0 Shares 22 views

Home » News » ලාංකේය සිනමාවේ “සුපිරිම නැටුම් “

ලාංකේය සිනමාවේ “සුපිරිම නැටුම් “

ලාංකේය සිනමාවේ “සුපිරිම නැටුම් ” (Best Dancing in Sri Lanka Cinema)

එතෙක් මෙතෙක් ලාංකේය සිනමාවේ සුපිරිම නැටුම් ජවනිකාව අයත් වුයේ උදාර පල්ලියගුරු අධ්‍යක්ෂණය කෙරු “සුපර් සික්ස්” චිත්‍රපටයේය. “රැය පිබිදී තරුද දිලුනි ” හා “සක්කර දෙයියෝ ” නමැති ගීතයට රැගු රැගුම, අධික වියදමක් දරා,ඉන්දීය නැටුම් අධ්‍යක්ෂණයෙන් මෙන්ම ඉන්දීය නැටුම් උපදේශක වරුන්ගෙන් පුරුදු පුහුණු වී, විශාල නළු නිලියන් ගේ සහභාගීත්වයෙන් ,වෛවර්ණ පසුතල මත කෙරුණු විශ්මිතවූ නිර්මාණයකි. රැය පිබිදී,තරුද දිලුනි” ශිහාන් මිහිරංග හා දේවා ද සිල්වා, විසින් ගායනා කරනු ලැබූ අතර . නිලාර් එන් කාසිම් , පද රචනය කර ඇත. රංග දසනායක සංගීතය සපයා ඇත.

“රැය පිබිදී , තරුද දිලුනි” ගීතයට රැගුම් රගන නළු නිලියන් වුයේ ,රොෂාන් රණවන, හේමාල් රණසිංහ,අරුණි රාජපක්ෂ, මලිකා සිරිසේන,අකලංක ගනේගොඩ, සාරංග දිසාසේකර, පබෝද සංදීපනී, පුබුදු චතුරංග සමග විදේශීය නැටුම් ශිල්පිනියන් රැසක් සහභාගී විය.

“සක්කර දෙයියෝ” නිලාර් එන් කාසිම් ගේ පද රචනයකට මහේෂ් දෙහිපිටිය සංගීත සපයා ඇති අතර, රෝස් අලගියවත්ත, බසුරා සහ ශානිකා වනිගසේකර ගායනයෙන් සහය විය. රොෂාන් රණවන, අරුණි රාජපක්ෂ,සාරංගා දිසාසේකර,පබෝදා සංදීපනී,හේමාල් රණසිංහ,මලිකා සිරිසේන,අකලංක ගනේගොඩ,පුබුදු චතුරංග,මහේන්ද්‍ර පෙරේරා,හිමාෂ මනුප්‍රිය,ඩී.බී ගංගොඩතැන්න, සැන්ටින් දික්කුබුර රංගනයෙන් සහභාගී විය.

“සුපර් සික්ස්” විශාල පිරිවැයක් යොදා කල චිත්‍රපටයකි . එම නැටුම් ජවනිකා වලට සාමාන්‍ය චිත්‍රපටයකට යන වියදමම ගොස් ඇතිබවක් එහි නිෂ්පාදකයා පැවසීය. “සුපර් සික්ස්” හිතූ තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාර නොලැබුනද, මෙම ගීත ජවනිකා නම් අතීශය ජනප්‍රිය විය.

මෙහි නැටුම්ජවනිකා වල කිසියම් වෘතීමය වටිනාකමක් තිබුණි. එලෙසම තාරුණ්‍ය මොන තරම් ජවසම්පන්න දැයි මෙම නැටුම් නැරබු පසු දන්නේනට විය .

“රැය පිබිදී , තරුද දිලුනි”

“සක්කර දෙයියෝ”

http://baiscope.com/wp-admin/post-new.ph

 

You may be interested

Tragedy Girls ඔක්තෝබර් 20 වනදා තිරගතවේ
News
News

Tragedy Girls ඔක්තෝබර් 20 වනදා තිරගතවේ

Wasana V - 2 mins ago

Tyler MacIntyre විසින් අධ්‍යක්ෂණය කරන Josh Hutcherson, Brianna Hildebrand, Kevin Durand, Nicky Whelan, Craig Robinson, Alexandra Shipp, Rosalind Chao යන අයගේ රංගනයෙන් නිර්මාණය වන Tragedy Girls ඔක්තෝබර්…

Wheelman ඔක්තෝබර් 20 තිරගතවේ
News
News

Wheelman ඔක්තෝබර් 20 තිරගතවේ

Wasana V - 16 mins ago

Jeremy Rush විසින් අධ්‍යක්ෂණය හා තිරරචනය කරන Frank Grillo, Caitlin Carmichael,Garret Dillahunt, Wendy Moniz, John Cenatiempo, Slaine, William Xifaras යන අයගේ රංගනයෙන් නිර්මාණය වන wheelman ඔක්තෝබර් 20…

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –
News
News

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –

Shaun Maximus Dissanayake - 18 hours ago

ලාංකේය සිනමාවේ චන්ඩියෝ (Sri Lankan Cinema Fighters) ලෝක සිනමාවට ගහමරාගැනීම් පැමිනියේ කෙලෙසකදැයි හරි නිනව්වක් නැත. එහෙත් ලෝක සිනමාවට එය කෙසේ පැමිනියද, ලාංකේය සිනමාවට නම් එය පැමිනෙන්ට ඇත්තේ…

Leave a Comment

Your email address will not be published.

Most from this category