2017 වසර තුල ලාංකේය සිනමා ශාලාවල තිරගත කල සිංහල චිත්‍රපට නාමාවලිය.

0
198

2017 වසර තුල ලාංකේය සිනමා ශාලාවල තිරගත කල සිංහල චිත්‍රපට නාමාවලිය.( Sinhala Films relesed on last year )

2017 වසර තුල සිංහල චිත්‍රපට 25 ක් ප්‍රදර්ශනය විය ඒවා මෙලෙස වේ.

ආලෝකෝ උදපාදී – චත්‍ර වීරමන්
රන්සයුර – සුදේශ් වසන්ත පීරිස්
ප්‍රේමය නම් – කල්පන හා වින්දන ආරියවංශ
සුළඟ ගිණි අරන් -විමුක්ති ජයසුන්දර
කොට උඩ එක්ස්ප්‍රස් -ඒ.ඒ.ජුනයිඩීන්

බන්ධනය-උදය කාන්ත වර්ණසූරිය
නිලංජනා – නාලක විතානගේ
පැණි මකුළුවෝ-ඉසුරු වීරසිංහ
අලි කථාව -සුනිල් ආරියරත්න
නිම්නයක හුදකලාව -විශ්වනාත් බුද්ධික

නිනෝ ලයිව් -තිසර ඉඹුලාන
28 – ප්‍රසන්න ජයකොඩි
හිම තාරකා -රොඩ්නි විදාන පතිරණ
දෙවැනි වරම-ජී නන්දසේන
ධර්ම යුද්ධය – චෙයියාර් රවී

පුංචි අපිත් බය නැහැ දැං – ප්‍රියන්ත පතිරගේ
හීන හොයන සමනල්ලු -රොහාන් පෙරේරා
සෙල්ලම් නැත්නම් ලෙල්ලම් -තිස්ස ඩයස්
අප්පට සිරී – ලාල් ප්‍රියදේව
ස්වරූප -ධර්මසේන පතිරාජා

දේදුනු ආකාසේ -ප්‍රියන්ත කොළඹගේ
කාල -සුජීව ගුණරත්න
සීමා නෑ ආකාසේ – නිහාල් බණ්ඩාර
පහ සමත් -ජයප්‍රකාශ් සිවගුරුනාදන්
ඩොක්ටර් නවරියන් -රන්ජන් රාමනායක

2017 වසරේ සිනමාවට ආ අධ්‍යක්ෂවරුන්
ආලෝකෝ උදපාදී – චත්‍ර වීරමන් , ප්‍රේමය නම් කල්පන හා වින්දන ආරියවංශ,නිනෝ ලයිව් තිසර ඉඹුලාන, පුංචි අපිත් බය නැහැ ප්‍රියන්ත පතිරගේ, දෙවෙනි වරම ජි නන්දසේන,සෙල්ලම් නැත්නම් ලෙල්ලම් තිස්ස ඩයස්,හීන හොයන සමනල්ලු රොහාන් පෙරේරා,කාල සුජීව ගුණරත්න ,සීමා නැහැ ආකාසේ නිහාල් බණ්ඩාර

සිංහල සිනමාව යනු සිංහල භාෂාමය සිනමාවයි.

පළමුවන අවුරුදු 9 තුළ චිත්‍රපට බොහොමයක් නිශ්පාදනය කෙරුනේදකුණු ඉන්දියාවෙහිදී ය. එම නිසාම දකුණු ඉන්දියානු ආභාශය ඒ තුළ රෑඳී ඇත. පුරෝගාමී චිත්‍රපට නිශ්පාදක ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් 1956 දී නිශ්පාදිත රේඛාව චිත්‍රපටය සම්පූර්ණයෙන්ම චිත්‍රාගාර වලින් පිටත දී නිශ්පාදිත සැබෑ සිංහල කථා සාරයක් අඩන්ගු චිත්‍රපටයකි. ජාත්‍යන්තර හා දේශීය වශයෙන් අගය කළද, චිත්‍රපට නරඹීම සඳහා ප්‍රමාණවත් සංඛ්‍යාවක ප්‍රේක්ෂකයන් රට තුළ නොමති වූ නිසා රේඛාව ආදායම් අතින් ඉතා අසාර්ථක එකක් විය. සංදේශය හා කුරුලු බැද්ද යන චිත්‍රපට වලින් යම්කිසි උත්සාහයක් දැරුවද, 60 දශකයේ මුල් භාගයේ දී ඉන්දීය ආරයේ කථා සාරයන් අඩංගු චිත්‍රපට නිශ්පාදනය විය.

නැවතත් 1964 වසරේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තයේ උන්නතිය සඳහා ගම්පෙරළිය චිත්‍රපටය නිශ්පාදනය කළ අතර මෙය ගීත වලින් තොර පළමු සිංහල චිත්‍රපටය වේ. තවද මෙම චිත්‍රපටයද රේඛාව මෙන් චිත්‍රාගාර වලින් බැහැරව නිපදවන ලද්දකි. එමෙන්ම සිංහල සංස්කෘතිය පිළිබිඹු කළ චිත්‍රපටයක් ලෙස මෙයට ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබින. ගම්පෙරලිය නරඹන්නන්ගේ හා විචාරකයන් යන දෙපිරිසම එක හා සමානව අගයන ලදී. මෙම ඉදිරි ගමනේ ප්‍රතිඵලයක් ලෙස 60 දශකයේ අග භාගයේ දී මහාචාර්ය්‍ය සිරි ගුණසිංහයන්ගේ සත් සමුදුර අතුලුව කලාත්මක චිත්‍රපට කිහිපයක්ම බිහිවිය.

1970 දශකයේදී දක්ෂයින් බොහෝ දෙනෙකු ඉදිරියට ආ අතර, වාණිජ චිත්‍රපට ඉන්දියානු චිත්‍රපට වලින් සොරා ගැනීම දිගටම කරගෙන යන ලදී. 1979 වසරේ දී නිශ්පාදිත වසන්ත ඔබේසේකරගේ පළමුවන චිත්‍රපටය වන, ඉතා හොඳ ප්‍රතිඡාරයක් ලබූ වෙස්ගත්තෝ හා පළගැටියෝ යන චිත්‍රපට ද තවත් බොහොමයක්ද මීට අතුලත් වේ.මෙම අවදියේ දී ඉදිරියට ආ තවත් අධ්‍යක්ෂකවරයෙකු නම්, ධර්මසේන පතිරාජයි.බඹරු ඇවිත් හා අහස් ගව්ව වනි චිත්‍රපට වලින් නගරයේ තරුණ ජීවිතවල ඇති ආතතිය පිලිඹඳව පරික්ෂා කරන ලදී. විශිෂ්ඨ කලාකරුවෙකු හා කවියෙකු වූ මහගම සේකරයන්ගේ 1970දී නිශ්පාදනය කළ, ඔහුගේ එකම නිශ්පාදනය වූ තුන්මං හංදිය චිත්‍රපටයද ශ්‍රී ලාංකීය සිනමාවේ ඉතා වදගත් චිත්‍රපටයකි.ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳ වන, සුමිත්‍රා පීරිස් මහත්මියද, 70 දශකයේ දී කාන්තාවන්ගේ ගැටළු පිළිබඳව සිත යොමුකර නිශ්පාදන කළ අතර ගැහැනු ළමයි සහ ගඟ අද්දර ඒවාට නිද්සුන් වේ.

ඊළඟ දශක කීපයේ දී තිස්ස අබේසේකර, ප්‍රසන්න විතානගේ , විමුක්ති ජයසුන්දර වැන්නෝ මෙම ව්‍යාපාරයට අලුතින් ජීවය පිඹීමට උත්සාහ දරා ඇත. විතානගේ ගේ පුරහඳ කළුවර හා විමුක්ති ජයසුන්දර ගේ සුළඟ එනු පිණිස යන චිත්‍රපට ලංකාවේ නිශ්පාදිත හොඳම චිත්‍රපට ඝනයට වැටේ. තවද, 2005 Cannes චිත්‍රපට උළෙලේදී සුළඟ එනු පිණිස චිත්‍රපටය Camera d’Or සම්මානයෙන් පිදුම් ලැබීය.

පසුගිය අවුරුදු වලදී පවුල් සම්බන්ධතා, ගබ්සාව හා උතුරේ දෙමළ ත්‍රස්තවාදීන් හා හමුදාව අතර ගටුම් යන අදිය පිළිබඳ හා එවයේ ප්‍රතිඵල පිළිබඳව චිත්‍රපට මගින් විසදුම් සෙවීමට උත්සාහ දරා ඇත. විශේෂයෙන්ම අශෝක හඳගමයන් මේ විශයන් තොරගනීම නිසා විවේචනයට භාඡනය වී ඇත

http://baiscope.com

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here