“සරිගම” ගුඩ් නයිට් ගීතය

0
46
Sarigama good night song

“සරිගම” ගුඩ් නයිට් ගීතය

සෝමරත්න දිසානායකගේ “සරිගම” ( චිත්‍රපටය නගරයේ හා ගම්නියම්ගම් හා පෙන්වා දැන් අවසන් කර එහි සංයුක්ත තැටියද වෙළදපලට නිකුත් කර අවසන්ය.
“සරිගම” ලෝකප්‍රකට සිනමා පටයක් වූ “සවුන්ඩ් ඔෆ් මියුසික් ” චිත්‍රපටයේ අභාෂයකි. මෙය සංගීතමය චිත්‍රපටයකි,. එහෙත් එහි ආදරය,ත්‍රාසය,භීතිය,කුතුහලය,ඒ සියල්ලම නොඅඩුව තිබු චිත්‍රපටයකි. මේ සියල්ලම තිබුනේ ඉංග්‍රීසි චිත්‍රපටයේය. “සරිගම”හි ඒවා ටික ටික හෝ තිබුණි . කෙසේ හෝ “සරිගම”ලාංකීය සිනමා රසිකයන් තුල ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එහී ගීතද ඒ හා සමානව ජනප්‍රිය විය . ඒවා “සවුන්ඩ් ඔෆ් මියුසික්” වැනි ජාත්‍යන්තර තලයේ නොතිබුණද, රෝහණ වීරසිංහ සුන්දර ගීත කීපයක් නිර්මාණය කර ඇත.

“සරිගම” “ගුඩ් නයිට්”( Sarigama good night song) ගීතය තුල විශේෂත්වයක් තිබුණි. ඒ එහි තිබු හුරතල් බව නිසාය. අන් අතකට එය ඉදිරිපත් කර තිබු ආකර්ශනීය අන්දමය, එලෙසම, ළමුන්ගේ දර්ශනීය රගපෑමය. ගීතයේ තනුව,සහ.ගැයුමද,එයටම සුන්දරව බද්ධ වන පසුබිම් සංගීතයද ,මෙම “ගුඩ් නයිට්” ගීතය සාර්ථක වීමට ප්‍රධාන සාධක විය.

චිත්‍රපටයේ එම ගීතයට අනුකුලව රංගනය ඉදිරිපත් කරන සිනෙති අකිලා,මිල්නි මෙනාර ,ප්‍රමුදිත උදයකුමාර ,තිසරි ඇන්ජලි,ලලිත් ජනකාන්ත , වෙතුලි උයාන්ය යන ළමා නළු නිළියන්ව හසුරුවා ඇති ආකාරය නම් ප්‍රසංසනීයය. මෙම ගීතය සශිකා නිසංසලා,සහ උරේෂා රවිහාරි විසින් ගායන කලෝය. මෙහි පද රචනය සෝමරත්න දිසානායකගෙනි.

 

පිවිසෙන්න විස්තර සදහාhttp://baiscope.com

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here