඔවුන් පසුව කැමසොට්ස් ග්‍රහ ලෝකයට ඇතුළු වූ අතර, එහි තම නැතිවූ පියා සිටින බව දැනගති. ඉන් පසු ඉමහත්, අද්භූත සිදුවීම් රැසක් සිදුවන අතර, දෙමාපියන්ට විසදීමට නොහැකි වන සමහර ගැටලු,කුඩා දරුවන්ට විසදීමට හැකි බව මෙග් මරි සහ චාල්ස් වොලස් මුරේ එම සිදුවීම් තුලින් පෙන්වා දෙන්නට විය.

ඔප්‍රා වින්ස්ප්රේ ,රීසී විතස්පූන්,මින්ඩී කාලින් ,ගුගුම්බතා රෝ ,මයිකල් පෙන්නා ,ස්ටෝම් රීඩ්,සැච් ගැලීෆිඇනකිස් ,සහ ක්‍රිස් පයින් ප්‍රධාන චරිත රගපාන “අ රින්කල් ඉන් ටයිම්” විනාඩි 119 ක් කාලයකින් යුක්තය. මෙය ඩොලර් මිලියන 100 ක ඇස්තමෙන්තුවකින් නිෂ්පාදනය වුවකි . “අ රින්කල් ඉන් ටයිම් ” වෝල්ටර් ඩිස්නි පිච්චර්ස් හා විතකර් එන්ටටෙන්මන්ට් නිෂ්පාදනයකි. වෝල්ටර් ඩිස්නි මෝෂන් පිච්චර්ස් සමාගම මෙය ලොව වටා බෙදා හැරීය.

-ශෝන් මැක්ස්මස් දිසානායක –

 

http://baiscope.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here