ගී රොමන්තය 4 උන්මාද වූ ප්‍රේමාදරේ

0
94
Unmaada Vupremadare

ගී රොමන්තය 4 උන්මාද වූ ප්‍රේමාදරේ (Unmaada Vupremadare)

සිංහල සිනමාවේ සුන්දර වකවානුවක සුන්දරත්වයෙන් සපිරුණු ප්‍රේමවන්තික ගීතයක් ලෙස “උන්මාදවූ ප්‍රේමාදරේ “ගීතය සනිටහන් කල හැක .
එච් .ඩී.ප්‍රේමරත්නගේ,කාව්‍යමය සිනමා පටයක් වූ “සප්ත කන්‍යා“හී මෙම සුමියුරු ගීතය ගායනා කෙරෙනුයේ දමයන්ති ජයසූරිය සමග කමල් අද්දරආරච්චි විසිනි. සත්සර රෝහණ වීරසිංහය. ජවනිකාවට රගපෑවේ සංගීතා වීරරත්න සමග කමල් අද්දර ආරච්චිය. යව්වන ආදරයක ඛේදවාචකයක් ගැන කියන මෙහි,මෙම ගීතය පසුබිමෙන් ඇසෙන්නක් ලෙස ඉදිරිපත් වේ.සිනමා පටය ඛේදවාචකයක් වුවද, මෙම ගීතය රෝමන්තයකි.

උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ
සංසාරයේ සුභ ප්‍රාර්ථනා
ඉදුනිල් දෙනයන සටහන්වේ

රළ පෙල කැලඹේ හසගන විලසේ
ලවනට සුදුමුදු පහස ලැබේදෝ…//
ඔබ හදවත මා හදුනාගත් සේ
මා හදවත ඔබ හැදිනගනීදෝ…

කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී
සයුරු තෙරෙන් සැගවී ආවාදෝ…//
චන්ඩ මරුතේ ඉන්ද්‍රකීලයක් වගේ
නොසැලී ඉන්නට වරම් ලැබේ‍ දෝ…

Tags :- Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

http://baiscope.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here