0 Shares 606 views 2 Comments

Home » වර්ගීකරණය » Podhuvaga Emmanasu Thangam Sinhala Subtitle – පොදුවාගම එම්මනසු තංගම් සිංහල උපසිරැසි

Podhuvaga Emmanasu Thangam Sinhala Subtitle – පොදුවාගම එම්මනසු තංගම් සිංහල උපසිරැසි

(Podhuvaga Emmanasu Thangam Sinhala Subtitle)

කූත්තුපාඩි නම් ගමේ වැසියන්ව එම ගමින් පිටමං කරන්න උත්සහා කරන උත්තූකාට්ටන් කූත්තූපාඩි ගමට ලැබෙන තිබෙන සියලු පහසුකම් නවත්වයි. ඒ ගමේ පදිංචි වී සිටින මිනිසුන්ට නගරයේ රැකියා සොයාදෙයි. නමුත් කූත්තුපාඩි ගමේ සිටින ගනේෂ් නම් තරුණයා කූත්තුපාඩි ගමට ඔහුට හැකි අයුරින් සමාජ සේවය කරයි. නමුත් ඒවා අවසන් වන්නේ සුළු ප්‍රශ්න ඇති වී ගම් වැසියන්ගේ අමනාපකම් සමඟයි. මේ අතරතුර ඌත්තූකාට්ටන්ගේ නැගණිය විවාහ කරගෙන ගිය ගම උත්තූකාට්ටන්ගේ මුදලින්ම සංවර්ධනය කර දුන් බව දැනගත් ගනේෂ් ඔහුගේ දියණියට ආදරය කරන්න පටන් ගනියි. ඔහුගේ ආදරය ජය ගත්තා ද ගම සංවර්ධනය කරගැනීමට හැකි වුණා ද, ඇයි ඌත්තුකාට්ටාන් ගනේෂ්ගේ ගමේ අය සමඟ මේ තරම් වෛරයෙන් සිටින්නේ යන ප්‍රශ්නවලට පිළිතුරු දැන ගැනීමට නම් චිත්‍රපටිය නැරඹිය යුතු වෙනවා. මීට අමතරව සිනාසෙමින් බැලිය හැකි අයුරින් මේ චිත්‍රපටිය නිර්මාණය කර තිබිම විශේෂත්වයකි.

තලබදි ප්‍රභු (Thalapathy Prabhu) ගේ අධ්‍යක්ෂණයෙන් උදයනිත් ස්ටාලිං ( Udhayanidhi Stalin), නිවේදා පෙතුරාජ් (Nivetha Pethuraj), පාර්තිබන් (Parthipan), සූරි (Soori) යන අයගේ රංගනයෙන් නිර්මාණය වූ මේ චිත්‍රපටිය 11 අගෝස්තු 2017 වන දින තිරගත විය. විනාඩි 138ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටිය N. Ramasamy විසින් නිෂ්පාදන කළ අතරම එයට සංගීතය සපනය ලද්දේ ඩී.ඉමාන් (D. Imman) විසින්ය.

මෙම චිත්‍රපටියට Behinwoods විසින් 2.2/5ක් ද, India Glitz විසින් 2.6/5 ක් ලබා දී තිබෙනවා. ගූගල් භාවිතා කරන අය අතර මෙම චිත්‍රපටියට 77%ක් කැමත්ත දක්වා තිබීම විශේෂත්වයකි.

චිත්‍රපටියට ඩවුන්ලෝඩ් කරගැනීමට අවශ්‍ය ලින්ක් එක සබ්ටයිටල් ෆෝල්ඩරය තුළම ඇති බවට සලකන්න..

උපසිරැසි ලබා ගැනීමට මෙතැන ක්ලික් කරන්න..

තවත් උපසිරැසි පහතින් ඇත..

Kidari Sinhala Subtitle – කිඩාරි සිංහල උපසිරැසි
Velai illa pattathari 2 Sinhala Subtitle – වේලෛ ඉල්ලාද පට්ටදාරි 02 සිංහල උපසිරැසි
Meesaya Murukku Sinhala Subtitle – මීසය මුරුක්කු සිංහල උපසිරැසි

Tags —> Podhuvaga Emmanasu Thangam Sinhala Subtitle, Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle,Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,

You may be interested

Tragedy Girls ඔක්තෝබර් 20 වනදා තිරගතවේ
News
News

Tragedy Girls ඔක්තෝබර් 20 වනදා තිරගතවේ

Wasana V - 9 mins ago

Tyler MacIntyre විසින් අධ්‍යක්ෂණය කරන Josh Hutcherson, Brianna Hildebrand, Kevin Durand, Nicky Whelan, Craig Robinson, Alexandra Shipp, Rosalind Chao යන අයගේ රංගනයෙන් නිර්මාණය වන Tragedy Girls ඔක්තෝබර්…

Wheelman ඔක්තෝබර් 20 තිරගතවේ
News
News

Wheelman ඔක්තෝබර් 20 තිරගතවේ

Wasana V - 22 mins ago

Jeremy Rush විසින් අධ්‍යක්ෂණය හා තිරරචනය කරන Frank Grillo, Caitlin Carmichael,Garret Dillahunt, Wendy Moniz, John Cenatiempo, Slaine, William Xifaras යන අයගේ රංගනයෙන් නිර්මාණය වන wheelman ඔක්තෝබර් 20…

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –
News
News

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –

Shaun Maximus Dissanayake - 18 hours ago

ලාංකේය සිනමාවේ චන්ඩියෝ (Sri Lankan Cinema Fighters) ලෝක සිනමාවට ගහමරාගැනීම් පැමිනියේ කෙලෙසකදැයි හරි නිනව්වක් නැත. එහෙත් ලෝක සිනමාවට එය කෙසේ පැමිනියද, ලාංකේය සිනමාවට නම් එය පැමිනෙන්ට ඇත්තේ…

2 Comments

  1. tamil aluth film walata mulinma sub denne me site eke.sub deawata tnx.. ivan thanthiran film ekatath sub eka dennako

    Reply

Leave a Comment

Your email address will not be published.

Most from this category