0 Shares 183 views

Home » News » මාලනී ගැන අප්‍රකට තොරතුරු

මාලනී ගැන අප්‍රකට තොරතුරු

මාලනී ගැන අප්‍රකට තොරතුරු

මාලනී ෆොන්සේකා (Malani Fonseka) ලාංකේය සිනමාවේ දෙවැනි රැජිනය. රුක්මනී දේවියගෙන් ආරම්භ වූ ලාංකේය සිනමාව,මාලනී ෆොන්සේකාගෙන් පරිනත විය. රුක්මනී දේවිය, ඇයගේ කිරුල මාලනියට දී ඇයව රැජිනක් ලෙස අභිෂේක කලාය .

මාලනී ෆොන්සේකා කලා ලෝකයට ඇතුල්වුයේ වර්ෂ 1963 දීය. මුලින්ම ඇය රගපෑවේ “නොරත රත ” වේදිකා නාට්‍යයයේය. ඉන්පසු යලි 1968 “අකල් වැස්ස” නාට්‍යයේ රගපා, හොදම වේදිකා නිලියට හිමි සම්මානය දිනා ගත්තාය. එම නාට්‍ය නැරබීමට චිත්‍රපට අධ්‍යක්ෂක තිස්ස ලියනසූරිය සහ ජෝ අබේවික්‍රම පැමිණ සිට ඇයව ඔවුනගේ නවතම චිත්‍රපටය වූ “පුංචි බබා” හී ප්‍රධාන චරිතයකට තෝරා ගති .

ඒ වන විට ඇය විවහා වී සිටියාය. ඇගේ මුල් සැමියා කඩවත පදිංචිව සිටි උපාලි සේනානායකය.

ඇය පුංචි බබා හී රගපාන්නට එන විට එම විවාහය දෙදරා ගොස් තිබුණි.

මාලනී ෆොන්සේකාගේ අනෙක් නම සෙනෙහෙලතා ය. එකල ඇතැම්  චිත්‍රපට නාමාවලියට ඇගේ සම්පුර්ණ නම යොදා තිබුණි ඒ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා ලෙසිනි.

මාලනී පාසැල් ගියේ කැලණියේ ගුරුකුලයටය. ඇයගේ සහෝදර සිසු,සිසුවියන් වුයේ ධර්මසේන පතිරාජ,විමල් කුමාර දේ කොස්තා, සහ දයා තෙන්නකෝන්ය.

ධර්මසේන පතිරාජ ඔහුගේ ප්‍රථම චිත්‍රපටය වූ “අහස් ගව්ව” හී ඇයට ඉතාම සුළු චරිතයක් දුනි. ඒ කුඩා තැපැල් හලක සේවිකාවක් ලෙසය.

ඇය පාසැල් සමයේ පටන් බෙහෙවින් ප්‍රිය කලේ ටෝනි රණසිංහ යන නළුවාටය.  ඇය ඔහුගේ පුවත් පත් වල පලවූ පින්තුරු කපා සුරක්ෂිතව තැන්පත් කලාය. පසුව සිනමාවට පැමිණ මුල් වකවානුවේම ඇයට ටෝනි රණසිංහ සමග ප්‍රධාන චරිතයකට පන පෙවිමට අවස්ථාවක් ලැබුණි.. ඒ “ආදරවන්තයෝ” යන චිත්‍රපටයේය.

මාලනී ගේ ජනප්‍රියත්වයේ දොරටුව විවෘත වුයේ “හතරදෙනාම සූරයෝ ” චිත්‍රපටයෙනි.

විජය -මාලනී සුසංයෝගය ඇරඹුනේ “හතර දෙනාම සූරයෝ” චිත්‍රපටයෙනි.

එය තවතවත් තිවර වුයේ “තුෂාරා” චිත්‍රපටයෙනි.

ගාමිණි – මාලනී යුවල එක්වුයේ “සහනය” චිත්‍රපටියෙනි.

එය”නිධානය” “ආදරේ හිතෙනවා දැක්කම” “එදත් සූරයා අදත් සූරයා” “සදහටම ඔබ මගේ” “හොදම වෙලාව” ” හොදයි නරකයි”, “හොදට හොදයි” කස්තුරි සුවද” “සැණකෙළිය” “ආවා සොයා ආදරේ” “සූරයා සූරයාමයි” “නයනා” “කවුද රජා” “දෙවියනේ ඔබ කොහිද?” වන තෙක් රැගෙන ආවේය.

ගාමිණි- මාලනී සමග විරසක වුයේ “දෙවියනේ ඔබ කොහිද” චිත්‍රපටයෙන් පසුවය.

එයට හේතු වූ කාරනාව නිශ්ශිත වශයෙන් කිව නොහැකි වුවද කිසිවකගේ කේලම් බහකට විරසක වූ බවකි ප්‍රසිද්ධ වුයේ.

එම හේතුව නිසා මාලනීට චිත්‍රපටය ගණනාවක් නැති විය. “නිල්ල සොයා” “ආශා දෑසින්” ” මල් කැකුළු” “හිත මිතුරා” , ඒ නැතිවූ චිත්‍රපට අතුරින් සමහරකි.

1978 න් ආරම්භ වූ මෙම විරසකය අවුරුදු ගණනාවක් ඇදගෙන ගියේය.

” හතර දෙනාම සූරයෝ චිත්‍රපටයෙන් ඇරබු විජය-මාලනී සුසංයෝගය, “මේ දෑස් කුමටද?”, “තුෂාරා”,”හත්දින්නත් තරු” “දාහකින් එකෙක්” “සුසී” “සැණකෙළිය” “සංගීතා”, “ප්‍රදීපේ මා වේවා” “වාසනා” “ගංගා”,”උන්නත් දාහයි මලත් දාහයි ” ” ආදරෙයි මං ආදරෙයි”,”සකුන්තලා””හිතුවොත් හිතුවාමයි”, “පෙම්බර මධු” “විශ්මය” “එයා දැන් ලොකු ළමයෙක්” “සෙලිනාගේ වලව්ව” “සැලී”,”කුණ්ඩලකේශී” “බබරු ඇවිත්” “අනුපමා” “හිගන කොල්ලා””මොනරතැන්න” “රජ දවසක්” “මිහිදුම් සිහින” “බැද්දේගම”,”ගීතිකා” “යස ඉසුරු”,”නැවත හමුවෙමු”,”සමනල සිහින”,”වැල්ලෙ තැනූ මාලිගා”,”කෝකිලා” “දෙව් දුව”,” වරදට දඩුවම්” ” මධු සමය “, චිත්‍රපටයෙන් නිම විය.

මාලනී විජය කුමාරණතුංග හා විවාහය හැත්තෑ දශකයේ දී සිදුවන්නට ගියද, කුමක් හෝ හේතුවකින් එය මග හැරුණි.

ඉන් පසු මාලනී සනත් ගුණතිලක සමග සුසංයෝගී වන්නට විය. ඇයගේ මුල්ම අධ්‍යක්ෂණය වූ “සසර චේතනා” චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ඇය තෝරා ගත්තේද සනත් ගුනතිලකවය.

70 දශකයේදී, මාලනී ෆොන්සේකා කටුනායක පැවති ග්රෑන්ඩ් ප්‍රික්ස් Grand Prix රේසිං කාර් තරගයට ගැහැණු අංශයෙන් ඉදිරිපත් විය. එහිදී ඇය 2වන ස්ථානය දිනා ගති.

මාලනී ගීත හතරක්ද ගයා එය තැටිගත කොට එවකට ජනාධිපති ආර්යාව වූ එලිනා ජයවර්ධන ට මුල් තැටිය පිළිගැන්විය.

ඉන්දීය මහා නළු ශිවාජි ගනේෂන් සමග රගපෑ එකම නිළිය මාලනී විය. චිත්‍රපටය “පයිලට් ප්‍රේමනාත්”ය.

1986 දී නැවත ගාමිණී හා මාලනී එකතු වන්නට විය. ඔවුන් දෙදෙනා එකතු කරන්නට උත්සහා ගත්තේ, ටෝනි රණසිංහය, ඒ” කොටි වලිගය ” චිත්‍රපටයටය. එහෙත් එහි මාලනීට ලැබුණු චරිතය තරමක් ශෘංගරත්මක, අසම්මත ප්‍රේමයක පැටලීමක් හෙයින් ඇය එය කාරුනීකව ප්‍රතික්ෂේප කෙරිය .
එහෙයින් එවරද ගාමිණී-මාලිනි එකතුව හරි ගියේ නැත.

නැවත ගාමිණි හා මාලනී එකතුවුයේ 1998 දීය. ඒ “ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කෙරූ “අන්තිම රැය” චිත්‍රපටයේ, ගාමිණීගේ බිරිද ලෙසය. අවරුදු 20කට පසුය. ඒ ගාමිණි මිය යන්නට පෙර රගපෑ අවසන් චිත්‍රපටයයි.

මාලනී “උත්පලවන්නා” චිත්‍රපටයේ බෞද්ධ මෙහෙණින් වහන්සේ කෙනෙකුගේ චරිතයක් රගපා, “සරිගම” චිත්‍රපටයේ කතෝලික කන්‍යාසොහොයුරියක් ලෙස රගපෑවාය

මාලනී “බබර ගීතය” “සොල්දාදු උන්නැහේ” ගණිකාවකගේ චරිතයට පනපෙවිය

මාලනී චිත්‍රපට 4ක් අධ්‍යක්ෂණය කලාය . ඒ “සසර චේතනා” “අහිංසා” සහ “ස්ත්‍රී” සහ “සද මඩල “ය.

1986 දී ඇය දෙවන වරට විවාහ වුයේ චිත්‍රපට නළු “ලකී ඩයස්” සමගය.

එහෙත් එයද වර්ෂ 2000 දශකය වනතෙක් පවත්වා ගත නොහැකි විය. ඔවුන් වෙන්විය.

ඇය දේශපාලනයට ඇතුලුවුයේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඉල්ලීමටය. ඇය තරග නොකොට ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගියාය. එතෙක් ඇය පවත්වාගිය හොද නමට කැලලක් ඇතිවුයේ නම් ඒ ඇය නොදන්නා දේශපාලනය කරන්නට යෑමය .

(ශෝන් මැක්ස්මස් දිසානායකගේ සටහනකි)

 

 

 

.http://baiscope.com

 

You may be interested

Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 2 hours ago

Camilla Hall විසින් අධ්‍යක්ෂනය කරන Jacob Crawford,Kevin Moore,Ramsey Orta,David Whitt යන අයගේ රණගනයෙන් නිර්මාණය වන Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ.   මේ චිත්‍රපටයේ  Jacob Crawford විසින්…

The King’s Choice චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

The King’s Choice චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 3 hours ago

Erik Poppe  විසින් අධ්‍යක්ෂනය කරන Jesper Christensen, Anders Baasmo Christiansen, Tuva Novotny, Katharina Schüttler, Karl Markovics, Juliane Köhler, Rolf Kristian Larsen,Erik Hivju යන අයගේ රණගනයෙන් නිර්මාණය වන…

Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 3 hours ago

David Gordon Green විසින් අධ්‍යක්ෂනය කරන Jake Gyllenhaal, Tatiana Maslany, Miranda Richardson, Clancy Brown යන අයගේ රණගනයෙන් නිර්මාණය වන Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ.   විනාඩි…

Leave a Comment

Your email address will not be published.

Most from this category