Mersal Sinhala Subtitle Hd – මෙරසල් සිංහල උපසිරැසි (2017) [ වෛද්‍ය සේවය පෞද්ගලිකරණයට විරුද්ධව] HD පිටපතට උපසිරැසි කර ඇත

5
13804
Mersal Sinhala Subtitle Hd

( Mersal Sinhala Subtitle Hd)

ගිලන් රථ රියදුරෙකු, තැරැව්කරුවෙක් රෝහල් HR හා සැත්කම් වෛද්‍යවරයෙකු යන අයව එකවර නාහදුනන පිරිසක් විසින් පැහැර ගන්නවා. මේ පිළිබදව සෙවීමට පත්කරන පොලිස් නිලධාරියා වන්නේ Ratnavel (Sathyaraj)ටයි, ඔහු විසින් අත්අඩංගුවට ගන්නේ Vijayවයි, එනකම් මෙරසල් (Mersal) චිත්‍රපටියේ ප්‍රධාන නළුවාවයි, ඒ සමගින් අතීතාවර්ජනය ආරම්භ වෙනවා, මාරන් (Vijay) යනු ලොව පිළිගත් වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් කෙනෙකි. ඔහු පැරිස් නගරයට යන්නේ සම්මේලනයකට සහභාගී වීමට උදෙසයි, එහි දී ඔහු ඉන්දිය සම්ප්‍රදායික ඇඳුම වන වේට්ටිය ඇඳගෙන යාම නිසා පොලිසියේ ප්‍රශ්න කිරීම්වලට ලක් වනවා. ඒ පොලිස් ප්‍රශ්න කිරීමෙන් පසුව ඔහුට හැකි වෙනවා සම්මේලනයට සහභාගි වීමට. මේ වෛද්‍ය සම්මේලනයට පැමිණ සිටින Arjun Zachariah (Hareesh Peradi) ගේ සහයට පැමිණ සිටින්නේ අනුපල්ලවි නම් ඉන්දීය තරුණියයි (Kajal Aggarwal) ඇයට දිනක් Vijayව හමුවීමට ලැබෙනවා මේ මිත්‍රත්වය දුරදිග යෑම නිසා දින Vijay මැජික් දර්ශනයකට ඇයගේ ප්‍රධානියා සමඟ සංදර්ශනයට පැමිණෙන්න කියා ආරාධනා කරනවා, මේ සංදර්ශනයට ගිය Arjun Zachariahව Vijayගේ අතින් ඝාතනය කෙරෙනවා. මේ මරණය ගැන දැනගත් Daniel Arockiyaraj (S. J. Surya) කම්පාවට පත් වෙනවා. නැවතත් චෙන්නෛවල පැමිණෙන මාරන්ගෙන් සම්මුඛ සාකච්ඡාවක් ගැනීමේ අරමුණින් Tara (Samantha) මාරන්ව සොයා පැමිණෙනවා. ඉන් පසුව ඔවුන් දෙන්නා අතර ආදර සම්බන්ධතාවක් ගොඩනැගෙනවා. මේ අතරතුර ත්‍රීරෝද රථ රියදුරෙකුගේ දියණිය වාහන අනතුරකින් මිය යෑමට හේතු වූ හතර දෙනෙක්ව තමන් පැහැරගෙන ඇති බව අත්අඩංගුවට පත් වී සිටින Vijay පවසනවා. මේ හතර දෙනාව පැහැරගත්ත එකට ත්‍රීවිල් රියදුරාගේ දියණියගේ මරණය හේතුවක් වූවත් Arjun Zachariahව ඝාතනය කිරීමට හේතුව කුමක් ද, මාරන් වෛද්‍යවරයෙක් ද නැත්නම් මැජික්කරුවෙක් ද, අනුපල්ලවිට කුමක් වූයේ ද යන්න දැන ගැනීමට චිත්‍රපටිය සම්පූර්ණයෙන්ම බැලිය යුතුයි.

Atleeගේ අධ්‍යක්ෂණයෙන් විජෙයි (Vijay), සමන්තා (Samantha), නිත්‍යා මේනන් (Nithya Menon), එස්.ජේ. සූර්යා (S. J. Surya), කාජල් අගර්වාල් (Kajal Aggarwal), වඩිවේලු (Vadivelu), සත්‍යරාජ් (Sathyaraj) යන අයගේ රංගනයෙන් 2017 ඔක්තෝම්බර් 18 වන තිරගත වූ මෙරසල් (Mersal) චිත්‍රපටියට IMDb වර්ගීකරණය විසින් හිමි වී තිබුණ ලකුණු ප්‍රමාණය වන්නේ 9කි. Times of India විසින් 3.5/5ක් ද, 3.5/5 The Indian Expressක් ද, 3/5Hindustan Timesක් ලබා දී තිබුණි. මෙම චිත්‍රපටියට සංගීතය සපයා තිබෙන්නේ,ඔස්කාර් සම්මානලාභී සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන ඒ. ආර් රහුමාන් ය. (A. R. Rahman) කෝටි 130ක වියදමින් නිෂ්පාදනය කෙරුණු මේ චිත්‍රපටිය දැනට උපයා ඇති ආදායහ කෝටි 170කි.
මින් ඉදිරියට මේ චිත්‍රපටිය ඔබට භාරයි, අපගේ උපසිරැසි ගැන ඔබගේ අදහස් දක්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

චිත්‍රපටියට අදාළ ලින්ක් එක සබ්ටයිටල් ෆෝල්ඩරයේ ඇති බව සකලන්න.

සිංහල උපසිරැසි සදහා මෙතැන ක්ලික් කරන්න 

Mersal (2017)[1080p HDRip – x264 – AC3 5.1 – 2.5GB – ESubs – Tamil]

Direct Link – https://bdupload.info/btqykx0e2g1w

තවත් උපසිරැසි පහතින්.
Ratchet & Clank Sinhala Subtitle – රැට්චෙට් ඇන්ඩ් ක්ලාන්ක් සිංහල උපසිරැසි (2016)
Adam Joan Sinhala Subtitle – ඇඩම් ජෝන් සිංහල උපසිරැසි (2017) [වැවිලිකරුවා]
Karuppan Sinhala Subtitle – කරුප්පන් සිංහල උපසිරැසි (2017) [ගොන් පොර හා බැදුණ සම්ප්‍රදාය]
Taxi Sinhala Subtitle – ටැක්සි සිංහල උපසිරැසි (1998) [ලොව වේගවත්ම පීසා බෙදාහරින්නා]
Hara Hara Mahadevaki Sinhala Subtitle – හර හර මහාදේවකී සිංහල උපසිරැසි (2017)[වැඩිහිටි ආදරය]

Tags –> Mersal Sinhala Subtitle Hd, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub

Meta –

5 COMMENTS

  1. අලුත්ම ෆිල්ම් ඉස්සෙල්ලාම දෙනවාට බොහොම ස්තුතියි ..!!!

  2. එල එල. බොහොම ස්තූතියි. පුලුවන්නම් ” Anandha Thandavam (2009) ” මේකටත් උපසිරසි දෙන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here