0 Shares 2 views

Home » News » හුදකලාවූ ගායකයා- ඇනස්ලි මාලේවන

හුදකලාවූ ගායකයා- ඇනස්ලි මාලේවන

හුදකලාවූ ගායකයා- ඇනස්ලි මාලේවන (Annesly Malevana)

ශබ්දය මිනිසුන්ගේ ජීවිත වලට මොන තරම් ප්‍රබල ලෙස බලපානුයේද?. එයිනුත් ප්‍රමුඛ වනුයේ නාද ශබ්දයය.එය සවන තුලින් හදවතට රිංගා ඒ තුලට කිදා බැස කොහේ හෝ අස්සක රිංගාගෙන ජීවිත කාලය පුරාවටම විටින් විට ඉදිකටු තුඩකින් අනින්නාක් මෙන් අපට සිහිගන්වයි. අසීමාන්තික ජෙගා බයිට් ගණනාවක ඉඩ කඩක් ඇති අප හදවත් තුල බිලියන ගණනාවක් වුවද විවධ වූ නාද තැන්පත් කරගත හැක. හදවත තුලට ඒවා කිදා බස ඇති ආකාරයට ඇතැම් නාද මුල් තට්ටුවේම රැදෙනු ඇත. මුල් තට්ටුවේ රැදුණු එම නාද විටින් විට අප සවනට පැමිණ අපව උන්මාදනීය කෙරෙනු ඇත.

1960ටේ අගභාගය වන තෙක් අප සවනට ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් ඇසුනේ එකම රටාවක් තුල පසුබිම් වූ සංගීත නාදයන්ය. රේඩි ෆියුෂන් නම් ගුවන් විදුලියේ සිට පොර්ටබල් ගුවන්විදුලිය ට පරිවර්තනය වන තෙක් ශ්‍රාවකයාට අස්සන්නට ලැබුනේ සර්පිනාව, ඩොලක්කය ,තබ්ලාව, ආශ්‍රිත ගීතයන්ය. , ඒවා තුල හොද ගීත තිබුනද තරමක් මන්දගාමී බවක් නොදැනුනාම නොව . නමුත් හින්දි, ඉංග්‍රීසි ගීත තනු සොරා ගෙන ගයන්නට පටන් ගත් විට නම් ,පියානෝ එකෝඩියන් ,මැන්ඩලීනය, මවුත් ඔර්ගනය, ඩ්‍රම් සෙට් වැනි බටහිර සංගීත භාණ්ඩ වැයෙන්නට පටන් ගතී. සි.ටී .ප්‍රනාන්දු ,පොප් සංගීතය රැගෙන ආ විටත්, එම්.එස් ප්‍රනාන්දු, බයිලා රිද්මය ගෙන ආවිට, ලාංකේය ගීතයට පොඩි ගැම්මක් ආයේය . එච්. ආර් ජෝතිපාල, මිල්ටන් පෙරේරා,ධර්මදාස වල්පොල, ලතා වල්පොල, ඇන්ජලින් ගුණතිලක, ක්‍රිස්ටෝපර් පෝල් , ඇතැම් විට සිසිර සේනාරත්න,ඉන්ද්‍රානි විජේයබණ්ඩාර ආප්ප බානවා සේ ගී තනු අනුකරණය කරනකල ,සුනිල් ශාන්ත, අමරදේව,සී.ටී,එම් එස්,වැන්නන් ස්වතන්ත්‍ර තනු සොයා යන්නට විය.

1965 වන විට ලංකේය සංගීතය තුලට තරුණයන් ආක්‍රමණය කරන්නට විය . හිටි ගමන් අපේ සවනට, ගිටාර් තත් හඩ ඇසුනි. රිදම් ගිටාර්,බේස් ගිටාර්, ලීඩ් ගිටාර් කාණ්ඩ වශයෙන් වෙන් වෙන්ව ඇසෙන්නට විය . ඒ අතරට වෙනදා ඇසෙන “ඩොන්ග් ඩොඩොන්ග් ” ශබ්දෙට වඩා” ඩින් ඩොන්ග් ඩිරරම් ඩම් ” කියමින් පොඩි බ්රේක් කෑලි , රෝලින් කෑලි දමමින් ඇගට පොඩි රිදම් එකක් එන විදියේ ඩ්‍රම් ශබ්ද ඇහෙන්නට විය. ඒ සමගම හරි අමුතු, මින් පෙර නොඇසුණු බටහිරටත් බර,ලාංකෙයත්වයටත් බර ලස්සන ,අපි බස් වහරයට කියන “ෆුල් කොලිටි ” කට හඩක් ඇසෙන්නට පටන් ගති.
“රෝස මලේ ,නටුවේ කටු -වන බබරෝ ඔහොම හිටු – නටුව නොවෙයි මම මල සිබිමි , මම ළමයෝ පැණි උරමි. ” ,

ලස්සන තනුවක්, පිරුණු සංගීතයක් ,හරිම අව්‍යාජ්‍ය මහත්මා හඩක් ( Gentleman Voice ) ඇසුනේ ප්‍රධාන හඩත්(Lead Voice ) හා පිරිස් හඩ (Harmony ) හරි අපූරුවට සුසංයෝගී කර ගනිමිනි.

“කාගේද ගොන් වස්සා – මගේ කුබුරට බැස්සා
හොද ගානක් උස්සා – පවරා දෙමි වස්සා ”
ගමක සිදුවෙන උපහාසාත්මක කථාවක් ” නැතිවූ ගොන් වස්සෙක් ගැන , ගිටාර්, ඩ්‍රම්ස් ශබ්ද සමග,

“මංගෝ කළු නැන්දේ- මොකදෑ මේ පැත්තේ
සැන්දෑ යාමේ බලා- ගෙදරින් පැනගත්තේ ” තවත් ගමේ ගැහැණියෙක් ගැන බටහිර ස්වර නාද තුලින්

“උඩරට නිළිය හැඩ වගේ – රතගිලි ඇගේ සැලෙන හැටි අගේ
මල් පැණි බොන්නට පොරකන, මීමැසි රංචුව වාගේ
ඇගේ රතගිලි සැලෙන හැටි අගේ ”

තවත් අටුවාටිකා අවශ්‍ය නැත. මේ සවිත්සරය ක්ලැරන්ස් විජේවර්ධනගේ හොදම සොයාගැනීම ගැනය. ඒ ඇනස්ලි මාලේවනය .

රත්නපුර උපත ලබා කොලබ සාන්ත ජෝශප් විදුහලේ ඉගනුම ලද ඔහුට, ක්ලැරන්ස් මුණගැහුනේද පාසැල් කාලය තුලමය. එලෙසම ක්ලැරන්ස් හා ඇනස්ලි දෙදෙනාම රත්නපුර පදිංචි කරුවන්ය. ඒ මිතුදම “මූන්ස්ටෝන්ස්” ගායක කණ්ඩායම බිහි කිරීමට සමත් විය. එහි ප්‍රධාන ගායකයා වුයේ ඇනස්ලිය. ඔවුනට අවශ්‍ය වී තිබුනේ ස්වතන්ත්‍ර ගීත එළිදැක්වීමටය. සූරිය ලේබලය යටතේ ඔවුන් ප්‍රථම ගී හතර එළිදැක්විය. එම ගී හතරවූ “මංගෝ කළු නැන්දේ” “රුවන්පුරය අපේ ගම තමයි” “සීත උදේ පිපි මල්” “මැණිකේ සුදු මැණිකේ”, ගැයුවේ ඇනස්ලි මාලවනය . ඉන් පසු “මාමේ අපේ කළු මාමේ ” “කාගේද ගොන් වස්සා “,”ගොයම් කපනවා මැණිකේ”, “රෝස මලේ නටුවේ කටු” ” යන ගී හතරද එළිදැක්වීය.

එකල යොවුන් වියේ පසුවූ බොහෝ අයගේ නෙත් ඇනස්ලි මාලේවන දෙසට හැරෙන්නට විය. ඒ හඩට පෙම් බදින්නට විය. එලෙසම ඔහුගේ මංගෝ නැන්දා, ගොන් වස්සා ,උඩරට නිළිය සහ කළු මාමේ ගීත අතිශයෙන්ම ජනප්‍රිය විය. එය 50ස් වසරක් ඉක්ම ගියද අදටත් ඕනෑම විනෝද සවාරියකදී , උත්සවයකදී පිරිස් එක්ව ගයන ගීත බවට පත්විය. එතැන් පටන් ඇනස්ලි ගීත ගණනාවක්ම ගැයුවේය. එම ගීත බොහොමයක් ජනප්‍රිය විය.

“මම එදා ගොසින්”, ” සුමුදු මල් පිපුණු අතු කොනේ” “අතිනත පටලා” “පව්රූ වළල්ලක් බැදලා “, යන ගී ඉන්ද්‍රානි පෙරේරා සමගද, “කියන්න සුළගේ ඔබ කොහි සිටදෝ එන්නේ” ලිලන්ති කරුණාරත්න සමගද ගැයූ ඔහු , “අලුයම ලා හිරු රැස් “, “ඇල දොළ පිරුනා ” “සිහින පැතුම් විමනේ” “”දේදුනු පාට වාගේ සොදුරු ආදරේ”,”උඩරට කදුකරයේ” “තොටියා” “රමණි සැනසුම ගෙන දෙන දියණි” “රොන් ගන්නේ කෙලෙසකදෝ” “සතුට සැනසුම ලග රන්දා” “කුසුමලතා”, “සුමුදු සමන් මල් පොඩි” “මමයි මගේ ගිටාරයයි” “ගැහැණිය” වැනි ගීත ඔහුව ජනප්‍රියත්වයේ ඉහලම හිනි පෙත්තට ගෙන ගියේය. ඔහු ගැයූ ගීත වලින් අතලොස්සකි.

අව්රුදු 50කටත් වැඩි කාල පරාසයක ගීත ගැයූ,අතිශයෙන් සුමධුර වූ ගීත රාශියක් තම හඩින් ශ්‍රාවකයන්ට විදින්නට ලබා දුන් එමෙන්ම තවමත් ගීත ගයන ඇනස්ලි මාලේවන වැනි මේ අතී විශිෂ්ට ගායකයාව ලංකාව තුල හුදකලා කර ඇති බවය හැගෙනුයේ. ඇගයීමක් නැති, සම්මානයක් නැති, ගායක ලැයිස්තුවක ගායකයෙක් ලෙස සදහන් වෙන්නැති, මාධ්‍යට ,පෙනෙන නැති , පුවත් පත් විස්තරයක් පළවෙන්නේ නැති මේ සුපිරි ගායකයාව කොන් කරන බවක්ද හැගේ. එහෙත් ඔහු තවමත් සාර්ථකව ඔහුගේ හුදකලා ගමන යනු ඇත..

(ශෝන් මැක්ස්මස් දිසානායකගේ සටහනකි.)

 

https://youtu.be/srri5yx87vY

http://baiscope.com

 

You may be interested

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –
News
News

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –

Shaun Maximus Dissanayake - 11 hours ago

ලාංකේය සිනමාවේ චන්ඩියෝ (Sri Lankan Cinema Fighters) ලෝක සිනමාවට ගහමරාගැනීම් පැමිනියේ කෙලෙසකදැයි හරි නිනව්වක් නැත. එහෙත් ලෝක සිනමාවට එය කෙසේ පැමිනියද, ලාංකේය සිනමාවට නම් එය පැමිනෙන්ට ඇත්තේ…

සෝමසිරි අලකොලාංග අදරණීය කලාකරුවා  පැවිදි දිවියට ඇතුළත්‍ වෙයි
Hot & Gossip News
Hot & Gossip News

සෝමසිරි අලකොලාංග අදරණීය කලාකරුවා පැවිදි දිවියට ඇතුළත්‍ වෙයි

Wasana V - 12 hours ago

සෝමසිරි අලකොලාංග  (somasiri alakolange)  කියන්නේ ටෙලිනට්‍ය හා චිත්‍රපට තුල බොහෝ විට දකින්න ලැබෙන අදරණීය කලාකරුවෙක්. ජීවිතය ලස්සනයි වැනි ටෙලි නාට්‍ය හරහා රසිකයන්ට සදා මතක සිටින චරිත රඟපෑ…

The Killing of a Sacred Deer චිත්‍රපටය ඔක්තෝබර් 20 තිරගතවේ
News
News

The Killing of a Sacred Deer චිත්‍රපටය ඔක්තෝබර් 20 තිරගතවේ

Wasana V - 12 hours ago

Yorgos Lanthimos විසින් සංගීත අධ්‍යක්ෂණය කරන Nicole Kidman, Alicia Silverstone, Colin Farrell, Raffey Cassidy, Barry Keoghan, Bill Camp යන අයගේ රංගනයෙන් නිර්මාණය වන The Killing of a…

Leave a Comment

Your email address will not be published.

Most from this category