ALeval තිර ගත කිරීම ආරම්භ වේ

0
203
ALevel started to screen from December first

A -Leval තිර ගත කිරීම ආරම්භ වේ (ALevel started to screen from December first)

“හීන සොයන සමනල්ලු” අධ්‍යක්ෂණය කෙරු රොහාන් පෙරේරා,ගේ නවතම චිත්‍රපටය වූ A -Leval දෙසැම්බර් 1 වෙනිදා සිට තිරගත කිරීම ආරම්භ විය.

කතාව සැකෙසින් මෙසේය.

අනුත්තර, අශාන්, යොමාල්, එක කණ්ඩායමකි . ඔවුන්ගේ ජීවිත වල ඇත්තේ එකම එක බලා පොරොත්තුවක් පමණි . ඒ අ.පො.ස. උසස් පෙළ ඉහලින්ම සමත්වීමය . ඒ වෙනුවෙන් ඔවුන් බොහෝ කැප කිරීම් කරති. , . අනුත්තර ඔවුන්ගේ නායකයාය.කෙටියෙන්ම කිවහොත් කණ්ඩායමේ බ්‍රයිටාය . මහත යොමාල් ඔවුන් අතරින් කෑම බීමේදී මුල් තැන ගනී. කොච්චර කෑවත් ඔහුගේ බඩේ හිගන්නෙකු ඇත්දැයි සැක සහිතය. අනුත්තරට සිටින්නේ මව පමණි. ඇයට අවශ්‍ය අනුත්තරව ඉගැනීමෙන් ඉහලටම ඒමටය. අනුත්තරද මවගේ බලාපොරොත්තු ඉටු කිරීමට මහත් වූ උනන්දුවෙන් කටයුතු කරයි.

උසස් පෙළ පන්තියට අලුත් ශිෂ්‍යාවක් පැමිණෙයි. ඇය අහිංසාය. නමේ හැටියටම ඇය අවිහින්සකාවියෙකි. අහිංසා කොළඹ ජීවත් වූවද ගමේ පාසලට පැමිණීම ගැන ඇතෙමකු සැක පහල කරයි. කොළඹ පාසලකින් ඇයව නෙරපුවායයි සිතති. අනුත්තරගේ අවධානය අහිංසා වෙත යොමු වේ. ඇතැම් පිරිස් ඇයව කොන් කරද, අනුත්තර එසේ නොකරයි. අහිංසා යම් කිසිවක් හිතේ හංගා ගෙන සිටින වගක් පෙනේ. එනමුදු එය කිසිවෙකුටත් නොකියයි . අහිංසා නිතරම කොළඹ පැමිණෙයි. ඒ ඇගේ අක්කණ්ඩිය වූ පාරමීව බැලීමටය. පාරමීට සුරතල් දියණියක් සිටි. මේ දැරිය අහිංසාගේ මාමා දෙස බලන්නේ බියපත් වූ දැසිනි. පවුලේ අයට මෙය යම් ප්‍රශ්නයක් වෙයි. කාට කොහොම කෙසේ වුවද, එතැන ඇති ගැටළුව ගැන අහිංසා හොදටම දනී. ඇය හිතේ සිරකරගෙන සිටින රහස වන්නේ ද එය විය. මේ සියල්ල පෙරදැරිව අහිංසා හා අනුත්තර තම පාසල් සමය සුන්දරව ගෙවති.එහෙත් අදුරු සෙවනැල්ලක් මෙන් අහිංසාගේ ගැටලුව වරින් වර මතු වෙයි.

ජයලත් මනෝරත්න,චාන්දනී සෙනවිරත්න,තුමිදු දොඩන්තැන්න,උමාලි තිලකරත්න,ජයනි සෙනානයක්, මීනා කුමාරි, සහ, ළමා නළු නිලි කැල වූ සචිර විජේසිංහ, ළහිරුකා ඒකනායක,කසුන් මධුසංක, නිවර්ථනා ,චමත් රන්දෙණි, වත්සලා ශාශීමාල්, කෙෂලී රාජපක්ෂ,සහ විරාජ් ධනුෂ්ක, රගපාන A -Level
කැමරාකරණය රුවන් කොස්තා ගෙනි. අජිත් රාමනායකගේ සංස්කරණයෙන්ද , දමින්ද ඩී මඩවෙලගේ සහය අධ්‍යක්ෂනයෙන්ද, ඔප් නැංවූ මෙය , සුරේෂ් මාලියැද්ද විසින් සංගීතය සපයා ඇත. මහරාජා එන්ටර්ටයින්මන්ට් වෙනුවෙන් “A -Leval රොහාන් පෙරේරාගේ අධ්‍යක්ෂණයකි.

http://baiscope.com

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here