ප්‍රැන්ජිපානි නොහොත් සයපෙති කුසුම වසරේ හොදම චිත්‍රපටය වේ

0
83
Frangipani Sayapethi Kusuma

 

ප්‍රැන්ජිපානි නොහොත් සයපෙති කුසුම 2016 වසරේ හොදම චිත්‍රපටය ලෙස ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය දිනාගනී.

සයපෙති කුසුම, බොහෝ කලකට පසු නිදහස් මනසින් මා නැරඹූ චිත්‍රපටයකි. ලංකිය සිනමාව මෙතරම් නිර්භයද යන්නත්, රැගුම් පාලක මන්ඩලය මෙතරම් විවෘතද යන්නත්, හැගෙනුයේ සයපෙතිකුසුම මුදා හැරු නිසාමය. මා මෙය හදුන්වන්නෙ ලාංකීය සිනමාවේ ගාම්භීරත්වය ලෙසය. සම්ප්‍රදායික රටාවෙන් හෙම්බත් වුවන්ට නව මං සෙවීම හොලිවුඩ් සිනමාව ආරම්භ කලේ 1940 ගනන් වල සිටමය. සයපෙති කුසුම වැනි තේමාවන් හොලිවුඩ් සිනමාව ස්පර්ශ කලේ 1950 ගනන් වල සිටය. ඉන්දීය සිනමාව තුලින් මෙය සිදුවීමෙ ඉඩකඩ මද වුවද, ලංකීය සිනමාව 1970 හා 80 දශකයේ එයා දැන් ලොකු ලමයෙක් හා මලට නොඑන බඹරු හරහා, මෙම තේමාව රිංගිය. එහෙත් සයපෙති කුසුම සියලු බැමි කඩා බිද දමා නිර්භයව පැමිනිමෙ ගෞරවය, විශාකේශ මෙන්ම දසුන් පතිරන, සහ ජෙහාන් අප්පුහාමිට හිමි විය යුතුමය. එලෙසම යසෝධා සහ භූමිට … මුලින්ම ඔවුනගේ නිර්භීතත්වයට..
ජිවිතයෙ තවත් පැතිකඩක් සානුකම්පිත නොවි, යථාර්තවාදිව අපූරුවට ඉදිරිපත් කිරීමකි සයපෙති කුසුම……අනෙක් අපූරුව නම් විශාකේශ මෙහි උලුප්පා පෙන්වන්නෙ සමානිකරන පුද්ගලයන්ගේම කතාවක් නොවීමය… මෙහි මුඛ්‍ය චරිතය වූ චමත් (දසුන් පතිරන) Transgender ලක්ෂණ ඇත්තෙක්. Gay හෙවත් Male Homosexual සහ Transgenders අතර ඇති වෙනස අධ්‍යක්ෂක විශාකේශ හදුනාගෙන තිබුනාදැයි සැක සහිතය. එහෙත් මෙහි එන චමත් යනු තනිකරම Transgender චරිතයක් මිස Gay චරිතයක් නොවේ..එලෙසම නලින්(ජෙහාන් අප්පුහාමි) ගේ චරිත රටාව වුවද, Homosexualism යැයි හැදින්වූවද, ඔහු විරුද්ධ ලිංගිකයන්ටද ආකාර්ශණය වේ. නලින් විසින් සරසිව (යසෝධා රසදුනී) විවාහ කර ගන්නෙත්, ඔහුට දාවා සරසිට දරුවෙක් ඉපදෙන්නෙත්, එම ආකර්ශනය තුලය. එවිට නලින් හැදින්විය හැක්කෙ ද්විලිංගිකයකු (Bi Sexual )ලෙස විනා පිරිමි සමානිකරයෙකු(Gay) ලෙස නොවේ. චමත් බොහෝවිට හැසුරුනේ කාන්තා ලක්ෂණ අගය කරමිනි. නියපොතු, පාට කිරිම්,තොල් අලේප කිරිම් හා කාන්තා ඇදුම් ඇදිම් Transgender ලක්ෂන විනා, පිරිමි සමලිංගිකයෙකුගේ ලක්ෂණ නොවේ. චමත්ගේ වෙනස තිබුනේ ඔහු සම්පූර්නයෙන්ම Transgender පුද්ගලයෙකු නොවීමත්,නමුත් එම ගනය කරා යන පුද්ගලයෙකු වීමත්ය.. චිත්‍රපටය තුල නලින් පූර්න සමලිංගිකයෙකු ලෙස පෙන්වීමට ඇතැම් දර්ශන මගින් උත්සහ කලද,එක්වරම සරසිගෙ අකාර්ෂනයට නතුවී ඇයව විවාහ කරගැන්මට යාමත්, ඔහු ට දාවා දරුවෙක් ලැබීම තුලින් විශාකේශ පෙන්වන්නට උත්සහ කෙරු පූර්න සමලිංගිකයා එතන නොවීය. චමත් තුලින්ද මෙම පූර්න සමලිංගිකයා ඉස්මතු නොවේ. එහෙයින් ප්‍රැන්ගිපානි නොහොත් සයපෙති කුසුම පිරිමි සමලිංගිකයන්ගේ කතාවක් (Gay Story) නොවේ. මා දකින අන්දමට මෙය Bisexual Person involving with Transgending Person හැටියටය. චමත්, සරසි, නලින් අතරට එකතුවන තවත් ප්‍රධානතම චරිතයකි, ෂෙහාන්(භූමි නරෙන්ද්‍රන්).එය මුලු සිනමාපටය තුලම කැපි පෙනෙන එලෙසම ප්‍රධාන චරිත හා නිරතුරුවම ගැටෙන චරිතයක් විය. ෂෙහාන් පූර්නව Transgender චරිතයක් පමනක් නොව චමත්ව පූර්නකාලිනව එතැනට ඇද ගන්නට හදන චරිතයකි.
චමත් හා නලින් තුල ආදරයක් ඇතිවන බවක් පෙනුනද, එය නිසැකවම ඇතිවෙන්නෙ චමත් තුලය.. නලින් තුල ඇත්තෙ දැඩි ආශාවක් පමනි. ඔහු හැමවිටම උත්සහා කරනුයේ සමාජය තුල ඔහු සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස පෙන්වීමත්, අනෙක් අසම්මත ක්‍රියාකරකම් රහසේ කිරිමත්ය. එහෙත් චමත්ට අවශ්‍ය වනුයේ එකී අසම්මත ජීවන රටාව එලිපිට කරමින් සමාජ ගත කිරීමය. මේ දෙකටම මැදිවි අසරනව දුක් විදින්නෙ සරසිය. චමත් තම ජිවිතය සොයා Transgender ජීවන රටාවට හුරු වන්නට උත්සහ කරන විට, එම උත්සහයම නලින් වෙර දරනුයේ, හොද පවුල් ජීවිතයක් ගත කිරීමටය. නමුත් ඒ කිසිවක් සාර්ථක නොවේ. නලින්ට හොද පවුල් ජීවිතයක් ගත කිරීමට ඇති නොහැකියාවත්, චමත්ට ෂෙහාන් ඇතුලු කන්ඩායමෙ ජීවිතයට පූර්නව ඇතුලු වීමට ඇති නොහැකියාවත්, චිත්‍රපටය තුල මනා ලෙස පෙල ගස්වා ඇත. අවසානයේ සරසි නලින් ගෙත් චමත්ගෙත් ජිවිත තුල ඇති අසම්මත කම් වටහා ගැනිමත්, චමත් හා නලින් ඔවුනොවුන් ගේ ජීවිත වල තිබෙන අසාමාන්‍ය කම් වටහා ගැනීමත්, තිදෙනාම එකතු වී එම යථාර්ථයට එක්ව මුහුන දීම මගින් පැහැදිලි අවසානයක් කරා චිත්‍රපටය යොමු කිරිම, විශිෂ්ඨ ලෙස විශාකේශ ගෙන් සිදුවී තිබුනි.
චිත්‍රපටය මුල සිටම රාමුවෙන් රාමුවට පෙල ගස්වා තිබූ ආකාරය අතිශයෙන්ම ප්‍රසංසනීයය. එහෙත් විශ්මය එය නොව, ශ්‍රීලංකාවට අසම්මත වූ ජීවන රටාවක් හැම කෙනෙකුටම රසවීදිමට හැකි ආකාරයෙන් ඉදිරිපත් කිරීමය. කිව යුතු හැම දෙයම කියා ඇත. පෙන්විය යුතු දෑ, සංකේත මගින් නොපෙන්වා කෙලින්ම පෙන්වා ඇත. හැම චරිතයක්ම මනා ලෙස හසුරුවා ඇත. කැමරා අධ්‍යක්ෂනය, සංස්කරනය විශිෂ්ඨතමය. පසුබිම් සංගීතය, අවස්ථානෝචිතව ඉදිරිපත් වී ඇත. ගීතද එලෙසමය.

විශිෂ්ඨත්වයට පත් වී තිබුනේ රගපෑම්ය. ලංකිය සිනමාව තුල, මෙම රංගනයට නිර්භයව ඉදිරිපත් වී රංගනය යනු රංගනය විනා යථාර්තය නොවන බව පසක් කල ඊනියා ප්‍රතිරූප සදාගත් ප්‍රවීන රංග ශිල්පින්ට පවා අභියෝගයක් කල,තමන්ග‍ෙ පෞද්ගලීකත්වය පවා අබමල් රේණුවකටවත් මායිම් නොකර, යලි සමාජගත වන විට ඇති වන නොපහත් දෑ ගැන තැකීමක් නොකොට, ලාංකීය සිනමාව ලෝක සිනමාව කරා ගෙන යාමට විසාකේස චන්ද්‍රසේකරන්ට මහගු උපකාරයක් වූ දසුන් පතිරන, ජෙහාන් අප්පුහාමි,සහ භූමි නරේන්ද්‍රන් විශිෂ්ඨත්වයෙන් විශිෂ්ඨත්වයට පත් වීම නොවැලැක්කකි.
එයිනුත් දසුන් පතිරනගේ අතී දක්ෂ රගපෑම ඇත්තෙන්ම විශ්මජනකය. මෝටර් බයිසිකල් සිනමාපටය තුලින් තම හැකියාව මැනවින් පෙන්නු දසුන් ප්‍රැන්ජිපානි නොහොත් සයපෙති කුසුම තුලින් ඔහු ලාංකීය සිනමාව, මෙන්ම ලෝක සිනමාව තුලද තම හැකියාව සනිටහන් කර ඇත. ඔහු Transgender කෙනෙකුට අවතීර්න වූයේ මනා සංයමයකින්ය. ඔහුගේ හැම ඉරියව්වක් තුලින් පිලිබිඹු වුයේ කෙතරම් ගැඹුරකට, ඔහු මෙම චරිතයට කිදා බැස ඇති අයුරුය. චමත්ගේ චරිතය නොඉවසිල්ලෙන් නලින් ගේ දෙතොල් දැඩිව සිප ගන්නා අවස්ථාවෙත්, ඔවුනොවුන් දෙදෙනා ආදරය කරන අවස්ථාවන් වලදීත් දසුන් එම චරිතයට කිදා බැස තිබුනේ චරිතය තම ජීවිතය කර ගෙනය. මෙය මා මීට අව්රුදු ගනනාවකට පෙර 70දශකය තුල නැරඹු Sunday Bloody Sunday සිනමා පටයේ Peter Finch Murry Head ගේ සමානිකරන සිපගැනීමත්, 2002 වසරේ BBC TV එක නිපදවු When I am 64 Tele චිත්‍රපටයේ Paul Freeman Alan Armstrong ගේ සමානිකරන සිප ගැනීමටත් වඩා විශිෂ්ඨත්වයක් පෙන්නුම් කරයි.. දසුන්ගේ චරිතය ගොඩ නැංවීමෙදි, ජෙහාන් අප්පුහාමි, ගෙන් ලද සහය අනර්ඝ විය. භූමි නරේන්ද්‍රන් යශෝධා රසදුනි ගේ රගපෑම් තුල තිබූ විශිෂ්ඨත්වයද එලෙසමය. මධ්‍යස්ත චරිත රගපෑ රුවන් මලිත් පීරිස්(සෝභිත තෙර) කුමුදු කුමාරසිංහ (සරසි ගෙ මව) ගංගා ජීවනි වැලිවත්ත (චමත්ගේ මව) නිශාන්ත ලෝරන්ස් (චමත්ගෙ පියා) අන්ජන ප්‍රෙමරත්න (චමත්ගේ සොහොයුරු ) නිල්මිණි භුවනෙක (ගුරුවරිය) ප්‍රශස්ත මට්ටමක තිබුනි. කථාව තුල යම් යම් නොගැලපීම් තිබුනද, සිනමාව යනු යථාර්තයත් මායාවත් අතර සංයෝගයක් හෙයින් ඒවා බැහැර කල හැක.
එහෙත් අවසානයේදි කිවහැක්කේ විශාකේශ චන්ද්‍රසේකරම්, දසුන් පතිරන, ජෙහාන් අප්පුහාමි,යසෝධා රසදුනි , භූමි නරේන්ද්‍රන් හා කුලරුවන් ගමගේ (කැමරා අධ්‍යක්ෂක ) සිතුම් සමරජීව, (සංස්කරන ශිල්පි) අරුණ මැදකුඹුර (අංග රචනා ශිල්පි) ශාන්ත පීරිස් (සහය අධ්‍යක්ෂක ) එක්ව විශ්වකර්මයක් කර ඇති බවයි..
(ශෝන් මැක්ස් දිසානායකගේ සටහනක්)

Trailer

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here