0 Shares 3 views

Home » News » “යකඩ පිහාටු” විවේචනය -ශෝන් මැක්ස්මස් දිසානායක

“යකඩ පිහාටු” විවේචනය -ශෝන් මැක්ස්මස් දිසානායක

යකඩ පිහාටු  (Yakada Pihatu)   “විවේචනය -ශෝන් මැක්ස්මස් දිසානායක

උදය කාන්ත වර්ණසූරියගේ සිනමා භාෂාව තුල ඔහු ස්පර්ශ කෙරෙන අහුමුලු විටෙක දියරුය. තවත් විටෙක විශ්මිතය. නොඑසේනම් දියාරු හා විශ්මිත දෙක අතරේය. නමුත් ඔහුගේ චිත්‍රපට වැල අතරේ විශ්මිත විය හැක්කකි යකඩ පිහාටු, සිනමා කෘතිය. හැම අවස්ථාවකදීම උදය කාන්තගේ සිනමාව තුල කුමක් හෝ ආභාෂයක් දැනීම වළක්වාලිය නොහැක . ඔහුගේ බහුභාර්යා “Fatal Attraction ” නම් බටහිර කෘතියකින් උපුටා ගත අතර “හිරි පොද වැස්ස” Boys නම් දමිල චිත්‍රපටයෙන් උපුටා ගති. “බන්ධනය” “The Exsocist ” නම් චිත්‍රපටයෙ කතාව විය.

යකඩ පිහාටු කතාව ගලා යන ආකාරය දෙස බැලුවිට එය ලාංකේය තේමාවට වඩා බටහිර කෘතියකට නෑකම් කියයි.මෙවන් තේමාවන් සහිත බටහිර චිත්‍රපට මා අනන්තවත් නරබා ඇත.මෙහි කතානායකයා මුලින්ම පැමිණෙන්නේ සිර ගෙදර සිටය . චිත්‍රපටයට ත්‍රාසය මුල සිටම ඇතුල්වේ. එලෙසම කිසියම් අද්භූත පසුබිමක් නිර්මාණය වේ . එය වඩාත්ම තීව්ර වනුයේ කතානායකයා විසින් ඔහුගේ බිරිද මැරු 3දෙනාව ඝාතනය කර, ඔහු පාලු දුම්රිය නවාතැන් පොලක බල්ලෙකුත් සමග සිටින විටය.

ඉන්පසු සියල්ල සිදුවන්නේ කුඩා ළමයා හරහාය. මට එක්වරම “දුහුළු මලක්” චිත්‍රපටය සිහිවිය. එහිද රවින්ද්‍ර රන්දෙනිය, මුලින්ම යහළු වන්නේ නීටා ගේ කුඩා දරුවා සමගය. කුඩා දරුවාගේ මාර්ගයෙනි ඔහු නීටා සමග යහළු වන්නේ. මෙහිද එසේය. කුඩා ළමයාගේ රූං පෙත්ත නිසා ඔහුට කුඩා ළමයා සමග යහළුවීමට හැකි විය. ඉන්පසු ඔහුගේ ගේ මව සමග හිතවත් කමක් ගොඩනගා ගැනුනි. එහෙත් එය “දුහුළු මලක්” මෙන් සැලසුම් කර යහළු වීමක් නම් නොව, මෙය ඉබේම මෙන් ය සිදුවුයේ. රූං පෙත්තක් වැනි දෙයකින් මොන තරම් දෙයක් කල හැකිද? උදය කාන්තත් “මාරයි ය “.

මවත් කුඩා දරුවත් ලට්ට පට්ට පෙට්ටි ,මලු විශාල තොගයක් උස්සගෙන කොහේ ගියාද කියා කාටවත් නිනව්වක් නැත. එතන අවශ්‍යතාවය තිබුනේ කතානායකයා ලවා බඩු ඇද්ද වීම විය හැක. කෙසේ හෝ කතානායකයා පසිදුත්(කුඩා ළමයා) ඔහුගේ මවත් සමග සම්බන්ධ කරවීමට, උදයකාන්ත කෙරු උප්පරවැට්ටිය නරකම නැත.

කතා නායකයට තිබුනේ එක ප්‍රශ්නයකි. ඒ තම බිරිදව මැරූ පුද්ගලයන් තිදෙනාව මරාදැමීමෙන් පසු පොලිසියට හසු නොවී බේරීමය. එහෙත් පසිදු ගේ මවට තිබුනේ තම මියගිය සැමියා සතු ඉඩකඩම් සැමියාගේ සහෝදර සහෝදරියන්ගෙන් බේරගන්න ප්‍රශ්නයයි. මුලදී හරි සරලව අපට දැනෙන්නේ එය වුවද, පසුව කතා නායකයා ඇයගේ ආරක්ෂකයා වීම තුලින් තවත් සිදුවීම් ගණනාවකට මුල පිරෙන්නට වන බවක් අපට දැනේ.

උදයකාන්ත කතාව විවිධ වූ තලවල හප්පමින්, මුළුචිත්‍රපටය තුලම ගෙනයනුයේ ගණන්කාර කමය. එය මිනිසුන්ද , ගැහැණුන්ද කියා වෙනසක් නොමැතිව එම හැලහැප්පීම රැගෙන යයි . ගැහැනුන් රෙදි උස්සන තරමටම මිනිස්සුත් සරම් උස්සයි. එය චන්ඩි කමට මෙන්ම වනචර කමටද යොදවා ගැන්මට,තරම් උදයකාන්ත නිර්භය වේ . මෙහිදී හමුවන හැම ගැහැනියම හැම පිරිමියාම තොරතෝංචියක් නැතිව කෑ මොර ගසයි. නොනවත්වාම කියවයි. හරියට රජිනිකාන්ත ගේ දමිල චිත්‍රපටයක් බලනාවක් මෙනි.

කතානයිකාවගේ මියගිය සැමියාගේ සහෝදරියකගේ සැමියා මියගිය දරුවෙක් සිටිනා තරුණියගේ චරිතය එතනට ආදා තිබෙන්නේ, කතානායකයට ජව සම්පන්න ලෙස රමණයේ යෙදීමට විය හැක. එලසම කතානායිකාවට රමණය කරන විට, ගැහැණු දෙදෙනාගේ ජවසම්පන්න කම අතරේ ඔහුට දෝලනය වන්නට සිදුවිය.

හැල හැප්පීම් ගණනාවක් පසු,කතානායකයට සිරගතවන්නට සිදුවේ . ඒ සිදුවීම මාදකින්නේ සියල්ල කොතනකින් හෝ නිම කල යුතු නිසා සිදුවූ දෙයක් ලෙසය. නැවත අවරුදු 10කට පසු අප කතානායකයා “රොමේෂ්” නැවත එම ගමට එන විට, සියල්ල විසදී තිබුණි, සියල්ල සුන්දර වී තිබුණි. මෙසේ සියල්ල විසදෙන්නේ චිත්‍රපටයක් නිසා යැයි මා සිත හද ගතිමි.

උදයගේ චිත්‍රපට වල සුවිශේෂිතාවය රගපෑමය . රන්ජන්, අනෝජා,මැණිකේ,සේමනි,ගංගොඩතැන්න,කුවින්ටස් එක පොදීයට රංගන යුද්ධයක පැටලේ , කැමරාව විශිෂ්ටය. එයට සංගීතයද එක්වේ . උදයගේ චිත්‍රපට පෙළ අතරින් “යකඩ පිහාටු” විශේෂ වන්නේ ඔහු එය හසුරුවා ඇති ආකාරය තුල කිසියම් වෙනසක් තිබු නිසාය. එය බොහෝ විට ආරෝහණ පැත්තට බරය.

(ශෝන් මැක්ස්මස් දිසානායක )

http://baiscope.com

 

You may be interested

Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 2 hours ago

Camilla Hall විසින් අධ්‍යක්ෂනය කරන Jacob Crawford,Kevin Moore,Ramsey Orta,David Whitt යන අයගේ රණගනයෙන් නිර්මාණය වන Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ.   මේ චිත්‍රපටයේ  Jacob Crawford විසින්…

The King’s Choice චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

The King’s Choice චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 2 hours ago

Erik Poppe  විසින් අධ්‍යක්ෂනය කරන Jesper Christensen, Anders Baasmo Christiansen, Tuva Novotny, Katharina Schüttler, Karl Markovics, Juliane Köhler, Rolf Kristian Larsen,Erik Hivju යන අයගේ රණගනයෙන් නිර්මාණය වන…

Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 3 hours ago

David Gordon Green විසින් අධ්‍යක්ෂනය කරන Jake Gyllenhaal, Tatiana Maslany, Miranda Richardson, Clancy Brown යන අයගේ රණගනයෙන් නිර්මාණය වන Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ.   විනාඩි…

Leave a Comment

Your email address will not be published.

Most from this category