කළු සල්ලි යොදවා නිම කෙරු චිත්‍රපටය

0
109
kalu salli

(kalu salli yodawa nima keru chithrapataya)

ශ්‍රද්ධා කපූර් රඟන ‘හසීනා පර්කාර්’ චිත්‍රපටය ළඟදීම තිරගත වීමට නියමිතයි. ශ්‍රද්ධා නිරූපණය කරන චරිතයට ගැළපෙන ඇඳුම් විලාසිතා නිර්මාණය කළේ එම්. ඇන්ඩ් එම්. නම් වූ සමාගමයි. චිත්‍රපටය රූගත කරන්නට කලින් මේ සමාගම සහ චිත්‍රපටයේ නිෂ්පාදකවරයාත් ශ්‍රද්ධාත් අතර ගිවිසුමක් අත්සන් කෙරුණා.

ඒ ගිවිසුමට අනුව ‘හසීනා පර්කාර්’ චිත්‍රපටයේ ප්‍රවර්ධන වැඩ සටහන්වලදී එම්. ඇන්ඩ් එම්. සමාගමේ ඇඳුම් නිර්මාණ පිළිබඳව හඳුන්වා දීමක් ද සිදු කළ යුතුයි.

ඒත් පසුගියදා ‘හසීනා පර්කාර්’ චිත්‍රපටය වෙනුවෙන් දියත් කළ ප්‍රවර්ධන වැඩ සටහන්වලදී මේ හඳුන්වා දීම් සිදු වී නැහැ.

ඒ නිසා එයට දැඩි ප්‍රතිචාරයක් දක්වන්නට එම්. ඇන්ඩ් එම්. සමාගම යොමු වෙලා. ඒ, නීති මඟට පිවිසෙන්නටයි. පසුගිය සතියේ මේ සමාගම ශ්‍රද්ධාටත්, ‘හසීනා පර්කාර්’ චිත්‍රපටයේ නිෂ්පාදක නහීඩ් ඛාන්ටත් එරෙහිව නඩු පවරා තිබුණා.

මේ අතර, ඉන්දියාවේ පාතාල නායකයකු වන ඩාවුඩ් ඊබ්‍රාහිම්ගේ කළු සල්ලි ‘හසීනා පර්කාර්’ චිත්‍රපටයේ නිෂ්පාදනයට යොදවා ඇතිදැයි ඉන්දීය පොලීසිය විසින් පරීක්ෂණ පවත්වනු ලබන බව බොලිවුඩයේ උණුසුම් පුවත් පවසනවා.

 

තවත් සිනමා තොරතුරු දැනගැනීම සදහා

Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here