0 Shares 401 views

Home » News » කාන්තා සම ලිංගීක ප්‍රථම ලාංකේය චිත්‍රපටය

කාන්තා සම ලිංගීක ප්‍රථම ලාංකේය චිත්‍රපටය

කාන්තා සම ලිංගීක ප්‍රථම ලාංකේය චිත්‍රපටය “සුර යහන ගිනි ගනී “(Sura Yahana Gini Ganiy) වීනා ජයකොඩි  සහ සනෝජා බිබිලේ සමග

එරංග සේනාරත්න ගේ “සුර යහන ගිනි ගනී” ලාංකේය සිනමාවේ ප්‍රථම කාන්තා සම ලිංගීක චිත්‍රපටය ලෙස ලාංකේය ඉතිහාසයට එක්වේ .
විශිෂ්ට එමෙන්ම ජනප්‍රිය නිලියක් වන වීනා ජයකොඩි, සනෝජා බිබිලේ සමග මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට පන පොවනු ඇත.

තරුණ විවාහක යුවලක් විශාල නිවෙසක ඇනෙක්සියක කුලී පදනම මත පදිංචියට යනු ඇත. එම විශාල නිවසත් ඇනෙක්සියත් අයිති අවිවාහක තරමක් මැදිවියේ එහෙත් රූමත් සල්ලිකාර,ගැහැනියකටය. . එම යුවලේ තරුණිය රූමත්ය . මුලින් නිවස අයිති කාරියත් , මෙම තරුණියත් සිටියේ ගෙවල් හිමිකාරිත්, කුලී පදින්චිකාරිත් ලෙසය. නමුත් පසුව ඔවුන් දෙදෙනා අතරේ අසම්මත සම්බන්දයක් ගොඩ නැගේ. එම සල්ලිකාර ගැහැණිය තවත් තරුනියක්ව තම නිවසේ වැඩකාර කමට තබා ගෙන ඇය සමගද අසම්මත ලිංගීක සබද කමක් ගෙනයයි. අවසානයේ මෙම විවාහක යුවලගේ විවාහයද දෙදරා විශාල ඛේදවාචකයකට මුහුණ දෙන්නට සිදුවේ .

වීනා ජයකොඩි නිවෙස් හිමි ධනවත් අවිවාහක ගැහැනියගේ චරිතයට පන පොවන අතර, සනෝජා බිබිලේ ඇනෙක්ස්සියේ පදිංචි වන තරුණියගේ චරිතයට පන පොවයි. මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, ෆ්‍රෙඩී සිල්වා , රංගන ප්‍රේමරත්න සෙසු චරිත රගපානු ඇත.

මෙය තමන්ට ලැබුණු අභියෝගාත්මක චරිතයක් බව වීනා ජයකොඩි සදහන් කර ඇත . ජෝ අබේවික්‍රම වැනි දැවැන්ත රංගන ශිල්පියෙක් ,”මලට නොඑන බබරු ” චිත්‍රපටයේ සනි හාමු නම් වංශවත් එහෙත් සමලිංගික චරිතයක් අජිත් ජිනදාස සමග කිරීමට එකග වුනේ, ඒ චරිතයක් නිසා මිස සැබෑ ජීවිතයක් නොවන නිසාය. රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් ඕනෑම අභියෝගාත්මක චරිතයක් භාර ගත යුතුය. ඇයද මෙය භාරගත්තේ එය චරිතයක් නිසාය. සනෝජ බිබිලේද, සිනමාව වෙනුවෙන් බොහෝ දේ කැප කල දක්ෂ නිලියෙකි. ඕනෑම අභියෝගයක් බාර ගත හැකි නිලියෙකි. මෙහි රගපාන අනෙක් නළුවන් වූ මහේන්ද්‍ර,ශ්‍රියන්ත,රංගන,ෆ්‍රෙඩි , සම්මානනීය නළුවන්ය.

“සුර යහන ගිනි ගනී” කලුසුදු වර්ණයෙන් නිපදව ඇති අතර, එය අතීශයෙන් වැඩිහිටියන්ට පමණයි යන ලේබලය යටතේ තිර ගත කෙරුණි.

 

http://baiscope.com

 

You may be interested

Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 2 hours ago

Camilla Hall විසින් අධ්‍යක්ෂනය කරන Jacob Crawford,Kevin Moore,Ramsey Orta,David Whitt යන අයගේ රණගනයෙන් නිර්මාණය වන Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ.   මේ චිත්‍රපටයේ  Jacob Crawford විසින්…

The King’s Choice චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

The King’s Choice චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 2 hours ago

Erik Poppe  විසින් අධ්‍යක්ෂනය කරන Jesper Christensen, Anders Baasmo Christiansen, Tuva Novotny, Katharina Schüttler, Karl Markovics, Juliane Köhler, Rolf Kristian Larsen,Erik Hivju යන අයගේ රණගනයෙන් නිර්මාණය වන…

Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 3 hours ago

David Gordon Green විසින් අධ්‍යක්ෂනය කරන Jake Gyllenhaal, Tatiana Maslany, Miranda Richardson, Clancy Brown යන අයගේ රණගනයෙන් නිර්මාණය වන Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ.   විනාඩි…

Leave a Comment

Your email address will not be published.

Most from this category