Spyder Sinhala Subtitle – ස්පයිඩර් සිංහල උපසිරැසි (2017) [මානසික ඝාතකයා සොයා ගිය මෙහෙයුමක්]

1
1349
spyder sinhala subtitle

Spyder Sinhala Subtitle

ජනගහනය පාලන කරන්න තිබෙන සාධක අතුරෙන් සුනාමිය, භූමිකම්පා, රජය හා මමත් කෙනෙක් යැයි පවසමින් සිටින සුඩලෛ (S. J. Surya) නම් මානසීක රෝගී ඝාතකයා ඔහු පිළිබදව සොයා යන බුද්ධි අංශයේ නිලධාරියා හා බැදුණ කතාව ස්පයිඩර් (Spyder) නම් විය. ශිවා (Mahesh Babu) යනු බුද්ධි අංශයේ සේවය කරන නිළධාරියෙකි, ඔහු සමහර අවස්ථාවල දී මහජනයාගේ ඇමතුම්වලට සම්බන්ධ වී ඒවාට ඇහුම්කන් දෙයි, දිනක් මෙසේ ඇහුම්කන් දෙන විට ඔහුට අහඹු ලෙස තරුණියන් දෙදනෙකුගේ සාකච්ඡාවකට සවන් දෙයි. එම ඇමතුමෙන් ඒ තරුණිය පවසා සිටින්නේ තම නිවසේ කවුරුත් නැති බවත් එම නිසා තමන්ට බයක් දැනෙන බවත් ඇය පවසනවා. මේ සංවාදය අසා සිටි ශිවා ඔහුගේ මිතුරියක් වන පොලිස් කොස්තාපල්වරියක් එම තරුණියගේ නිවස යනවා. එසේ ගිය ඇයවත්, එම තරුණියවත් ඝාතකයෙකු විසින් ඝාතනය කරනවා. මෙම ඝාතකයා පිළිබදව සොයා යන ශිවාට දෙයක් දැනගැනීමට ලැබෙනවා සුඩලෛ නම් ඝාතකයා ගැන දැනගැනීමට ලැබෙනවා. මේ විදිහට සුඩලෛ ඝාතනය කිරීමට හේතුව මොකක්ද.? ඔහු කළේ ඝාතනයන් දෙකක් පමණ ද යන ප්‍රශ්නවලට පිළතුරු දැනගන්න චිත්‍රපටිය නරඹන්නම වෙනවා.

විනාඩි 147ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටිය දමිළ හා තෙළිගු යන භාෂාවන්වලින් තිරගත විය. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන ලද්දේ මහේෂ් බාබුය. (Mahesh Babu) තෙළිගු සිනමාවේ Super star ලෙස හදුන්වන්නෙත් මොහුවයි. මෙහි දුෂ්ඨයාගේ චරිතය අති විශිෂ්ඨ ලෙස නිරූපණය කිරීමට අවුරුදු 49ක් වන එස්.ජේ සූර්යා (S. J. Surya) සමත් වී තිබෙනවා. තරුණ නළුවෙකු හා කරට කර ඔහු කළ රගපෑම කාගෙත් පැසසුමට ලක් වුණා. අති විශිෂ්ඨ චිත්‍රපටියක් ලෙස Spyder චිත්‍රපටිය සැලකිය හැක්කේ පහත ලකුණු සටහන දෙස අවදානය යොමු කිරීමේ දී ය. IMDb විසින් ලකුණු 7.6/10 ලබා දී තිබුණු අතරම ගූගල් භාවිතා කරන්නගෙන් 83%ක ප්‍රමාණයක් මේ චිත්‍රපටිය ලයික් කර තිබුණි. වර්තමාන ඉන්දිය සිනමාවේ සිටින දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වන මුරුගදාස් (AR Murugadoss) විසින් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළ අතරම, මෙයට සංගීතය සපයා තිබෙන්නේ Harris Jayaraj විසිනි. Mahesh Babu හා S. J. Surya ට අමතරව Bharath, Rakul Preet Singh, Priyadarshi Pullikonda, RJ Balaji යන අය රංගනයෙන් දායක වී තිබෙනවා. මෙම චිත්‍රපටිය නිර්මාණය කිරීමට වැය වූ මුදල වුයේ කෝටි 120කි,මෙහි ආදායම ලෙස සනිටුහන් වූයේ කෝටි 150ක් ලෙසයි. මේ අතින් බලන විට මෙය වාණිජයම වාසියක් ලබා ගත් චිත්‍රපටියක් ලෙස හදුන්වා දිය හැක. එහෙම නම් චිත්‍රපටිය නරඹා රසවිදින්න.

සැ.යු – අප විසින් ටොරන්ට් ලින්ක් එක ලබා දී තිබුණත් යමු හේතුවකින් ඒ ටොරන්ට් ෆයිල් ඉවත් වීමක් සිදු වී තිබේ නම ඔබ කළ යුත්තේ පහත දී ඇති ටොරන්ට් නාමය ගූගල් සර්ච් කිරීමෙන් ලබා ගත හැක.

චිත්‍රපටියට අදාළ ලින්ක් එක සබ්ටයිටල් ෆෝල්ඩරයේ තිබෙන බව කරුණාවෙන් සලකන්න.

Spyder-2017-Tamil-720p-HDRip-x264-5.1-2GB-ESubs

සිංහල උපසිරැසි සදහා මෙතැන ක්ලික් කරන්න.

 

Spyder පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න.

තවත් සිංහල උපසිරැසි පහතින් දක්වා ඇත

Mersal Sinhala Subtitle – මෙරසල් සිංහල උපසිරැසි (2017) [වෛද්‍ය සේවාව පෞද්ගලිකරණය වීමට එරෙහිව]
Theevram Sinhala subtitle – ත්‍රීව්රම් සිංහල උපසිරැසි (2012) [ අධික කෝපය ]
Nagarvalam Sinhala Subtitle – නගර්වලම් සිංහල උපසිරැසි (2017)[නාගරික ආදරය]
Thupparivalan Sinhala Subtitle – තුප්පරිවාලන් සිංහල උපසිරැසි (2017) [රහස් පරික්ෂකයා]
Manushya Mrugam Sinhala subtitle (Police Rajyam 2017) – මනුෂ්‍යා මෘගම් සිංහල උපසිරැසි (2011) [මිනිසෙකුගේ තවත් පැත්තක්]

Tags –> Spyder Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub, Spyder Sinhala Subtitle

 

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here