Vikram Vedha Sinhala Subtitle වික්‍රම් වේදා දමිළ චිත්‍රපටිය හා සිංහල උපසිරැසි

1
938
Vikram Vedha Sinhala Subtitle

Sc – Vikram Vedha Sinhala Subtitle වික්‍රම් වේදා දමිළ චිත්‍රපටිය හා සිංහල උපසිරැසි

තීරණය කර සොයන්නෙපා…සොයා තීරණය කරන්න ! වික්‍රම් වේදා යනු පසුගිය සතිය තුල වැඩිම ආදායම් ඉපයූ දමිළ චිත්‍ර‍පටි අතුරෙන් එකකි. එයට ප්‍ර‍ධානම හේතුව වුණේ එහි කතාවත්, එයට රංගනයෙන් දායක වෙන විජය් සේදුපති (වේදා) සහ මාධවන් (වික්‍ර‍ම්) යන සුපිරි නළුවන් දෙදෙනාගේ සුසංයෝගයයි. සාමාන්‍ය හොරා-පොලිස් කතාවක් කියා බොහෝ දෙනා සිතුවද, මෙය ඉන් ඔබ්බට ගිය ඉතාමත් බුද්ධිමත් පිටපතක් බව කිව යුතුයි. කතාවෙහි කිසිම තැනක අඩුපාඩුවක් නොතබා ඉතාම ඉහළ ආකාරයේ ප්‍රේක්ෂක රසඥතාවක් ලබාදුන් චිත්‍ර‍පටියකි. මෙම චිත්‍ර‍පටයෙන් පසුව විජය් සේදුපතිගේ ජනප්‍රියතාවයද විශාල වශයෙන් වැඩිවී ඇත. සිනමා ඉතිහාසයේ පහල වූ හොඳම දුෂ්ටයාගේ චරිතයද වේදාට හිමිවන ලකුණු පෙනේ. ඔබ වෙනුවෙන් කතාවෙහි සාරාංශයක් ඉදිරිපත් කරන්නෙමු.

වික්‍ර‍ම් යනු ඉතා නිර්භීත පොලිස් නිළදාරියෙකි. ඔවුන් හදිසියේම වැටලීමක් කරති. එහිදී අපරාදකරුවන් නිරපරාදේ ඝාතනය විය. ඒ අපරාධකරුවන් වේදා කල්ලියේ ප්‍ර‍බල සාමාජිකයින් වෙති. වික්‍ර‍ම් කණ්ඩායමේ අරමුණ වන්නේ සැඟවී සිටින වේදාව එළියට ගැනීමයි. නමුත් සිදුවන්නේ නොසිතූ දෙයකි..වේදා වික්‍ර‍ම්ව සොයා පැමිණෙයි..වේදාගේ පැමිණීම වික්‍ර‍ම්ට කෙසේ බලපෑවේද? වේදා යනු කවුද? ඔහුගේ කතාව වික්‍ර‍ම් ඇසිය යුතු නොවේද..? වේදා වික්‍ර‍ම් හමුවට පැමිණ අසන ප්‍ර‍ශ්ණ වලට වික්‍ර‍ම්ට උත්තර නොමැත..ඒ තරම්ම බුද්ධිමත් ප්‍ර‍ශ්ණ අසයි. ඔහු පළමුවෙන්ම ඇසූ ප්‍ර‍ශ්ණයට මුළු ප්‍රේක්ෂකාගාරයම හොල්මන් විය ! වික්‍ර‍ම්ද හොල්මන් විය..! වික්‍ර‍ම් දුන් පිළිතුරම වේදාගේ පිළිතුරද විය. ඉතින්..මේ ගනුදෙනුව කෙසේ කෙළවර වීද? නැරඹීම ඔබට බාරයි. සැබෑ අපාරාදකරුවන් සොයා යන මෙහෙයුම…වික්‍ර‍ම්-වේදා ! උපසිරසිය ගෙන..ෂෙයා කරන්න.. අළුත්ම උපසිරැසි මින් ඉදිරියටත් අපෙන්..!

චිත්‍රපටියට අදාළ Link එක නොඩ්පෑඩ් එක තුළ තිබෙන බව සලකන්න

උපසිරැසි බාගත කිරීමට මෙතැන ක්ලික් කරන්න

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here