අධිකරණයේ හෙළුවැල්ල පෙන්නු ‘උසාවිය නිහඩයි’.(අදහස් දැක්ම -ශෝන් මැක්ස්මස් දිසානායක)

0
108
Usaviya Nihadai

අධිකරණයේ හෙළුවැල්ල පෙන්නු ‘උසාවිය නිහඩයි‘.(Usaviya Nihadai)-                                                   අදහස් දැක්ම -ශෝන් මැක්ස්මස් දිසානායක

සත්‍ය සිදුවීම්දාමයක්, එම සිදුවීම් දාමයට අනුකූලව ,වාර්තාමය ස්වරූපයෙන්ද, සංවාද ස්වරූපයෙන්ද, චිත්‍ර මෙන්ම රංගන ස්වරූපයෙන්ද ඉදිරිපත් කෙරුනු ප්‍රසන්න විතානගේ ආන්දෝලාත්මක සිනමාපටය වූ ‘උසාවිය නිහඩයි’ ලංකේය සිනමාවට නවමු අත්දැකීමක් විය.
එහෙත් එම අත්දැකීම ප්‍රේක්ෂක යන් අතරට නොයෑමත්, ප්‍රේක්ෂකයන් වැලද නොගැනීම,ත් තුලින් ග්‍රම්‍ය වනුයේ එහීදී උලුප්පාන ලද ලිංගීක මානසික රෝගී මෙන්ම විකෘති කාමාධික අවලම් මහේස්ත්‍රාත් වරයෙකුත් එයට අනුබල දුන් නිතිඥ්ඥවරයෙකු හා නීතිපතිවරයෙකු ගේ සෙලුව දැකීමට ප්‍රේක්ෂකයන්ට උවමනාවක් නැතිකමද, නැත්නම් දිනෙන් දින කුණුවී ඕජස් ගලන ලාංකේය නීතියත් ඒ නීතින් ක්‍රියාත්මක කරන අවලම් සුනඛයන්ගේ අන්තෝත්මික ක්‍රියාකරම් බැලීමට වෙන් කරන කාලය යථානුරූපිත දෙයකට යොමු කිරීම වඩාත් යෝග්‍යයයි සිතන නිසාදැයි තෝරා බේරා ගැන්මට නොහැක.
මෙම චිත්‍රපටය තුලින් කතාරචකයා වූ වික්ටර් අයිවන් ගේ අරමුණ ඉටුවූ සේම, එහි මුඛ්‍ය සත්‍ය චරිතය වූ මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක ගේ සෙලුව සමාජය ඉදිරියේ විවෘතවීම තුලින් නැවත ඔහුටත් ඔහුගේ බිරිද(මෙතරම් අවලම් හැසිරීම් රටාවක් තිබු පුද්ගලයෙකු සමග බිරිදක් තවම එක්ව දිවි ගෙවනවා නම් ඇයද මානසික විකෘති ගැහැනියක් විය හැක) ඔහුගේ දරුවන්ටත් මේ සමාජය තුලින් සම්පූර්නයෙන්ම කොන් වීම,ම ලෙනින් රත්නායකට ලැබුනු දරුනුම දඩුවම නොවේද? ඔහු ඔහුගේ දෙමාපියන්ට(ජීවත්ව සිටී නම්) ඔහුගේ සහෝදර සහෝදරියන්ට, ඔහුගේ ඥාතින්ට, ඔහුගේ වෘත්තීය හාඔහුගේ පෞද්ගලික මිතුරු මිතුරියන්ට මුහුණ දීමට නොහැකි වීම ම විශාලතම දඩුවමකි. එය ජීවිතාන්තය දක්වාම සිර ගත කිරීමටත් වඩා ප්‍රබලය.

‘උසාවිය නිහඩයි’ සිනමා පටය තුල, සිනමා පටයකින් බලාපොරොත්තු වන ත්‍රාසය, භීතිය , කුතුහලය, තැතිගැන්ම, විනෝදය, දැනුම, ඔය කිසිවක් තිබුනේ නැත . ලෙනින්ගේ චරිතය ගැන දැඩි ද්වේශයක් ඇති වෙන්නේ නැත.ඒ මෙවන් ලිංගීක මානසික ලෙඩ්ඩු ඕනැම ක්‍රේෂ්තයක සිටින හෙයිනි.එලෙසම ඔහුගෙන් දූෂනය වන කාන්තාව ගැනද විශාල දුකක් සිතෙන්නේ නැත. ප්‍රසන්න මෙය ඉදිරිපත් කර ඇති ආකාරයට කිසිවෙක් දැනෙන්නේ නැත. කිසියම් සිදුවීමක් අසාසිටින හැගීමකි දැනුනේ. අවම වශයෙන් මෙම සිදුව්ම් වලියට සම්බන්ධවූ දූෂණයට ලක්වූ ගැහැනියගේ සිරගතවුනු එලෙසම උසාවියේදී අසූචි ගැසු පුද්ගලයාත් දෙවන දූෂනයට ලක්වූ ගැහනියගේ සිර ගත වූ සැමියා තවම සිරගත වී සිටිනවාදැයි නොඑසේ නම් ඔවුන් නිදහස් වී ඇත්දැයි හෝඩුවාවක් හෝ නොදීම අඩුවක් විය.
කැමරාව ,සංගීතය හා සංස්කරනය තුලින් පෙනුනේ සුවිශේෂිත දක්ෂතාවයකි.
මට නම් සිතෙන්නෙ ‘උසාවිය නිහඩයි’ලංකීය සියලුම ජනතාවම නැරඹිය යුතුම සිනමා පටයකි. මෙවන් සිනමා වෘත්තාන්තයක් කිරීම ලංකාව වැනි රටක් තුල කිසිසේත්ම පහසු නැත. වික්ටර් අයිවන් හා ප්‍රසන්න විතානගේ රෙදි ගැලවුයේ ලාංකීය සමස්ත නීති පද්ධිතියයි. මහේස්ත්‍රාත් වරුන්ගේ සෙලුවැල්ලයි. නිතිඥ්ඥවරයන්ගේ පක්කිලිකමයි. අද වූවද මහෙස්ත්‍රාත් වරුන් නිතිඥ්ඥවරුන් මෙම සිදුවීම දෙස අන්ධයන් මෙන් හැසිරෙනුයේ ඔවුන් ඔවුනගේද වෘත්තිය‍ෙ හෙලුවැල්ල එලිවේ යැයි යන බියෙනි. කලුකෝට්වලින් වසා ගෙන සිටින තම දූෂිත සිරුරු ප්‍රසන්න, වික්ටර් අයිවන්ලා යලි යලිත් විවර කරාවි යන තිගැස්සීමෙනි.

සරත් එන් සිල්වා වැනි දූෂිත නීතීපතින්, දූෂිතයන් බව සක්සුදක් සේ දැන දැනත්, නීතිපතින් ලෙස පත්කිරීමට තරම් මීහරක් මොලයක් තිබු එකල ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක ගේ පෑන්ටිය පවා හීන් නුලෙන් ගලවන ප්‍රසන්න හා වික්ටර් අයිවන්ගේ එඩිතරත්වය, “උසාවිය නිහඩයි’ තුලින් මොනවට පැහැදිලි වෙයි. මේ සිදුවීම් දාමය අව්‍යාජ ලෙස, හා නියම සත්‍ය සත්‍යානුරූපිතව මෙන්ම, එය අසත්‍ය නම් එයට ඕනෑම කෙනෙකුට අභියෝග කල හැකි ඉඩ කඩද විවෘතව තබමිනි උසාවිය නිහඩයි’ සිනමා පටය අවසන් වන්නෙ. .ලෙනින් රත්නායකට, සරත් එන් සිල්වාටත්, චන්ද්‍රිකා බන්ඩාරනායක ටත් තමන්ගේ නිදොස් බව ඔප්පු කිරීමට ප්‍රසන්න හා වික්ටර් අයිවන් එකතුව තවත් වාරයක් ලබා දුන්නද ඔවුන්ගේ නිහඩතාවය තුලින් පෙනෙන්නේ, උසාවිය මෙන්ම ඔවුන්ද නිහඩ වූ බවයි.
‘සිසිල ගිනි ගනියි’ තුලින් පටන්ගත් ප්‍රසන්නගේ සිනමා ගමන, ‘පව්රු වලලු’ ‘පුර සද කළුවර’ ‘ඉර මැදියම” ‘අනන්ත රාත්‍රිය ‘ ‘ආකාස කුසුම්’ ‘ඔබ නැතිව ඔබ එක්ක’ අතරට එකතු වුනු තවත් මුතු කැටයකි මේ ‘ උසාවිය නිහඩයි’ සිනමා වාර්තා වෘත්තාන්තය.
වසන්ත ඔබේසේකරයන්ගේ අවධානය මෙම වස්තුබීජයට යොමු වූවා නමි ‘දඩයම’ වැනි ත්‍රාසය භීතිය, සන්තාපය , මුසු පරීපූර්න වේග ශෛලීය සිනමාපටයක් වීමට බොහෝ ඉඩකඩ තිබුනි. එතරම් සිදුවීම් මාලාවක් මෙහි අන්තර් ගතව තිබුනි. එහෙත් ප්‍රසන්න හා වික්ටර් අයිවන්ට ඕනෑවී තිබුනේ සත්‍ය සත්‍යානුකූලව ඉදිරිපත් කිරීමටය . එය එයාකාරයෙන්ම ‘උසාවිය නිහඩයි’ සිනමා කෘතියෙන් නිවැරදිවම සිදුවිය. සිනමා පටයක් නිපදවන්නෙ ජනතාවට නැරඹීමටය. එහෙත් එය ජනතාව අතරට නොයන්නේ නම්, නොඑසේ නමි ජනතාව පිලි නොගන්නේ නම් එතනද ප්‍රශ්නාර්ථයක් ඇත. ප්‍රසන්න ඒගැනද සිතනවා නම් වඩාත් හොදය.එහෙත් ප්‍රසන්න විතානගේ හා වික්ටර් අයිවන්ගේ අභියෝගාත්මක එමෙන්ම ලංකාවේ සෙවල නීතියට අභීතව මුහුන දෙමින් නිර්මානය වු “උසාවිය නිහඩයි” උත්කෘෂ්ට වූ කෘතියක් බව මමද නොබියව කියමි.
(ශෝන් මැක්ස්මස් දිසානායකගේ සටහනකි)

(TRAILER)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here