සඟරාවට අනූව වසරේ පුද්ගලයා – Photos

0
83
Taylor Swift new song The Silence Breakers

Taylor Swift new song The Silence Breakers

ලිංගික අතවර සහ හිරිහැරවලට එරෙහිව නැගී සිටි “නිහඬ බව බිඳින්නෝ” (The Silence Breakers ) නමින් හඳුන්වන කාන්තාවන් පිරිසක් “වසරේ පුද්ගලයා” ලෙසින් ඇමෙරිකාවේ ප්‍රකාශයට පත් කෙරෙන ටයිම් සඟරාව විසින් නම් කරනු ලැබ තිබේ.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, Time සඟරාවේ “වසරේ පුද්ගලයා” අංශයේ දෙවෙනි ස්ථානය හිමිකරගෙන තිබීම විශේෂත්වයකි .

හොලිවුඩ් නිෂ්පාදක හාවි වයින්ස්ටයින් ට එරෙහිව Ashley Judd නැමැති හොලිවුඩ් නිළිය ලිංගික අතවර චෝදනා එල්ල කිරීමෙන් අනතුරුව MeToo නම් හෑෂ්ටෑගය යටතේ බොහෝ කාන්තාවෝ තමන් මුහුණ දුන් අතවර පිළිබඳව හෙළිදරවු කිරීමට පෙළඹුනහ. මේ සමගම ලෝ ප්‍රකට ගායිකා Taylor Swift ද මෙම ව්‍යාපාරය සමග එක්වූවාය.

සිය අත්දැකීම් හෙළි කිරීමට ඉදිරිපත් වූ සිය ගණනක් දිරිමත් කාන්තාවන් සහ ඇතැම් පුරුෂයන් විසින් එම ව්‍යාපාරය ආරම්භ කරනු ලැබූ බව ද කතුවරයා පෙන්වා දෙයි.

ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන්ට සිය අත්දැකීම් හෙලිකිරීම පිණිස #MeToo සහයෝගිතා ව්‍යාපාරයක් බවට පත් වූ බව ද Time සඟරාව පෙන්වා දෙයි.

එම ව්‍යාපාරයට නායකයෙකු හෝ පිළිගත් ප්‍රතිපත්ති මාලාවක් නොවූ බව පවසන සඟරාව, සියලු ජනවර්ගවලට, සියලුම පන්තිවලට සහ සියලුම වෘත්තීන්ට අයත් කාන්තාවන් එයට සම්බන්ධ වූ බවත් සඳහන් කරයි.

Taylor Swift

 

තවත් සිනෙමා තොරතුරු සදහා

Tags –>Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,sinhala cinema gossip,sinhala cinema news,sinhala cinema gossip,sinhala cinema song,songs,baiscope

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here