අමිතාබ් බච්චන් ඉන්දීය සිනමාවේ ප්‍රතාපවත් යෝධයා

0
90

අමිතාබ් බච්චන් ඉන්දීය සිනමාවේ ප්‍රතාපවත් යෝධයා ( Amithabh Bachchan A Giant in Indian Cinema)

අමිතාබ් හර්විනාශ් බච්චන් ලෙස උපත ලැබු අමිතාබ් බච්චාන් (1942 ඔක්තෝබර් 11 උපත ලද) ඉන්දීය සිනමා නළුවෙකි. 1970 දශකයේ ඔහුව පළමුවෙන් හඳුන්වන ලද්දේ ” ඇන්ග්‍රි යන් මෑන් ” යනුවෙනි. ඔහු අද වනවිට ඉන්දීය සිනමා ඉතිහාසයේ සිටින වඩාත් කැපී පෙනෙන අය අතරින් එක්කෙනකි. මොහු ජාතික සිනමා සම්මානය හා ෆිල්ම් ෆෙයාර් සම්මාන 13ක් ඇතුලුව සම්මාන බොහෝමයක් ලබා ගෙන ඇත. හොඳම නළුවාට හිමි සම්මානය සඳහා වැඩිම වාර ගණනක් නම් යෝජනා වීමේ වාර්තාවක් ද ඔහු විසින් පිහිටුවා ඇත. රඟපෑමට අමතරව ඔහු නිෂ්පාදකයෙක් ද, ගායකයෙක් ද, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙසටද,1984-1987 කාලය තුළ ඉන්දීය පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කළේය.

අලහාබාද් හි උත්තර ප්‍රදේශ් හි උපත ලැබු ඔහු පැවත එන්නේ හින්දු-සීක් පවුලකිනි. ඔහුගේ පියා වන වෛද්‍ය. හර්විනාශ් බච්චාන් ප්‍රසිද්ධ කවියෙක් වු අතර, මව වන තේජි බච්චන් ෆයිසලාබාද් හි ජීවත් වු සීක්-පන්ජාබි ජාතිකයෙකි. “ඉන්කියුලාබ් සින්ඩාබද්” නම් ප්‍රසිද්ධ වැකියෙන් එන “ඉන්කියුලාබ්” නමින් ඔහුව මුලින් හඳුන්වන ලදී. ඉන්දියානු අරගලය කාලය තුල ඔහුව නැවතත් අමිතාබ් යනුවෙන් නම් කල අතර එහි තේරුම වුයේ “කිසි දිනෙක නොමියෙන ආලෝකය යි”. ශ්‍රීවාස්තව් ඔහුගේ වාසගම වුවද, තම පියා කවි ලිවිම සඳහා භාවිතා කලේ බච්චාන් යන නාමයයි. අමිතාබ් සිනමාවට පිවිසියේ මේ නමින් වන අතර, වර්තමානයේ ඔහුගේ පවුලේ සියලු දෙනාම පොදු අවශ්‍යතා සඳහා මෙම නම භාවිතා කරයි. හර්විනාශ් රායි බච්චාන් හට පුතුන් දෙදෙනකු සිටියහ. අමිතාබ් ඉන් වැඩිමහල් වු අතර දෙවැනියා වුයේ අජිතාබ් ය. ඔහුගේ මව වේදිකාවට උනන්දුවක් දැක්වු අතර,ඇයට චිත්‍රපටයක චරිතයක් ලබා දුන්නද, ඇය එය ප්‍රතික්ෂේප කලාය. ඔහුගේ මව බච්චන්ගේ කැමැත්ත පිළිබඳව දැන සිටි අතර,ඔහු කෙදිනක හෝ වේදිකාවට පිවිසෙන බව දැන සිටියාය. ඔහු “ජේ නානා ප්‍රභෝධිනි” “බෝයිස් හයි ස්කූල්” හිද, පසුව “නයිනිතාල් ශර්වුඩ් විදුහලේදි කලා අංශයෙන් ඉගෙනුම ලැබීය. නව දිල්ලියේ විශ්ව විද්‍යාලයක්,”කිරෝරි මාල් විදුහලින්” විද්‍යා අංශයෙන් ඔහු උපාධියක් ලබා ගත්තේය. “බර්ඩ් ඇන්ඩ් කොම්පැනි” නම් කල්කටාවෙ පිහිටි නැව් සමාගමක කටයුතු කල ඔහු ඉන් පසුව ඉවත් වුයේ තම සිනමා ජීවිතය ආරම්භ කිරීමේ අදහසිනි.

චිත්‍රපට 180 කට වැඩි සංඛ්‍යාවක් සිව් දශකයකට වැඩි කලක් සිය රංගන දායකත්වයෙන් හැඩ කළ අමිතාබ් බච්චන් ඉන්දීය රිදී තිරයේ තවමත් ජනප්‍රියතම නළුවායි.බීබීසීය විසින් පවත්වන ලද අන්තර්ජාල ජනමත විමසුමකින් මෙතෙක් පහලවූ විශිෂ්ටතම නළුවා ලෙසින් ජනප්‍රසාදයට පත් ඔහු ලෝ ප්‍රකට ලන්ඩනයේ මැඩම් ටුසොඩ් ඉටි රූ කෞතුකාගාරයේ ප්‍රතිමාවක් ඉදි කෙරුණු මුල්ම ඉන්දීය රංගන ශිල්පියා.

‘වයස යන එක වලක්වන්න බෑ. මම දැන් ඉතින් ගොඩක් කරන්නේ ජ්‍යෙෂ්ට පුරවැසි චරිත. එත් තාම දහ දෙනකුට තඩිබාන්න පුළුවන්’
වරක් ඊජිප්තු බලධාරීන්ට ඔහුගේ ගමන් බලපත්‍ර පරීක්ෂාව කයිරෝ නුවර හෝටල් කාමරයක සිදු කරන්නට බලකෙරුනේ එරට සිනමා ලෝලීන් ගුවන් තොටුපල ආක්‍රමණය කළ නිසා.
සිය ජීවිත චාරිකාවේ හත් වැනි දශකය ලඟා වෙද්දී ඔහු කියා තිබුනේ වයසට යාම නිසි කලට සිදුවන තාක් කිසිදු ගැටළුවක් නැති බවයි.
‘වයස යන එක වලක්වන්න බෑ. මේ රස්සාවෙදී තමන්ගේ මුහුණ තමයි වාසනාව ගෙන දෙන සම්පත. අපි එක ආරක සිනමාවක ඉඳලා තව ආරක සිනමාවකට මාරුවෙනවා. මම දැන් ඉතින් ගොඩක් කරන්නේ ජ්‍යෙෂ්ට පුරවැසි චරිත. එත් තාම දහ දෙනකුට තඩිබාන්න පුළුවන්.’
රංගනයෙන් පමණක් නොව ගායනයෙන්ද හොලිවුඩ් සිනමාව රස ගැන්වූ බච්චන්, යොවුන් දස්කම් නගා සිටුවීමේ අරමුණින් බීබීසීය ගෙන එන The next generation වැඩ සටහනට කුඩා කල තමනට බලපෑමක් කළ සිදුවීම් දෙකක් ගැන සඳහන් කළා.
‘කනගාටුදායක දේ තමයි මගේ හිතේ ලොකු සංවේදනයක් ඇතිකළ ඝාතන දෙකක් තියෙනවා. මහත්මා ගාන්ධි. එතකොට මට වයස අවුරුදු පහයි. එතුමාගේ භෂ්මාවශේෂ ගංගා නදියේ පා කිරීමට ගෙනාවේ අපේ නුවරට. අලහබාද් වලට. ඊළඟට අපේ පවුලේ ලඟම මිතුරියක වූ ඉන්දිරා ගාන්ධි ඝාතනය. ”
ඉකුත් ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේ සමාරම්භක උළෙල වෙනුවෙන් ගිනි සිළුව රැගෙන යාමේ අවස්ථාව උදාවූ එකම විදේශීය නළුවා අමිතාබ් බච්චන්. ලපටි වයසේ පටන් ආශාවෙන් නැරඹු මේ ක්‍රීඩා උළෙලට දායක වීමට ඉඩ ලැබෙතැයි තමන් සිහිනයෙන් වත් නොසිතු බව කී ඔහු එය මහත් ගෞරවයක් සේ සලකන බවයි ප්‍රකාශ කළේ.
දරුවන් වෙනුවෙන් ලබා දිය හැකි උපදේශය කුමක්දැයි අමිතාබ් බච්චන් ගෙන් බීබීසීය විමසුවේ ඉකුත් මැයි මාසයේදී The next generation වැඩ සටහනේදී.
‘ඒක මම මගේ තාත්තා ගෙන් උගත් දෙයක්. සිතු විදියට යමක් වේ නම් ඒක හොඳයි. නොසිතු විදියට සිද්ධ උනොත් වඩාත් හොඳයි. මොකද ඒක සිද්ධවෙන්නේ දෙවියන්ට ඕන විදියට. කිසිම නරකක් සිදුවීම දෙවියන්ගේ කැමැත්ත නෙමෙයි.

Home

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here