0 Shares 8 views

Home » News » “බ්ලොක් බාස්ටර්”ක්‍රියාදාම සිනමා අභියෝගය

“බ්ලොක් බාස්ටර්”ක්‍රියාදාම සිනමා අභියෝගය

ක්‍රියාදාම සිනමා අභියෝගය “බ්ලොක් බාස්ටර්”

ලාංකේය සිනමාව තුල ක්‍රියාදාම චිත්‍රපට වලට තිබෙන ඉල්ලුම දිනෙන් දින වැඩිවන්නට විය. “ප්‍රවේගය ” චිත්‍රපටය තුලින් යලි ඇරබුනු මෙය, ප්‍රචලිත වනුයේ නව තාක්ෂනය සමගය. එයින් විපුල ප්‍රයෝජන ගැනීමටනම් වැඩි වැඩියෙන් ක්‍රියාදාම චිත්‍රපට නිපදවිය යුතුය. “බ්ලොක් බාස්ටර් ” නවතම චිත්‍රපටය බටහිර චිත්‍රපට වල ඇති ක්‍රියාදාමය, ලාංකේය සිනමාවට ගෙන ඒමේ තැතක්ය.

ශ්‍රීපාලි හෙට්ටිආරච්චි(Sripali Hettiarachchi) විසින් අධ්‍යක්ෂණය කිරීමට නියමිත මෙම දැවැන්ත ක්‍රියාදාමය ඩිජිටල් සිනමාව හරහා හැකි ඉක්මනින් ප්‍රේක්ෂකයන් වෙත තිලින කිරීමට බලාපොරොත්තුවෙන් පසුගිය සතියේ මෙහි මුහරත් උළෙල පැවැත් විය.

ඕනෑම සිනමාවක් රදවා පැවතීමට ක්‍රියාදාම චිත්‍රපට අත්‍යවශ්‍ය වේ. මුළු ලෝකයම තුල සිනමාව දැවැන්ත වනුයේ, ක්‍රියාදාමය නිසාය. හේතුව ක්‍රියාදාමය
ප්‍රේක්ෂකයන් තුල කුතුහලය, ත්‍රාසය,සහ වින්දනය ඇතිකරයි. ක්‍රියාදාමය තුල ශබ්දය විවිධ අන්දමට හසුරුවිය හැකිය. තාක්ෂණයේ උපරිමත්වයට ගෙන ඒමට ක්‍රියාදාම සිනමාවට හැකිය.

එල්. එම්. එන් හොල්ඩිග්ස් ආයතානයේ නිෂ්පාදනයක් වන මෙය,අග නගරයේ,ප්‍රචණ්ඩත්වය පතුරුවලමින් මත්ද්‍රව්‍ය හා වෙනත් නීති විරෝධී,වැඩ කරමින් සාමාන්‍ය ජනය භීතියට පත්කෙරු පාතාලයට සම්බන්ධ මැරකල්ලියක් හා ප්‍රචණ්ඩත්වය මුලින් උපුටා දමා නීතිය ආරක්ෂා කිරීමට සපත කෙරූ පොලිස් අධිකාරවරයෙකු ගෙතුණු කථාශාරයකින් සමන්විතය.

රවින්ද්‍ර රන්දෙනිය,ලකී ඩයස්,අමිල කරුණානායක,කුමාර රණේපුර, ශිරාණි කෞශල්‍යා, ඩයනා කේ හෙට්ටිආරච්චි,ශ්‍රීමාලි ෆොන්සේකා,ඩී.බී.ගංගොඩතැන්න, ශේනායා ඩැනියල් සමග ලාංකේය තිරයට හදුන්වාදෙන, ඉන්දියානු මෝස්‌තර නිරුපිකාවියක් හා නවක නිලියක් වන රිතිකා ගුලානි, මෙම චිත්‍රපටයේ රගපානු ඇත.

භාතිය සන්තුෂ්, ගේ සංගීතයෙන් ඔප නැංවෙන මෙම චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය, නිර්මාල් රාජපක්ෂගෙනි. කුමාර රණේපුර ගේ,සටන් අධ්‍යක්ෂනයෙන්ද,සුජිත් ලක්මාල් වීරසිංහ ගේ කලා අධ්‍යක්ෂනයෙන්ද ,එක්වුණු “බ්ලොක් බාස්ටර්” අධ්‍යක්ෂණය කෙරෙනුයේ “සුජාත පුත්‍ර” තිරයට ගෙනා, ශ්‍රී පාලි හෙට්ටිආරච්චි ය.

http://baiscope.com

You may be interested

Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 3 hours ago

Camilla Hall විසින් අධ්‍යක්ෂනය කරන Jacob Crawford,Kevin Moore,Ramsey Orta,David Whitt යන අයගේ රණගනයෙන් නිර්මාණය වන Copwatch  චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ.   මේ චිත්‍රපටයේ  Jacob Crawford විසින්…

The King’s Choice චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

The King’s Choice චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 4 hours ago

Erik Poppe  විසින් අධ්‍යක්ෂනය කරන Jesper Christensen, Anders Baasmo Christiansen, Tuva Novotny, Katharina Schüttler, Karl Markovics, Juliane Köhler, Rolf Kristian Larsen,Erik Hivju යන අයගේ රණගනයෙන් නිර්මාණය වන…

Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ
Upcoming Movies
Upcoming Movies

Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ

Wasana V - 5 hours ago

David Gordon Green විසින් අධ්‍යක්ෂනය කරන Jake Gyllenhaal, Tatiana Maslany, Miranda Richardson, Clancy Brown යන අයගේ රණගනයෙන් නිර්මාණය වන Stronger චිත්‍රපටය  සැප්තැම්බර් 22 වනදා තිරගතවේ.   විනාඩි…

Leave a Comment

Your email address will not be published.

Most from this category