0 Shares 6 views

Home » News » හෙළ සිනමාවේ සූරයා ලැඩී රණසිංහ

හෙළ සිනමාවේ සූරයා ලැඩී රණසිංහ

ලැඩී රණසිංහ(Laddie Ranasingha)   හෙළ සිනමාවේ සූරයා
********** **********

බොහෝ සිනමා රසිකයන් සිතා සිටින්නේ ගාමිණී ෆොන්සේකා “සූරයා ” කියාය. නමුත් එය නිවැරදි නොවේ. ගාමිණී සූරයාගේ පුතා නොහොත් සූර පැටියා විය හැක.එහෙත් ගාමිණී එදත් සූරයා අදත් සූරයා නම් නොවේ . එදත් සූරයා වුයේ ලැඩිස්ලෝස් ය. කවුද බොලේ මේ ලැඩිස්ලෝස්?

ඔහුව පහසුවෙන්ම හැදින්විය හැක්කේ , මෙසේය. ලාංකේය සිනමාවට මුලින්ම බිහිවූ චරිතාංග නළුවා කියාය. සිංහල සිනමා වංශය කොතෙක් පෙරලා බැලුවද ලැඩිස්ලෝස් පෙරේරා රණසිංහ කියා නළුවෙක් සිටියේ නැත. නමුත් ලාවුස් රණසිංහ කියා නම් එකල බි.ඒ.ඩබ්ලියු ජයමාන්න ගේ “මිනෙර්වා ” නාට්‍ය කණ්ඩායමේ සිටියේය.

මේ ලාවුස් හොද තීටර් කාරයෙකි. 1940 ගණන්වල සිට ඔහු තීටර් නැටුවේය. උගෝ ප්‍රනාන්දු නම් තවත් කලාබර පුද්ගලයෙක් ලාවුස් ට මුණගැසුණි. ඔවුන් දෙදෙනාට කලා උණ සැදී තිබුනේ ඩෙංගු උණ වලටත් වඩා දරුණු අන්දමටය . එහෙයින් ඔවුන් දෙදෙනා එක්ව මෙම කාලයේදී ආගමීක නාට්‍යක් කලෝය.එකල වැඩිපුර කෙරෙනුයේ ආගම් පිළිබද නාට්‍යන්ය . බෞද්ධ ආගම් අය බොදු දහම පිළිබද නාට්‍ය පන්සීය පනස් ජාතකයෙන් උපුටා ගෙන රග දැක්වූ අතර, කතෝලික ආගමේ අය බයිබලයේ කථා උපුටා ගති. මේ ලාවුස් සහ උගෝ,දෙදෙනාම භක්තිමත් කතෝලිකයන්ය.එහෙයින් ඔවුන් දෙදෙනා එක්ව “යාඤාවේ මහිමය” නමින් නාට්‍යයක් නිපදවිය. එය බැලීමට මිනෙර්වා නාට්‍ය කණ්ඩායමේ අධිපති බි ඒ.ඩබ්ලියු ජයමාන්න පැමිණිය. ලාවුස් ගේ රගපෑම් දුටු සැනින්ම ජයමාන්න, වහා ලාවුස්ව තම කණ්ඩායමට බදවා ගති.

එසේ බදවාගත්තද ජයමාන්නයන්ට ලාවුස් කියන නම නම් ඇල්ලුවේ නැත . කලා ලෝකෙට කොහොමත් ගැලපෙන්නේ නැති නමකි මේ ලාවුස් නාමය. ජයමාන්න තීරණයක් ගති. තම ලග එඩී කෙනෙක් සිටී. මොහුට ලැඩී කියා නම් කලොත් හොදයයී ජයමන්නට සිතුනි. ලැඩිස්ලෝස් පෙරේරා රණසිංහ, ලාවුස් පෙරේරා රණසිංහ විය. අවසානයේ ලාවුස් සහ පෙරේරා යන කෑලි හැලී ලැඩී රණසිංහ විය .
උගෝ ප්‍රනාන්දු පසුව හියුගෝ ප්‍රනාන්දු නමින් ප්‍රචලිත විය.

තීටර් වලින් ශෛලගත නාට්‍ය වලට පැමිනු ඔහුට සිනමාවේද දොරටුව හැරුනේ ඔහු නාට්‍යන් තුල පෙන්වූ ප්‍රතිභාවයය නිසාය.
“ප්‍රේම තරගය” ඔහුගේ ප්‍රථම සිනමා පටයයි . එම මුල් රංගනය තුලින්ම ලැඩී, තමා චරිතාංග නළුවෙකු බව ඔප්පුකළේය . එකල සිටියේ විචාරකයන් අතලොස්සකි. ඔවුන්ද කීවේ ලාංකේය සිනමාව ඉන්දියානු මුහුණු වරින් වෙනස් කර හොද චරිතාංග රංගන හෙබි සිනමාවක් කිරීමට හැක්කේ ලැඩී රණසිංහට සහ “රේඛාව”චිත්‍රපටයේ රගපෑ අයිරාංගනී සේරසිංහට පමණක් කියාය.

“වරද කාගේද “? ඔහු රගපෑ අනෙක් චිත්‍රපටයයි , ඉන්පසු “රදල පිළිරුව ” චිත්‍රපටයේ රගපාන විටය “දුප්පතාගේ දුක” චිත්‍රපටයේ බලදාස නම් ප්‍රබල චරිතය රගපෑමට සිදුවුයේ.එය ඔහුට අභියෝගයක් වුයේ, එය වික්ටර් හියුගෝ ගේ ‘ලේ මිස්රාබ්ලේ’ නම් වූ සුප්‍රකට නවකතාව,පදනම් කරගත් නිසාය. එය ඒ වන විට ඉංග්‍රීසි බසින්, හින්දි බසින් හා දමිල බසිනුත් නිෂ්පාදනය කර තිබුණි. ඔහුට අත පය දිග හැර රගපෑමට තරම් විශාල රංගන පරාසයක් තිබු මෙම චිත්‍රපටයේ අභියෝගය වුයේ ,අර භාෂා තුනෙන්ම රගපෑ නළුවන් තිදෙනාව අභිබවා යාමය. ඔහු කිසිදු පරිශ්‍රමයක් නොකරම මොවුන් තිදෙනාවම අභිබවා ගියේය. අවුරුදු 57 කට පසු “දුප්පතාගේ දුක” චිත්‍රපටයේ ඩී.වී.ඩී තැටිය ලංකේය වෙළද පොලට පැමිණි පසු එය නැරබු අද ප්‍රේක්ෂකයන් පවා මොහුගේ රංග ශෛලයට මවිත විය. මෙම රගපෑම 1957 වර්ෂයේ “දීපසිඛා “සම්මාන උළෙලේ හොදම නළුවා සම්මානය දින ගැන්මට ඔහුට හැකිවුයේ ඔහුගේ අද්විතිත්වය නිසාය.

ඉන්පසු ලැඩී රණසිංහ විශිෂ්ටතම රංග ශිල්පියෙක් වුවා සේම, මිල අධිකම නළුවෙක් විය. ” සූරයා” ඔහුව හිනි පෙත්තෙම තැබූ චිත්‍රපටයකි. “සුරබා” ලෙස අද්විතීය චරිතයක් රගප ඔහු, ඔහුගේ රංගන පෞර්ශත්වයෙන් රිදීතිරය දෙදුරුම් කවන්නට විය. ඒ ‘සුරඹා අත ඉස්සූ කලට මුළු කොළඹම වෙවුලයි බයට” යන දෙබසින්ය. ලාංකේය සිනමාවේ ප්‍රථම “සූරයා” ඔහු කියා මා කීවේ එනිසාය.

කැරොල් රීඩ්ගේ ‘අවුට් කාස්ට් ඔෆ් ද අයිලන්ඩ්: නමැති විදේශ චිත්‍රපටයට ඔහුව තොර ගත්තේද මේ අසාමාන්‍ය පෞර්ශත්වයත්, විශිෂ්ට වූ රංගන කුසලතාවයත් නිසාය. මා දන්නා හැටියට, විදේශීය චිත්‍රපටයක සැලකිය යුතු චරිතයක් රගපෑ ප්‍රථම නළුවා ලැඩී රණසිංහය.

චිත්‍රපට කිහිපයක්ම ඔහු ප්‍රතික්ෂේප කලේ ඔහුගේ මුදලට නොපැමිණි නිසාය. ප්‍රතික්ෂේප කල චිත්‍රපට නම්, ‘අහංකාර ස්ත්‍රී’, ‘සුනීතා’, ‘වනමෝහිනිය.
වනමෝහිනිහි පියදාස ගුණසේකර රගපෑවේ ඔහු ප්‍රතික්ෂේප කල චරිතයය.

‘සුකුමලී’, ‘සැඟවුණ මැණික’, ‘වීර විජය’, ‘ළා දළු’ ලැඩී රඟපෑ තවත් චිත්‍රපට කීපයකි. ඔහු අවසන් වරට රඟපෑවේ ‘දෙවියනි ඔබ කොහිද’ චිත්‍රපටයේය. ඒ අග්‍ර රාජගුරුප්‍රසාදිවරයාගේ චරිතයයි.

මුල් යුගයේ රඟපෑ සිංහල චිත්‍රපට නළුවන් අතරින් ගාමිණී ෆොන්සේකාගේ ප්‍රියතම නළුවා වූයේ ලැඩීය. ඔහු ලැඩීගේ රංගනය කීප අවස්ථාවකම අගය කර ඇත.තමා ලැඩී රණසිංහට බොහෝ පිටු පසින් සිටින බව නිතරම ගාමිණී ෆොන්සේකා පැවසූ අතර, ඔහු ලැඩීගේ ගුණාංග අනුගමනය කරන්නටද විය.

1982 දී ලැඩීට කලා ශූරී සම්මානය පිළිගැන්විණි. 1983 මැයි 26 වැනි දින ඔහු මෙලොව හැර ගියේය.

-ශෝන් මැක්සිමස් දිසානායක _

You may be interested

Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 2 hours ago

Camilla Hall විසින් අධ්‍යක්ෂනය කරන Jacob Crawford,Kevin Moore,Ramsey Orta,David Whitt යන අයගේ රණගනයෙන් නිර්මාණය වන Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ.   මේ චිත්‍රපටයේ  Jacob Crawford විසින්…

The King’s Choice චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

The King’s Choice චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 3 hours ago

Erik Poppe  විසින් අධ්‍යක්ෂනය කරන Jesper Christensen, Anders Baasmo Christiansen, Tuva Novotny, Katharina Schüttler, Karl Markovics, Juliane Köhler, Rolf Kristian Larsen,Erik Hivju යන අයගේ රණගනයෙන් නිර්මාණය වන…

Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 3 hours ago

David Gordon Green විසින් අධ්‍යක්ෂනය කරන Jake Gyllenhaal, Tatiana Maslany, Miranda Richardson, Clancy Brown යන අයගේ රණගනයෙන් නිර්මාණය වන Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ.   විනාඩි…

Leave a Comment

Your email address will not be published.

Most from this category