Vivegam Sinhala Subtitle – විවේගම් සිංහල උපසිරැසි (2017) [ මිත්‍රත්වය හා ද්‍රෝහිකම ]

4
4781
Vivegam Sinhala Subtitle

(Vivegam Sinhala Subtitle)

ආරක්ෂක අංශයේ සේවය කරන Ak හා ආරියන් ගජමිතුරන්ය. ඔවුන්ගේ කණ්ඩායමේ තවත් සගයන් තිදෙනෙකි. මොවුන් තිදෙනා එකතු වී අති විශාල මෙහෙයුම් සංඛ්‍යාවක් සාර්ථකව අවසන් කරන ලදි. මේ අතරතුර කෘතීම භූමිකම්පාවක් ඇති කිරීමට ත්‍රස්තවාදී කණ්ඩායමක් සමත් වෙනවා. මේ ක්‍රියාවට සම්බන්ධ හැකර් කෙනෙක්ව සොයා Ak ඇතුළු පිරිස මෙහෙයුමක් දියත් කරනවා. එම හැකර් තරුණියක් වන අතර එම මෙහෙයුමේ නම වන්නේ ඩෝල් ය. මේ මෙහෙයුම සාර්ථක වූවා ද.? අසාර්ථක වූවාද යන්නයි මෙහෙ අවසානය.

Sivaගේ අධ්‍යක්ෂණයෙන් අජිත් කුමාර්, කාජල් අගර්වාල්, විවේක් ඔබ්රායි යන අයගේ රංගනයෙන් 2017 අගෝස්තු 24 වන දින තිරගත වූ විවේගම් චිත්‍රපටිය ආදායම් වාර්තා තබමින් තිරගත විය. එහි සම්පූර්ණ ආදායම වූයේ කෝටි 160කි. මෙහි සංගීත අධ්‍යක්ෂණය Anirudh Ravichander විසින් ද, කැමරා අධ්‍යක්ෂණය Vetri විසින් ද, සංස්කරණය Ruben විසින් මෙහෙය වන ලදි. මොස්තර නිර්මාණය භාරව තිබෙන්නේ අනුවර්දන් ( Anu Vardhan ) ඔහු මීට ප්‍රථම අජිත්ගේ චිත්‍රපටි වන බිල්ලා (2007), ඒගන් (2008), ආරම්භම් (2013) වේදාලම් (2015) යන චිත්‍රපටිවලට මෝස්තර නිර්මාණය කර තිබෙන්නෙත් අනුවර්දන් ය. මෙහි සටන් අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන්නේ Kaloyan Vodenicharov ය. මෙහි රූගත කිරීම් වැඩි ප්‍රමාණයක් කර තිබුණේ යුරෝපයේ ය. ඉතිරිය හයිද්‍රබාත් හි තිබෙන රමෝජී නම් චිත්‍රපටි රූගත කිරීමට යොදා ගන්නා නගරයේ සති තුනක කාලයක් රූගත කිරීම් කර තිබෙනවා.

මෙම චිත්‍රපටියට IMDb විසින් ලබා දී තිබුණ ලකුණු සංඛ්‍යාව වන්නේ 6.9කි. Time of India විසින් ලකුණු 3/5ක් ද, Hindustan Times විසින් ලකුණු 2.5/5ක් ලබා දී තිබුණා. සටන් හා ක්‍රියාදාම සහිත මේ චිත්‍රපටිය නරඹන්න ඔබටත් ආරාධන කරනවා.

චිත්‍රපටියට අදාළ ලින්ක් එක නෝට් පෑඩයක තිබෙන බව කරුණාවෙන් සලකන්න.

සිංහල උපසිරැසි වෙනුවෙන් මෙතැන ක්ලික් කරන්න

තවත් උපසිරැසි පහතින්

Neruppu da Sinhala Subtitle – නෙරුප්පුඩා සිංහල උපසිරැසි (2017) [ ගිනි නිවන භටයා ]
Sathuranga Vettai Sinhala Subtitle – සදුරංග වේට්ටෛ සිංහල උපසිරැසි (2014)
Kurangu Bommai sinhala subtitle – කුරංගු බොම්මෛ සිංහල උපසිරැසි (2017)
Oru Kidayin Karunai Manu Sinhala Subtitle ඔරු කිඩායින් කරුණෛ මනු සිංහල උපසිරැසි (2017)
Rubaai Sinhala Subtitle – රූබායි සිංහල උපසිරැසි (2017)

Tags —> Vivegam Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub

 

4 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here