වසර දහතුනක් ආදරය කළත් කසාද බදින්න වාසනාව නැති මුතූ…

0
188
muthu tharanga thirteen years love article

muthu tharanga thirteen years love article

මුතූ තරංගා කියන්නේ අද ඊයේ ක්ෂේත‍්‍රයට ආපු කෙනෙක් නෙමෙයි. ආපුම කාලේ මුතූ ටෙලිනාට්‍යය කලාවට නැතුවම බැරි චරිතයක්. දැන් කියලත් ඉතිං මුතූට ලැබෙන ඉල්ලුමේ අඩුවක් නෑ.

රංගනයට අමතරව මුතූ ගායනයටත් දක්ෂයි. වේදිකා සංගීතයේ ඇය ජනප‍්‍රිය චරිතයක්. ඒ වගේම මුතූ තමන්ගේම කියලා ගීත නිර්මාණ කිහිපයකුත් මේ වෙද්දි කරලා ඉවරයි.

වෘත්තීය ජීවිතයේදි මොනතරම් සාර්ථක කෙනෙක් වුණත් මුතූගේ කසාදයට නම් බාලගිරි දෝ්ෂයක් තියෙනවා. මුතූගේ ආදර කතාව ඒ තරමට පරණයි. මුතූ සහ ඇගේ පෙම්වතා නිෂාන්තගේ ආදර කතාවට දැන් වසර 13 ක් වයසයි. දෙන්නා ඉතාම ආදරෙන් තමයි මේ අවුරුදු 13 පසුකරන්නේ. තවමත් ඒ ආදරයේ අඩුවක් නැහැ. ඒත් මොකක්දෝ අවාසනාවකට විවාහය නම් කල් යනවා. මුතූ කියන්නේ එක තැනකට වෙන්න වාසනාව නැතිව ඇති කියලා.

මුතූ මේ දවස්වල ගොඩක් වෙහෙසෙන්නේ නර්තන කටයුතු වලට. හොද නිර්මාණයක් නොලැබුණු නිසා ළගදි ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණේ නෑ කියලා මුතූ කියනවා.

මුතූගේ විවාහයට උදාවෙලා තියෙන බාලගිරි අපලය දුරුවෙලා ගිහිං ඉක්මනටම විවාහ නැකත උදාවෙනකල් මුතූගේ රසික රසිකාවියන් ආදරයෙන් බලාගෙන ඉන්නවා.

 

තවත් සිනෙමා තොරතුරු සදහා

Tags –>Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,sinhala cinema gossip,sinhala cinema news,sinhala cinema gossip,sinhala cinema song,songs,baiscope

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here