0 Shares 337 views

Home » වර්ගීකරණය » වේලෛ ඉල්ලාද පට්ටදාරි 02 සිංහල උපසිරැසි – Velai illa pattathari 2 Sinhala Subtitle

වේලෛ ඉල්ලාද පට්ටදාරි 02 සිංහල උපසිරැසි – Velai illa pattathari 2 Sinhala Subtitle

(Velai illa pattathari 2 Sinhala Subtitle)

රගුවරන් වසරේ හොඳම ඉංජිනේරුවරයායි, එම වසරේ සම්මාන ලබා දීමේ උත්සවයේ
දී සියලු ඉංජිනේරු සම්මාන හිමි කරගන්නේ වසුන්දරා ඉදිකිරීම් සමාගමයි. එහි අධිපතිනිය වන
වසුන්දරා, රගුවරන්ව තමන්ගේ ආයතනයට බඳවා ගැනීමට උත්සහ කරයි, එම උත්සහය අසාර්ථක වූ
නිසා ඇය විසින් රගුවරන් දැනට සේවය කරමින් සිටින ආයතනයට කරදර කරයි.
මෙසේ තම ආයතනයට කරදර සිදුවන්නේ තමන් නිසා දැනගත් රගුවරන් එම රැකියාවෙන්
අස් වී තමන්ගේම කියා VIP ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමක් ආරම්භ කරයි. එම සමාගම සාර්ථකව
කරගෙන යාමට වසුන්දරා ඉඩ ලබා දුන්නා ද නැති ද යන්නයි මේ චිත්‍රපටියේ වස්තු බීජය වන්නේ.

වේලෛ ඉල්ලාද පට්ටදාරි පළමු කොටස නැරඹු අයට නම් මේ කොටස පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වනවා. පළමු කොටසේ කතාව පිළිබඳව කෙටියෙන් පවසනවා නම්, රගුවරන් යනු ඉංජිනේරු උපාධිය අවසන් කර රැකියාවක් නොමැතිව ගෙදරට වී සිටින තරුණයෙකි. ඔහුගේ අල්ලපු නිවසට වෛද්‍යවරියක් වන ශාලිනී පැමිණෙයි, ශාලිනී හා රගුවරන් අතර ප්‍රේම සම්බන්ධතාවක් ඇති වෙයි.

ඒ අතරතුර රගුවරන් දැඩි ලෙස සෙනෙහ දක්වන ඔහුගේ මව මිය යයි. මවගේ මිය යෑමේ සොවින් සිටින රගුවන්ට අනිතා ඉදිකිරීම් සමාගමෙන් රැකියාවක් ලැබෙයි. මෙසේ රැකියාවක් ලැබෙන්න හේතුව වන්නේ, ඔහුගේ මව විසින් ඇයගේ ශරීර අවයව දන් දී තිබෙන අතරම එම අවයව මඟින් අනිතා නම් තරුණිය ජීවිතය බේරාගැනීමට සමත් වෙනවා.. එයට කෘතගුණ දක්වන අයුරින් ඔහුට මේ රැකියාව ලැබෙන්නේ.
මේ අතරතුර රජයේ නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවා තිබෙනවා. එම ව්‍යාපෘතිය හිමි වන්නේ රගුවරන්ටයි, ඔහුට ලැබුණ මේ ව්‍යාපෘතිය ඔහුගෙන් ඩැහැගැනීමට බලා සිටින අර්ජුන්ගේ කරදරවලින් රගුවරන් ජය ගන්නවා අවසානයේ දී.. මෙයයි පළමු කොටසේ සිදුවන්නේ.. එතැනින් ඉදිරියට රගුවරන්ගේ ජීවිතය ගත වෙන ආකාරය VIP 2 හරහා නැරඹිමට ආරාධනා කරනවා.

මෙම චිත්‍රපටිය අදාළව Times of India 2.5/5ක් ද Behindwoods 2.8/5ක් ද ලබා දී තිබෙනවා, Imdb 5.6ක ලකුණු ප්‍රමාණයක් ලබා දී තිබිම විශේෂත්වයක් වෙනවා.

චිත්‍රපටියට අදාළ ලින්ක් එක සබ් සමඟ තිබෙන ලින්ක් නොඩ්පෑඩ් එකක තිබෙන බව සලකන්න

උපසිරැසි ලබාගැනීමට මෙතැන ක්ලික් කරන්න

තවත් උපසිරැසි පහතින්

Meesaya Murukku Sinhala Subtitle මීසයමුරුක්කු සිංහල උපසිරැසි
Tubelight Tamil Movie Sinhala Subtitle – ප්‍රමාදෝෂය සිංහල උපසිරැසි
Kootathil Oruthan Sinhala Subtitle – කූට්ටතිල් ඔරුතන් සිංහල උපසිරැසි

Tags –> Velai illa pattathari 2 Sinhala Subtitle, Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

You may be interested

Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 59 mins ago

Camilla Hall විසින් අධ්‍යක්ෂනය කරන Jacob Crawford,Kevin Moore,Ramsey Orta,David Whitt යන අයගේ රණගනයෙන් නිර්මාණය වන Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ.   මේ චිත්‍රපටයේ  Jacob Crawford විසින්…

The King’s Choice චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

The King’s Choice චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 2 hours ago

Erik Poppe  විසින් අධ්‍යක්ෂනය කරන Jesper Christensen, Anders Baasmo Christiansen, Tuva Novotny, Katharina Schüttler, Karl Markovics, Juliane Köhler, Rolf Kristian Larsen,Erik Hivju යන අයගේ රණගනයෙන් නිර්මාණය වන…

Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 2 hours ago

David Gordon Green විසින් අධ්‍යක්ෂනය කරන Jake Gyllenhaal, Tatiana Maslany, Miranda Richardson, Clancy Brown යන අයගේ රණගනයෙන් නිර්මාණය වන Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ.   විනාඩි…

Leave a Comment

Your email address will not be published.

Most from this category