Neruppu da Sinhala Subtitle – නෙරුප්පුඩා සිංහල උපසිරැසි (2017) [ ගිනි නිවන භටයා ]

0
1249
Neruppu da Sinhala Subtitle

(Neruppu da Sinhala Subtitle)

ගුරුගේ අරමුණ වන්නේ ගිනි නිවන හමුදාවට බැ‍දෙන එකයි. ඔහුගේ අරමුණ පිටුපසින්ම එන මිතුරන් හතර දෙනෙකි. මුලින් ඔවුන් ස්වෙච්ඡාවෙන් ගිනි නිවීම් කරයි, මෙය දුටු ගිනි නිවන ඒකකයේ නිලධාරියෙක් ඔවුන්ට උදව් දීමට ඉදිරිපත් වෙනවා. මේ එක්කම වසුමති නම් තරුණිය සමඟ ගුරු ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට සමත් වෙනවා. ඒ ගුරුට උදව් කරන ගිනි නිවන අංශයේ සිටින නිලධාරියාගේ දියණියයි. මොවුන්ගේ ප්‍රේම සම්බන්ධයට එම නිලධාරියාගේ ප්‍රතිචාරය කුමක් ද..? මේ අතරතුර නගරයේ සිටින මැරයෙකුගේ යාළුවෙක්ව මොවුන් අතින් ඝාතනය කරනවා. එයට පළිගන්න බලා සිටින රවී නම් මැරයා ගුරුගේ පවුලේ අයටත් ඔහුගේ මිතුරන්ටත් පහර දෙනවා. මේ වටා ගොඩනැගෙන චිත්‍රපටිය නෙරුප්පුඩා යි (Neruppu da).

බී. අශෝක් කුමාර්ගේ (B. Ashok Kumar) අධ්‍යක්ෂණයෙන් වික්‍රම් ප්‍රභු (Vikram Prabhu) නිකි කල්රාණි (Nikki Galrani) වරුන් (Varun) යන අයගේ රංගනයෙන් 2017 සැප්තැම්බර් 8 වන දින තිරගත වූ මේ චිත්‍රපටිය First Artist Chandra Arts නිෂ්පාදනය විසින් නිෂ්පාදනය කර ඇත. මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස Sean Roldan කටයුතු කර තිබෙන අතරම, සංස්කරණය කර තිබෙන්නේ Thiyagu විසිනි.

IMDb වර්ගීකරණය මගින් මේ චිත්‍රපටියට හිමි වී තිබෙන ලකුණු සංඛ්‍යාව වන්නේ 5.2කි. Times of India වෙබ් අඩවිය මඟින් මේ චිත්‍රපටියට ලකුණු 3/5ක් ලබා දී තිබෙනවා.

චිත්‍රපටියට අදාළ ලින්ක් එක සබ්  ෆෝල්ඩරය තුළ ඇති බව සලකන්න.

උපසිරැසි සඳහා මෙතැන ක්ලික් කරන්න.

පහතින් තවත් උපසිරැසි

Sathuranga Vettai Sinhala Subtitle – සදුරංග වේට්ටෛ සිංහල උපසිරැසි (2014)
Kurangu Bommai sinhala subtitle – කුරංගු බොම්මෛ සිංහල උපසිරැසි (2017)
Oru Kidayin Karunai Manu Sinhala Subtitle ඔරු කිඩායින් කරුණෛ මනු සිංහල උපසිරැසි (2017)
Rubaai Sinhala Subtitle – රූබායි සිංහල උපසිරැසි (2017)
Pandigai Sinhala Subtitle – පන්ඩිගෛ සිංහල උපසිරැසි (2017)

Tags –> Neruppu da Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here