0 Shares 9 views

Home » News » Film News » ගාමිණිය සිනමා රජු

ගාමිණිය සිනමා රජු

ගාමිණිය සිනමා රජු

එක් වරකට රජවරුන් සිටින්නේ එක්කෙනෙක් ය .වැඩිම වුවහොත් ඔහු වාරවල් දෙකකට සිටි. ඉන්පසු වෙන රජෙක් කිරුල දරයි . එහෙත් ලාංකේය සිනමාවේ රජු සදාතනිකය. හැම වාරයටම ඔහු රජුය. ඒ                       ගාමිණී ෆොන්සේකාය (Gamini Fonseka) ඔහු එදත් රජුය,අදත් රජුය,හෙටත් රජුය.

1936 මාර්තු 21 වන දින දෙහිවලදී උපන් සෙම්බුගේ ගාමිණි ෂෙල්ටන් ෆොන්සේකා ලාංකේය සිනමාවට අවතීර්ණ වුයේ ජාත්‍යන්තර චිත්‍රපටයක් හරහාය. ඒ ලෝපතල අධ්‍යක්ෂකයෙක් වූ ඩේවිඩ් ලීන් ගේ “Bridge on the river Kwai ” මෙරට රූ ගත කල ඉංග්‍රීසි චිත්‍රපටයෙනි. ගාමිණී එයට එකතු වුයේ සහය අධ්‍යක්ෂකයෙක් ලෙසය. ඉන්පසු ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ රේඛාවේ සමුහයක් මැද පෙනී සිටීමේ දර්ශනයකට මුහුණ දුන් ගාමිණි,ගේ පලවන චිත්‍රපටය ලෙස ගණනය වනුයේ “දෛවයෝගය”ය. එය සුළු චරිතයකි. නමුත් ලෙස්ටර් ජේම්ස් ගාමිණීට ප්‍රබල චරිතයක් ලබා දුන්නේ ඔහුගේ “සංදේශය” චිත්‍රපටයෙන්ය. ඒ තම්මිට නම්වූ දෙවන චරිතයකිනි.එහෙත් ගාමිණී එම දෙවන චරිතය ඇති දක්ෂ ලෙස රගපාමින් පලවන චරිතයද අභිබවා යමින්, ලාංකීය සිනමාවේ දොරටුව තුලින් පහසුවෙන් ඇතුල්විය. එතැන් සිට ඔහුව නැවැත්වීමටත්, ඔහුව අභිබවන්නටත් , කිසිවෙකුට නොහැකි විය .

ලංකාවේ බිහිවූ ප්‍රබලතම චිත්‍රපට වල, ප්‍රබලතම චරිත රගපාවේ ඔහුය. “සංදේශයේ ” තම්මිට,”ගම්පෙරළියේ “ජිනදාස”,රන්මුතුදූවේ” බන්දු “චන්ඩියා” හි චුට්ටේ, “ධීවරයෝ හී ප්‍රැන්සිස්, ” නිධානයේ”විලී , “සිගිරි කාශ්‍යප” හී කාශ්‍යප , “පරසතු මල් හී “බොනී , “සොරුන්ගෙත් සොරු: හි, ජේම්ස් බණ්ඩා ,”සූර චෞරයා” හී වීරා, “ආත්ම පූජා ” ද්විත්ව චරිතය., “හතරදෙනාම සූරයෝ” හී පොඩ්ඩේ, “වැලි කතරේ”රන්දෙණිය, “එදත් සූරයා ,අදත් සූරයා” ගාමිණී, “ආදරේ හිතෙනවා දැක්කම” රිකී, “කස්තුරි සුවද” කමල් , “සැණකෙළියේ”ප්‍රියන්ත, “හුලවාලි “ධාරා”, “කවුද රජා “මැනුවල් , “නිල්ල සොයා” ධම්මේ, “යකඩයා” සුමනදාස, ” දෙවියනේ ඔබ කොහිද ” සෙබස්තියන් පියතුමා , “සීතා දේවි ” රාවණා , “සරුංගලේ”නඩරාජා , “සංඛපාලි” හි සංඛ , “සාගරයක් මැද ” දොස්තර මොලදන්ඩ හා, ෆෙඩ්රික් රාමනායක ,”සක්විති සුවය” බකට් හැරී, “යුගාන්තය” සවිමන් කබලාන, “උතුර දකුණ “රාමනායක ,නොමියෙන මිනිසුන් “කර්නල් රණභාහු, “දෙමෝදර පාලම “චුට්ටේ

මෙයට අමතරව ඔහු -පිරිමියෙක් නිසා, දස්කොන් ,අදට වැඩිය හෙට හොදයි, ගැටවරයෝ,සුදෝ සුදු,ආදරයයි කරුනාවයි ,සත පනහ,යටගිය දවස,සැනසුම කොතනද,සීතල වතුර,ඔබ දුටුදා,සැනසිලි සුවය, ඉපදුනේ ඇයි ,රෑන ගිරව්,ඔක්කොම හරි,ඔබ නැතිනම්,බඩුත් එක්ක හොරු,සූරයන්ගෙත් සූරයා ,පාර වළලු, මීමැස්සෝ, සහනය, මිරිගුව,හොදට හොදයි ,සදහටම ඔබ මගේ,හොදම වෙලාව,හොදයි නරකයි, ඔන්න බබෝ බිල්ලෝ එනවා , හිත හොද මිනිහෙක් ,රත්තරන් අම්මා ,රජගෙදර පරවියෝ,සිරිල් මල්ලි, සූරයා සූරයාමයි ,නයනා,චිංචිං නෝනා,චන්ඩි පුතා ,චන්ඩි ශයමා ,ආශා දෑසින්, හිත මිතුරා,අප්සරා,අමල් බිසෝ,,මිනිසුන් අතර මිනිසෙක්,මල් කැකුළු, උතුමාණෙනි,මල් කැකුළු,මයුරිගේ කතාවක්, චංචල රේඛා ,තවලම,බාදුරාමල්,රීදී තැල්ල,මිස් මල්ලිකා,හලෝ ශයමා,යලි හමුවෙන්නයි,කොටි වලිගෙ, පූජා,සත්‍යග්‍රහනය ,අහිංසා,ශක්තිය ඔබයි අම්මේ, සාජන්ට් නල්ලතම්බි,ශක්ති,පවන රළුවිය, මම බය නැහැ ශයමා,ලොකු දුව,අපායේ තප්පර අසුහාරදාහ, අන්තිම රැය . යන චිත්‍රපට වල ප්‍රධාන චරිතය රගපෑවේය .

පරසතුමල්,උතුමාණනි ,මයුරිගේ කථාව,සාගරයක් මැද ,බාදුරා මල්,රෑ මණමාලි ,සක්විති සුවය, කොටිවලිගය,නොමියෙන මිනිසුන්,අන්තිම රැය, ඔහු අතින් අධ්‍යක්ෂණය වූ විශිෂ්ට වූ චිත්‍රපටය .

ලැබුණු සම්මාන නම්, 1964 හොදම නළුවා ( ගම් පෙරළිය ), 1965 සරසවිය හොදම නළුවා (ධීවරයෝ- ප්‍රැන්සිස්ගේ චරිතයට) 1966 ජනප්‍රිය නළුවා ස්වර්ණ සංඛ , 1967 සරසවිය හොදම නළුවා- (පරසතු මල් බොනී මහත්මයාගේ චරිතය), 1967 සරසවිය ජනප්‍රිය නළුවා , 1968 සරසවිය හොදම නළුවා ( “සොරුන්ගෙත් සොරු”-ජේම්ස් බණ්ඩා චරිතයට) 1968 සරසවිය ජනප්‍රියම නළුවා , 1969 සරසවිය ජනප්‍රියම නළුවා,1972 දීපසිකා ජනප්‍රියම නළුවා,1976 ජනප්‍රියම නළුවා ( කස්තුරි සුවද),1980 සරසවිය හොදම නළුවා ( සරුංගලේ චිත්‍රපටයේ නඩරාජා ගේ චරිතයට) 1980 සරසවිය ජනප්‍රිය නළුවා, 1981 සරසවිය හොදම නළුවා,( උතුමාණනි චිත්‍රපටයේ “සිරිපාල”ගේ චරිතයට) 1981 සරසවිය ජනප්‍රියම නළුවා ,1982 සරසවිය හොදම අධ්‍යක්ෂණය (සාගරයක් මැද චිත්‍රපටයට) 1982 සරසවිය ජනප්‍රියම නළුවා ,1986 සරසවිය හොදම නළුවා ( “යුගාන්තය” චිත්‍රපටයේ “සවිමන් කබලාන” චරිතයට ) 1986 සරසවිය රණතිසර සම්මානය, 1986 ජනාධිපති සම්මානය ( “යුගාන්තය” චිත්‍රපටයේ “සවිමන් කබලාන” චරිතයට ),1987 විචාරක සම්මානය , 1995 සරසවිය හොදම නළුවා(“නොමියෙන මිනිසුන්”චිත්‍රපටයේ කර්නල් රණභාහු චරිතයට) 1997 යු.ඩබ්ලියු,සුමතිපාල යාවජීව සම්මානය.

ලංකේය සිනමාව තුල රන් අකුරෙන් නම ලියු, මේ ශ්‍රේෂ්ඨ කලා කරුවා,රංගධාරියා 2004 සැප්තැම්බර් 30 වන දින අවුරුදු 68ක් ආයු වලදා සියල්ල අතහැර පරලෝ සැපත් විය.

විස්තරාත්මක සටහනට පිවිසෙන්න

http://baiscope.com

 

 

 

 

 

You may be interested

Tragedy Girls ඔක්තෝබර් 20 වනදා තිරගතවේ
News
News

Tragedy Girls ඔක්තෝබර් 20 වනදා තිරගතවේ

Wasana V - 39 mins ago

Tyler MacIntyre විසින් අධ්‍යක්ෂණය කරන Josh Hutcherson, Brianna Hildebrand, Kevin Durand, Nicky Whelan, Craig Robinson, Alexandra Shipp, Rosalind Chao යන අයගේ රංගනයෙන් නිර්මාණය වන Tragedy Girls ඔක්තෝබර්…

Wheelman ඔක්තෝබර් 20 තිරගතවේ
News
News

Wheelman ඔක්තෝබර් 20 තිරගතවේ

Wasana V - 53 mins ago

Jeremy Rush විසින් අධ්‍යක්ෂණය හා තිරරචනය කරන Frank Grillo, Caitlin Carmichael,Garret Dillahunt, Wendy Moniz, John Cenatiempo, Slaine, William Xifaras යන අයගේ රංගනයෙන් නිර්මාණය වන wheelman ඔක්තෝබර් 20…

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –
News
News

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –

Shaun Maximus Dissanayake - 18 hours ago

ලාංකේය සිනමාවේ චන්ඩියෝ (Sri Lankan Cinema Fighters) ලෝක සිනමාවට ගහමරාගැනීම් පැමිනියේ කෙලෙසකදැයි හරි නිනව්වක් නැත. එහෙත් ලෝක සිනමාවට එය කෙසේ පැමිනියද, ලාංකේය සිනමාවට නම් එය පැමිනෙන්ට ඇත්තේ…

Leave a Comment

Your email address will not be published.

Most from this category