හැත්තෑ දශකයේ හින්දි සිනමාවේ “රෝමියෝ” යන්නම ගියාද ?-ශෂි කපූර්

0
84

ශෂි කපූර්-හැත්තෑ දශකයේ හින්දි සිනමාවේ “රෝමියෝ” යන්නම ගියාද ?- (Shashi Kapoor an Indian Romeo Passed Away)

මිනිසුන් මිය යා යුතුය. ඉපදීම, මිය යාම, මිය යාම, ඉපදීම චක්‍රය දිගින් දිගටම කැරෙකෙමින් පවති. අප ඉපදෙනුයේ මරණ සහතිකය අතේ රැගෙනය. මිය ගිය පසු යන්නෙ කොහේදැයි කිසිවෙක් නොදනියි. දිව්‍ය ලෝකය, අපාය, ස්වර්ගය, නිරය, ඔය හැම අනවර්ථ නාමයකින් හැදින්වූවද, යන්නෙ කොහාටදැයි කිසිවෙක් නොදනි.

70දශකයේ හින්දි සිනමාවෙ “රෝමියෝ” වූ කඩවසම් ශෂි කපූර් ගිය බවක් ඇසුනි. රාජ් කපූර්, ශම්මි කපූර් අතරට එක්වූ හුරුබුහුටි යව්වනයා, ශෂි කපුර්,මට මුලින්ම මුණ ගැසුනේ “වක්ත්” චිත්‍රපටයේ ශර්මිලා තාගොර්ගෙ පෙම්වතා ලෙසය. ඉන්පසු හමුවූයේ ” ඕ නිසුල්තනාරේ ප්‍යාර් කා මෝසම් ආයා”කියමින් ගිටාරයකුත් කරේ තියාගෙන ආශා පාරෙක් සමග ගයමින් නටමින්ය. ඒ “ප්‍යාර් කා මෝසම්” චිත්‍රපටයෙනි. යලිත් ඔහු හමුවූයේ හමුදා නිලධාරියෙක් ලෙස රාඛී සමග “ඕ මෙරි ඹ් මෙරි ඹ් මෙරි ශර්මලී” නැත්නම් “කිල් තෙහෙ ගුලියා හා, කිල් තෙබි කර්නේ කෝ” කියමින් “ෂර්මලි” චිත්‍රපටයෙනි. මතක හැටියට ඔහුගේ චිත්‍රපට ලංකාව තුල ප්‍රදර්ශනය කලේ ඉතාමත් අඩු ප්‍රමාණයකි. ඒ. “ජබ් ජබ් පූල් කිලේ”,”වක්ත්” “පියාර් කා මොසාම්”, “ශර්මලී” හා “චෝර් මචායේ ෂෝර්” හා “සිද්ධාර්ථ” ය. නමුත් ඉන්දියාව තුල ඔහුගේ චිත්‍රපට විශාල ප්‍රමාණයක් තිරගත විය. පසු කලෙක ඒවා බොහොමයක් වීඩියෝ මගින් ලංකාවට පැමිණිය.”දීවාර්”, , “කභි කභි” ” ආ ගලේ ලගි ජා””සුහග්” “නමක් හලාල්” “සිල් සිලා” “ක්‍රාන්ති”,”ප්‍රේම් කහානි” “කාලා පත්තර් ” “ජුනූන්” “අභිනේත්රි” “කල් යුග” “විජේටා” “සත්‍යම් ශිවම් සුන්දරම්” “මිස්ටර් රෝමියෝ” ඔහු රගපෑ චිත්‍රපට 116 යෙන් චිත්‍රපට අතලොස්සකි.

ළමා නළුවෙකු ලෙස 1948 දී “ආග් ” චිත්‍රපටයෙන් හින්දි සිනමාවට එකතු වුනු ශෂී කපූර් එහි තම ලොකු අයියා වූ රාජ් කපූර් ගේ ළමා කාලය නිරුපනය කළේය. එලෙසම 1951 දී “ආවරා” චිත්‍රපටයේද රාජ් කපූර් ගේ ළමා කාලය නිරුපනය කල අතර “සන්ග්රාම්” චිත්‍රපටයේ අශෝක් කුමාර් ගේ ළමා කාලය ද නිරුපනය කළේය.

ශෂී කපූර් ගේ ප්‍රථම ප්‍රධාන චරිතය නිරුපනය වූයේ 1961 තිරගත කල “ධර්මපුත්‍රය” . එතැන් පටන්ය මේ චිත්‍රපට 116 රගපෑවේ. එයින් චිත්‍රපට 61 තනි ප්‍රධාන චරිතද, චිත්‍රපට 55 ක් තවත් ප්‍රධාන නළුවන් සමග සමිශ්‍ර වීද, චිත්‍රපට 21 ක් සහය නළුවෙකු ලෙසද, චිත්‍රපට 7ක් ගරු රගපෑම් ද ඉදිරිපත් කෙරීය. එක් කලෙක ශෂී කපූර් දෙවන ඉහලම අය කිරීම් ලද නළුවා විය.

ශෂී විවාහ වූයේ බටහිර චිත්‍රපට නිළියක් වූ ජෙනිෆර් කැන්ඩල් සමගය. ඒ 1968 දීය . ඔවුන් දෙදෙනා එක්වි ද චිත්‍රපට කීපයක රගපෑහ .කුනල් කපූර්,කරන් කපූර්,සංජන කපූර්,. ශෂී -ජෙනිෆර් ගේ දු දරුවන්ය. ශෂීගේ දූ දරුවන් සිනමාවට එකතු වුනිද, ඔවුනගේ තිබු බටහිර අභාෂය හින්දි තිරයට ගැලපුනේ නැත. එහෙයින් ඔවුන් රගපෑමෙන් අයින් විය. “ශෝලේ” “සීතා ඔර් ගීතා””ශක්ති” වැනි චිත්‍රපට නිෂ්පාදන අධ්‍යක්ෂණය කෙරු රමේෂ් සිප්පි ගේ දියනියෙකු ශෂී ගේ වැඩිමහල් පුත් කුනල් හා විවාහ වී පසුව ඔහු දැන්වීම් ක්‍රේෂ්තයේ ප්‍රමුඛයෙක් විය. දියණිය සංජානා ද රගපෑම් අතහැර වනජීව රක්ෂණයට සම්බන්ධ පුද්ගලයෙකු හා විවාහ විය. ශෂී ගේ බාල පුතු කරන් මෝස්‌තර නිරූපණ ශිල්පියෙකු වී පසුව ලන්ඩන් නගරයට ගොස් එහි වාසස්ථානය සකසා ගති . ශෂී ගේ බිරිද ජෙනිෆර් කැන්ඩල් පිළිකා රෝගය වැළදී 1984 දී මිය ගියාය. එතැන් පටන් අව්රුදු 33ක් ශෂී කපූර් තනිව ජීවත් විය.

ඊයේ, එනම් දෙසැම්බර් 4 වන දින ශෂී කපූර් කොහේදෝ ගියේය. ගියේ කොහේද කියා නම් මා දන්නේ නැත.

(ශෝන් මැක්ස්මස් දිසානායක ගේ සටහනකි)

 

Home

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here