Hichki හොරකමක ප්‍රතිඵලයක්ද? – Video

0
60
Hichki movie rani mukherjee upcoming movie

Hichki movie rani mukherjee upcoming movie

චිත්‍රපට කතා කොපි කිරීම, තිර රචකයාගේ අනුදැනුමෙන් තොරව චිත්‍රපට නිර්මාණය කිරීම වැනි සිදුවීම් බොලිවුඩ් තිරය පිටුපස ඇතැම් විට සිදු වෙනවා.

මෙවැනි දේ සිදුවූ විට එකිනෙකාට දොස් පවරා ගැනීම්, ඒවාට එරෙහිව නඩු මගට බැසීම් වැනි කටයුතු ද සිදු වෙනවා.

සුපිරි නිළි රාණි මුඛර්ජි මෑතකදී රඟපෑ ‘Hichki’ නම්වූ අලුත්ම චිත්‍රපටයේ තිර රචනය ද ඒ අයුරින් සොරකම් කළ එකක් බවයි බොලිවුඩ්පුරයෙන් ලැබෙන ආරංචියක සටහන් වන්නෙ.

‘Tourette syndrome’ නම්වූ වචන උච්චාරණය නිවැරැදිව කළ නොහැකි රෝගී තත්ත්වයකින් පෙළෙන ගුරුවරියක පිළිබඳ හද සසල කරවන කතාවක් තමයි, ‘Hichki’ චිත්‍රපටයට පාදක වී ඇත්තේ.

මේ චිත්‍රපට කතාවේ රචකයා නිශාන්ට් කෞෂික්. ඔහු ලියූ ‘My Father Is a Hero’ නම් වූ කතා පුවත කොපිකර ‘Hichki’ චිත්‍රපටය නිර්මාණය කර තිබෙන බවයි රචකයා පවසන්නේ.

ඔහු තවදුරටත් කියා සිටින්නේ ‘Hichki’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සිද්ධාර්ත් පී. මල්හොත්‍රා තමන් හමුවට පැමිණ එක්තරා චරිතයක් කේන්ද්‍ර කරගෙන චිත්‍රපට තිරනාටකයක් ලියා දෙන්නැයි තමන්ගෙන් ඉල්ලා සිටි බවයි.

“ඒ අනුව මම තිර නාටකයක් ලියා සිද්ධාර්ත්ට භාර දුන්නා. මාස කීපයක්ම ගතවුණත්, එයාගෙන් මට උත්තරයක් ලැබුණේ නැහැ. තිර රචනය තෝරා ගත්ත ද, එහෙම නැතිනම් ඒක අහක දැම්ම ද කියලවත් දැන්නුවෙ නැහැ.

මෑතකදී මම දැක්කා, ‘Hichki’ කියන චිත්‍රපටයක ට්‍රේලරයක්. එතකොට මට තේරුණා මම ලියපු කතාවට මේ චිත්‍රපට කතාව ගොඩක් සමානයි කියලා.” නිශාන්ට් කෞෂික් එලෙස පවසමින් තමන් විසින් ලියන ලදුව සිද්ධාර්ත් මල්හෝත්‍රාට භාර දුන් තිර රචනයේ පිටපතක් සිය ට්විටර් පිටුවට ද ඇතුළත් කර තිබෙනවා.

තවත් සිනෙමා තොරතුරු සදහා

Tags –>Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,sinhala cinema gossip,sinhala cinema news,sinhala cinema gossip,sinhala cinema song,songs,baiscope

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here