Velaikkaran Sinhala Subtitle – වේලෛකාරන් සිංහල උපසිරැසි (2017) [ධනපති පංතියේ සූරාකෑමට ලක් වන මධ්‍ය පංතිය]

3
1382
Velaikkaran Sinhala Subtitle

(Velaikkaran Sinhala Subtitle)

අද සිංහල උපසිරැසි ලබා දෙන්න යන්නේ වේලෛකාරන් චිත්‍රපටියටයි, අරිවු යනු නිර්ධන පංතියේ ජීවත් වෙන තරුණයෙකි, ඔහුගේ පළාතේ කාසි නම් මැරයෙක් එහි ජීවත් වන අයව තමන්ගේ වාසියට යොදා ගනිමින් ජීවිතය ගෙනි යනවා. මෙයට විරුද්ධ වන අරිවු කරන්නේ ඒ වෙනුවෙන් ඒ පළාතේ අයට පමණක් සවන් දිය හැකි ගුවන් විදුලියක් ආරම්භ කර ජනතාව දැනුවත් කරන එකයි, නමුත් මුලින් කාසිගේ කැමත්ත ඇතිව ගුවන් විදුලිය ආරම්භ කළත් පසුව කාසි විසින්ම එම ගුවන් විදුලි සේවය නවතා දමනවා. ඉන් පසුව සෆ්රෝන් නම් ආයතනයේ සේවය බැදෙන අරිවුගේ ජීවිතය වෙනස් අතකට හැරෙනවා. ඉතිං කතාවේ අවසානය ඉතාමත් රසවත් වෙයි. එහෙම නම් චිත්‍රපටිය නරඹන මෙන් ඉල්ලා සිටිනවා.

ලොව උසස්ම වචනය ක්‍රියාවයි, නිර්ධන පංතියේ අය මධ්‍යම පංතිය දක්වා උසස් වුණොත් ඊළග පරපුර ධනවත් පංතිය දක්වා වර්ධනය වෙයි කියා මා සිතුවත් නමුත් අපගේ වර්ධනය මැඩපවත්වන්න සුළුතරයක් වූ ධනපති පංතිය බලා සිටිනවා. නිර්ධන පංතියේ ඉන්න අප අපගේ තත්වය දැනගෙන නිර්ධනයන් ලෙසම ජීවත් වෙනවා. නමුත් අහිංසක මධ්‍යම පංතිය කවදා හෝ දියුණු වෙන්න පුළුවන් කියන මතයෙන්ම සිහින දකිනවා..

වෙනස… එයාලා ආවොත් වෙනස් වෙයි, මෙයාලා ආවොත් වෙනසක් ඇති කියා සිතන්නේ නැතිව ප්‍රථමයෙන් තමන් වෙනස් විය යුතුයි එවිටයි අනෙක් සියල්ල වෙනස් වන්නේ..

2017 වර්ෂයේ දී  Thriller Action වර්ගීකරණය යටතේ තිරගත වූ වේලෛකාරන් (Velaikkaran) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන ලද්දේ Mohan Raja විසිනි. මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවන ලද්දේ Sivakarthikeyan හා Nayanthara යන අයයි. මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා වූයේ Anirudh Ravichandar හා මෙහි කැමරාකරණය Ramji හට හිමි වී තිබුණි.

විනාඩි 160ක ධාවන කාලයකින් යුක්ත මෙම චිත්‍රපටියට IMDb විසින් ලකුණු 7.8/10ක් ලබා දී තිබුණ අතරම Google භාවිතා කරන අයගෙන් 89%ක් Like කර තිබුණි.

එහි පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න

සැ.යු – SRT File නාමය ගූගල් සර්ච් කිරීමෙන් අදාළ චිත්‍රපටියේ ටොරන්ට් ෆයිල් එක ලබාගත හැක.

සිංහල උපසිරැසි සදහා මෙතැන ක්ලික් කරන්න

තවත් උපසිරැසි
Aruvi Sinhala Subtitle – අරුවි සිංහල උපසිරැසි (2017) [කුරිරූ සමාජය]
Aram Sinhala Subtitle – අරම් සිංහල උපසිරැසි (2017) [දේශපාලකයන්ට විරුද්ධ වූ ගැහැණිය]
Renegades Sinhala Subtitle – රෙනෙගේඩ්ස් සිංහල උපසිරැසි (2017) [සැගවුණු රත්තරං]
Tokyo Ghoul Sinhala Subtitle – ටෝකියෝ ගුල් සිංහල උපසිරැසි (2017) [මිනී කන භූතයෝ]

Tags –> Velaikkaran Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here