0 Shares 7 views

Home » News » අර්ජුන කමලනාත් ගේ “කුසල්” ළමා චිත්‍රපටය

අර්ජුන කමලනාත් ගේ “කුසල්” ළමා චිත්‍රපටය

අර්ජුන කමලනාත් ගේ “කුසල්” ළමා චිත්‍රපටය

සිනමා නළු අර්ජුන කමලනාත්(Arjuna Kamalnaath) ” කුසල්” නම් ළමා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කර ඇත. පොඩිහිටියන්ට මෙන්ම වැඩිහිටියන්ට යන තේමාව යටතේ නිර්මාණය වුනු මෙහි කුඩා ළමයෙකුට ජීවිතයට අවශ්‍ය වන යහපත් ගුණාංග සපිරුණ කතා වස්තුවක් විය. මවකගෙන් දරුවෙකුට ලැබෙන සෙනෙහස,ආදරය සහ පෙරලා දරුවාගෙන් මවට ලැබෙන සෙනෙහස, එලෙසම කුඩාවියේ පටන් ආගම හා බැදී සිටීමේදී, ජීවිතය යහපත් අතට ගෙන යා හැකි අන්දමත්, එම යහපත් කම දරුණු අපරාධ කරුවෙකු පවා මෙල්ල කරගැනීමට හැකිවීම හරි අපූරුවට විග්‍රහ කෙරීම, මෙම චිත්‍රපටය තුලින් ඉදිරිපත් කර ඇත.

ප්‍රධාන චරිතයට රගපාන කුඩා ළමයා සමග කිරියා නම් කුඩා රිලා පැටවෙකුත් සැන්ඩි නම් හුරතල් බල්ලෙකුත් රගපානු ඇත. මෙම හුරතල් සතුන් දෙදෙනාගේ විශ්මජනක රගපෑම් ළමා පමණක් නොව වැඩිහිටි ප්‍රේක්ෂකයන් පවා මවිතයට පත්වෙනු ඇත . ළමා ලෝකයට නිසි ලෙස ඇතුළුවීමට අධ්‍යක්ෂය වරයා ගෙන ඇති උත්සාහය කාලෝචිත වුවක් මෙන් එය පැසසිය යුතු කාර්යයකි.

අර්ජුන ගේ මුල් අධ්‍යක්ෂණය වුයේ “ඉගිලෙන්නට ඇයි දගලන්නේ” චිත්‍රපටයය. එය ඔහුගේ මුල් චිත්‍රපටය නිසාදෝ, නිර්මාණයක් ලෙස සාර්ථකත්වයක් ලබා තිබුනේ නැත. චිත්‍රපටය සම්පූර්ණයෙන්ම අසාර්ථක විය. ඔහු එයින් පන්නරයක් ගෙන මෙම ළමා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනට විය. මෙය නබෝ දිනයකින් ප්‍රේක්ෂකයන් වෙත මුදාහරිනු ඇත. මෙහි සාර්ථක හෝ අසාර්ථක භාවය, ප්‍රේක්ෂකයා විසින් ඉදිරියේදී තීරණය කරාවි.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ කුසල් ලෙස, තිවිරු දිසානායක නම අලුත් ළමා නළුවකු හදුන්වා දෙනු ඇත. සෙසු චරිත අර්ජුන කමලනාත්,අමීෂා කාවින්දි , නිරෝෂා තලගල,, ප්‍රේමදාස විතානගේ ,හේමන්ත ඉරියගම ,ශිරෝමාලා ප්‍රනාන්දු ,අනුර බණ්ඩාර රාජගුරු, රාජිත හිරාන්, විසින් රගපානු ඇත

මෙහි කැමරාකරණය,සංස්කරණය,හා නාද සැකසුම,දිලාන් ගුනවර්ධනගෙනි . කතා සංකල්පය සුරේෂ් කුමාරසිංහ සහ අර්ජුන කමලනාත්ගෙනි. සංගීත අධ්‍යක්ෂණය රංග ප්‍රනාන්දු ගෙනි. කතාව- දෙබස්,තිර රචනය හා අධ්‍යක්ෂණය අර්ජුන කමලනාත් ගෙනි,

“කුසල්” ලගදීම ලාංකේය සිනමා ශාලාවල ප්‍රදර්ශනය වේ.

http://baiscope.com

You may be interested

Tragedy Girls ඔක්තෝබර් 20 වනදා තිරගතවේ
News
News

Tragedy Girls ඔක්තෝබර් 20 වනදා තිරගතවේ

Wasana V - 20 mins ago

Tyler MacIntyre විසින් අධ්‍යක්ෂණය කරන Josh Hutcherson, Brianna Hildebrand, Kevin Durand, Nicky Whelan, Craig Robinson, Alexandra Shipp, Rosalind Chao යන අයගේ රංගනයෙන් නිර්මාණය වන Tragedy Girls ඔක්තෝබර්…

Wheelman ඔක්තෝබර් 20 තිරගතවේ
News
News

Wheelman ඔක්තෝබර් 20 තිරගතවේ

Wasana V - 33 mins ago

Jeremy Rush විසින් අධ්‍යක්ෂණය හා තිරරචනය කරන Frank Grillo, Caitlin Carmichael,Garret Dillahunt, Wendy Moniz, John Cenatiempo, Slaine, William Xifaras යන අයගේ රංගනයෙන් නිර්මාණය වන wheelman ඔක්තෝබර් 20…

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –
News
News

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –

Shaun Maximus Dissanayake - 18 hours ago

ලාංකේය සිනමාවේ චන්ඩියෝ (Sri Lankan Cinema Fighters) ලෝක සිනමාවට ගහමරාගැනීම් පැමිනියේ කෙලෙසකදැයි හරි නිනව්වක් නැත. එහෙත් ලෝක සිනමාවට එය කෙසේ පැමිනියද, ලාංකේය සිනමාවට නම් එය පැමිනෙන්ට ඇත්තේ…

Leave a Comment

Your email address will not be published.

Most from this category