මැඩෝනා විසින් මිලදී ගත් පවුම් මිලියන හතේ නිවස

0
140
madonna

(madonna)

අනාථ දරුවන් හදාවඩා ගැනීම බොහෝ සුපිරි කලාකරුවන් වෙතින් සිදුවන උතුම් ක්‍රියාවක්.

සුපිරි ගායිකා මැඩෝනාට දරුකමට හදාගත් දරුවන් හතර දෙනකු සිටිනවා. එයින් එක් දරුවකු තමයි, එකොළොස් වියැති ඩේවිඩ්. මේ දරුවාගේ මවු රට මලාවි දේශයයි. මැඩෝනාගේ භාරයට ඔහු එකතු වුණේ 2006 දීයි.

ඔහු දැන් මූලික අධ්‍යාපනය ලබන්නේ පෘතුගාලයේ ලිස්බන් නුවරයි. පෘතුගාලයේ පාසලකට ඇතුළත් කිරීමට කලින් ඔහු ලිස්බන් නුවර පිහිටි පුහුණු මධ්‍යස්ථානයකට ඇතුළත් කර තිබෙනවා.

එම ආයතනය කුඩා ඩේවිඩ් හට මූලික අධ්‍යාපන පුහුණුවක් ලබා දී ඇති බවයි පැවසෙන්නේ.

එය සාර්ථකව හදාරා ඇති නිසා ළඟදීම ඔහුව ලිස්බන් නුවර උසස් පාසලකට ඇතුළත් කරන්න මැඩෝනා බලාපොරොත්තු වෙනවාලු.

කුඩා ඩේවිඩ්ගේ අධ්‍යාපන කටයුතු එලෙස සිදුවන නිසා මැඩෝනා, ලිස්බන් නගරයෙන් මඳක් දුරින් පිහිටි පැරැණි නිවසක් මිලදී ගෙන තිබෙනවා.

19 වැනි සියවසට අයත් මේ නිවස මැඩෝනා විසින් මිලදී ගෙන ඇත්තේ පවුම් මිලියන 7කටයි. දැනට මෙහි අලුත්වැඩියා කිරීම් සිදු කෙරෙනවා.

ඉන් පසුව ඇය එහි පදිංචියට යනු ඇතැයි පෘතුගාලයේ සඟරාවක් ප්‍රකාශ කර තිබුණා.

Image result for madonna buys house poem milovan 7 house

Related image

තවත් සිනමා තොරතුරු දැනගැනීම සදහා

Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here