“නිම්මි හරස්ගම” අමෙරිකානු සිනමා උළෙලක

0
356

“නිම්මි හරස්ගම” අමෙරිකානු සිනමා උළෙලක (Nimmi Harrasgama in Amarican Film Festival)

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වුන 11වන ඉන්දියානු සිනමා උළෙල සඳහා ශ‍්‍රී ලංකා සිනමා නිර්මාණයක් වූI Too Have A Name (Enakkum Oru Per) නියෝජනය කරමින් එහි ප‍්‍රධාන චරිතය රගපැ නිම්මි එම සිනමා උළෙලට සහභාගී විය . මෙමසිනමා උළෙල පවත්වනු ලබන්නේ අමෙරිකාවේ ජීවත්වන ඉන්දියානු ව්‍යාපාරික ප‍්‍රජාව සහ විධායක ශ්‍රේණිවල රැකියාවන් හි නියුතු අය සහ ඉන්දියානු ඩෑස්පෝරාව අතර ඉන්දියානු සංස්කෘතියෙහි නොපෙනෙන ඉසව් සිනමාව තුලින් ප‍්‍රදර්ශණය කිරීම සඳහාය.

මෙම සිනමා උළෙල ආරම්භවූයේ පසුගිය අප‍්‍රියෙල් 09වන දිනවූ අතර එහි ආරම්භක සිනමා නිර්මාණය ලෙස අනුරාග් කාශ්‍යප අධ්‍යක්‍ෂණය කළ චිත‍්‍රපටය ප‍්‍රදර්ශණය විය. එහි අවසන් දිනය වූ අප‍්‍රියෙල් 14 ප‍්‍රදර්ශණය වූයේ “මිඞ්නයිට් චිල්රන්ස්ය” ලාංකික සිනමා අධ්‍යක්‍ෂවරියක වන සුභා ශිවකුමාරන් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද I Too Have A Name (Enakkum Oru Per)චිත‍්‍රපටය ද මෙම සිනමා උළෙල සඳහා තෝරාගෙන තිබීම විශේෂත්වයක් විය. සුභා යාපනයේ ඉපිද රටවල් කිහිපයක වාසය කිරීමෙන් අනතුරුව ඇය මේ වනවිට අමෙරිකාවේ පදිංචිව සිටී. ඇය හාවර්ඞ් විශ්ව විද්‍යාලයේ දේශපාලනය සහ ජන ප‍්‍රතිපත්ති පිළිබඳ පිළිබඳ උපාධි ධාරිණියකි.

I Too Have A Name (Enakkum Oru Per) ඇගේ ප‍්‍රථම සිනමා නිර්මාණය වේ. මෙහි නිම්මි හරස්ගම කන්‍යා සොහොයුරියකගේ චරිතය රගපානු ලබන අතර, සුභා විජේසරිවර්ධන මෙහෙකාරියකගේ චරිතය රගපායි . මෙම චිත‍්‍රපටය 2012දි බර්ලින් සිනමා උළෙල ඇතුලූ රටවල් කිහිපයකම සිනමා උළෙලවල් නියෝජනය කර ඇත. මෙම චිත‍්‍රපටය නිර්මාණය කර ඇත්තේ 2011දි වන අතර කැමරා-කාලිංග දේශප‍්‍රියගෙනි. තිර රචනය සහ අධ්‍යක්‍ෂණය- සුබා ශිව කුමාරන්ගෙනි. නිෂ්පාදනය- සැමුවෙල් හොල්ට් ගෙනි .

නිම්මි හරස්ගම යනු සිංහල සිනමාවේ සම්මානනීය රංගන ශිල්පිණියක වේ.[2] 1997 වර්ෂයේ තිරගත වූ මදර් තෙරේසා ඉංග්‍රීසි චිත්‍රපටයෙහි සහය රංගනයකට එක් වෙමින් ප්‍රථමවරට රිදී තිරය වෙත පා තබන ඇය 2003 වර්ෂයේ තිරගත වූ ඉර මැදියම සිංහල චිත්‍රපටයෙහි ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින් ශ්‍රී ලාංකික සිනමාව වෙත අවතීර්ණ විය. එම චිත්‍රපටයෙහි රංගනය උදෙසා ඇය 2004 වසරේදී ස්පාඥ්ඥයේ Las Palmas ජාත්‍යන්තර සිනමා උළෙලදී හොඳම නිළිය සම්මානය හිමිකර ගන්නා ලදී.

ජෝ අබේවික‍්‍රමයන්’ නිසල දිය පොකුණක් නම් ‘නිම්මි හරස්ගම’ කියන්නේ ලාවා ගලන ගිනිකන්දක් වගේ. ‘ඉර මැදියම’ චිත‍්‍රපටයේ, චමරිගේ චරිතය තුළින්, ඇය එම චරිතය අභ්‍යන්තරය තුළ සැඟවී ගත් ආතතිය, බාහිර චලන මගින් ඇගේ හැම ඉරියව්වකින්ම මතු කළා.

රංගනයට එක්වීමට පෙර තිර රචනය කියැවීමේදී ඇය එහි දෙබස් සියල්ලම ඉංග‍්‍රීසි අකුරෙන් ලියා ගත්තා. ඊළ`ගට දර්ශන තලයට යන්නට පෙර ඇය ඒ සෑම දෙබසක්ම නිවැරැුදිව උච්ඡුාරණය කරමින්, දෙබස්වලට අදාළ කොටස් ර`ගපා පෙන්වූවා. කඳු`ඵ උණන තැන්වලදී ඇය කඳුළු සැලූවා. රූපගත කිරීම්වලදී මා බොහෝවිට කළේ ඇගේ ඇතැම් භාවයන් පාලනය කරමින් නාට්‍යාතිශය තත්ත්වයකින් මතුවීම වැළැක්වීම පමණයි.

සන්ධ්‍යා රාණිගේ දුව ප‍්‍රියා හැටියට රංගනයට එක්වූ ‘නිම්මි හරස්ගම’ එම චරිත නිරූපණය තුළිනුත් පුරුෂයෙකු ලෙස මා තුළ පවතින සීමාසහිත බවට අභියෝග කළා. ඇයගේ අතිශය නිදහස්කාමී රංගනය තුළින් පුරුෂයෙකු ලෙස මා සිටින තැන මටම ප‍්‍රත්‍යක්‍ෂකර දුන්නා. ඇය එය කළේ මගේ තිර පිටපතේ එන ප‍්‍රියාගේ චරිතයට ඇගේ ජීවිතයෙන් වැඩි ස්වාධීන බවක් එක්කරමින්.

Home

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here