”වැලන්ටයින් සමරන්න තවම විශේෂ කෙනෙක් හම්බවෙලා නෑ” – කාවින්ද්‍යා අධිකාරී

0
64
kavindya adikari article news baiscope cinema news

kavindya adikari article news baiscope cinema news

”මම ආදරේ කරන කෙනෙක් මාව රිදෙව්වොත් නම් මල්ලි එයාව මරන්න වුණත් බැරිකමක් නැහැ”
”මට ඒ ආදරේ ගැළපුනොත් අම්මා අකමැති වෙන එකක් නැහැ”
”අකමැති කෙනෙක්ව බඳින්න කියලා අම්මා බලකරන්නෙ නැති වෙයි”
ජනප්‍රිය ගායක යුවළක්වන අතුල අධිකාරී සහ සමිතා මුදුන්කොටුවගේ වැඩිමහල් දියණියවන කාවින්ද්‍යා අධිකාරී ආදරවන්තයින්ගේ දිනය දවසේ දී ආදරය සම්බන්ධයෙන් කතා කරලා තිබෙනවා. ඒ මෙන්න මේ විදිහට

කාවින්ද්‍යාට මෙවර වැලන්ටයින් දිනය විශේෂයි කියලා ආරංචියි… අද දවසත් විශේෂ වෙයි නේද..?
ඇත්තටම කිව්වොත් මට අද දවස එහෙම විශේෂ දවසක් නෙමෙයි. වැලන්ටයින් සමරන්න කියලා තවම විශේෂ කෙනෙක් හම්බෙලත් නැහැ. ඒ නිසා හැමදාම මේ දවස මම සමරුවේ මට ගොඩක් ආදරේ කරන අම්මයි මල්ලියි එක්ක තමයි. අදත් එහෙමයි. ඒ දෙන්නා තමයි මට විශේෂ.

මිට කලින් විශේෂ කෙනෙක් එක්ක කාවින්ද්‍යා වැලන්ටයින් සමරලා නැහැ කිව්වොත් බොරුවක් නේද..?
මම නම් වැලන්ටයින් සමරලා නැහැ විශේෂ කෙනෙක් එක්ක.

එතකොට ඒ දවසට තෑගි ලැබිලත් නැද්ද.. ඔබ තෑගී හුවමාරු කරගෙනත් නැද්ද..?
මම තෑගි දීලා නැහැ. නමුත් මට නම් ඕන තරම් තෑගි ලැබිලා තියෙනවා. ඒ තෑගී අතරේ වැඩිපුරම තිබුණේ රෝස මල්. ඒ හැම තෑග්ගක්ම මට ලැබුණේ මට ආදරේ කරන රසිකයින්ගෙන්. ඒ තෑගි මට විශේෂයි. මොකද මට ආදරේ නිසානේ එවන්නේ.

විශේෂ කෙනෙක් එක්ක ආදරේ බෙදා ගන්න හිත ලෑස්ති නැහැ කිව්වාට මේ දවස්වල අලුත් ආදරයක පැටලිලා කියනවා..
එහෙම නැහැ. මම හිතනවා විශේෂ කෙනෙක් එක්ක ආදරේ බෙදා ගන්න තව කාලය තියෙනවා කියලා. මට තවම වයස අවුරුදු 22යි.

විශේෂ කෙනෙක්ට කැමති වෙලා ඒ ආදරේ අම්මට නොකියා ඉඳලා තියෙනවද..? එහෙම නැති නම් අම්මා අකමැති නිසා ආදරේට තිත තියලා තියෙනවද..?
මම හැමදෙයක්ම අම්මට කියනවා. නොකියන දෙයක් ඇත්තටම නැහැ. මගෙන් ආදරේ ඉල්ලලා මමත් ආදරේ කළොත් ඊට කලින් මම අම්මට කියනවා. මම හිතනවා මට ඒ ආදරේ ගැළපුනොත් අම්මා අකමැති වෙන එකක් නැහැ කියලා. හැමෝටම වඩා දරුවන් ගැන හිතන්නේ අම්මලා. හැමෝටම වඩා දරුවන් ගැන දන්නෙත් අම්මලා. මම ගැන හොඳටම දන්න කෙනා තමයි මගේ අම්මි. ඉතින් මම කිසිම දෙයක් එයාට හංගන්නේ නැහැ.

කාවින්ද්‍යා ආදරේ කරන පෙම්වතාට අම්මා විරුද්ධ වුණොත් ඔබ මොකද කරන්නේ. පෙම්වතාව ද තෝරා ගන්නේ අම්මාව ද..?
මම තෝරා ගන්නේ අම්මාව. මම ආදරේ කරන කෙනෙකුට අම්මා අකමැති වුණොත් දෙපාරක් හිතන්නේ නැහැ මම ඒ සම්බන්ධයට අකමැති වෙනවා. හෝ ඒ සම්බන්ධය අතහරිනවා.

කාවින්ද්‍යා පෙම්වතා හෝ සහකරු කරගන්න බලාපොරොත්තු වෙන්නේ මොන වගේ කෙනෙක්වද..?
මට ගොඩක් ආදරේ කරන කෙනෙක්ව තමයි මට වැදගත් වෙන්නේ. ඒ වගේම මගේ කලාකටයුතුවලට නිදහස දෙන කෙනෙක් වෙන්නත් ඕන. ඒ හැමදේකටම මට උදව් කරන කෙනෙක් හිටියොත් මට නිදහසේ කලාකටයුතු කරගන්න පුළුවන්. ඒ නිසා ඒ සුදුසුකම් තියෙන්න ඕන.

මුලින්ම ඔබට තරුණයෙක් ආදරෙයි කිව්වේ..?
මට අවුරුදු 17ක් විතර තියෙද්දී. මම හරිම ලැජ්ජාශීලි කෙනෙක්. ඒ නිසා ඒ වචන ඇහෙනවත් එක්කම ලැජ්ජාවෙන් ඇඹරිලා එතනින් දුවලා ගිහින් හැංගුනා.

ඔබ පෙම්වතියක් වෙද්දී මල්ලිගේ ප්‍රතිචාර කොහොමද..?
එයා තවම පුංචියිනේ. ඒ නිසා එයා බලන්නේ එයත් එක්කත් විනෝද වෙලා ඉන්න කෙනෙක් මට ආදරේ කරනවට. මම ආදරේ කරන කෙනෙක් මාව රිදෙව්වොත් නම් මල්ලි එයාව මරන්න වුණත් බැරිකමක් නැහැ. මොකද එයා ඒ තරමටම මට ආදරෙයි.

කලවයස හරි විවාහ වෙන්න කියලා අම්මා ඔබට මනමාලයෙක් හොයලා දුන්නොත්..?
අම්මා හොයලා දුන්නොත් කෙනෙක්ව එයා හොඳද කිය

ලා බලනවා. මම අකමැති කෙනෙක්ට අම්මා විවාහ වෙන්න කියලා බලකරන්නෙත් නැති වෙයි.

තවත් සිනෙමා තොරතුරු සදහා

Tags –>Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,sinhala cinema gossip,sinhala cinema news,sinhala cinema gossip,sinhala cinema song,songs,baiscope

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here