“ෆේස් ටු ෆේස් “හර්ෂ උඩකන්දගේ නවතම නිර්මාණයක්

0
267
Face to Face

“ෆේස් ටු ෆේස් “(Face to Face) හර්ෂ උඩකන්දගේ නවතම නිර්මාණයක්

” උලත් එකයි,පිලත් එකයි” චිත්‍රපටය ගෙන ආ හර්ෂ උඩකන්ද තම නවතම චිත්‍රපටය වූ “ෆේස් ටු ෆේස් ” ලංකාවේ ප්‍රදර්ශනයට ප්‍රථම ඉතාලියේ ප්‍රදර්ශනය කලේය . දැන් ඔහු එය ලංකාව තුල ප්‍රදර්ශනය කිරීමට ලක ලැස්ති වෙමින් සිටි,

සම්පුර්ණයෙන්ම ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස නිර්මාණය වූ මෙය පාතාල කල්ලි දෙකකගේ ඝට්ටනයක් ලෙස කතා ශාරය ගලා යනු ඇත.
ඉරේෂ් තරුණයෙකි.ඔහු ඇත ඇති දුර කථනයේ විවිධ පුද්ගලයන්ගේ ඡායාරූප රාශියකි. එහි ඡායාරූප වල සිටින පුද්ගලයන් දුටුවිට ඉරේෂ් ඔවුන්ව කුරිරු ලෙස මර දමයි . ඉන්පසු එම මිය ගිය අයගේ ඡායාරූපය, දුරකථනයෙන් මකා දමයි. දිනෙන් දින
අභිරහස් ලෙස මිය යන පුද්ගලයන් ගැන සෙවිල්ලෙන් ,පොලිසියද, මාධ්‍යවේදීන් මෙන්ම පාතාල නායකයෙකු වූ ඩයස් හා ඔහුගේ පුත් රෝස් ද කාලය ගත කරයි. ඩයස් හා රෝස් ට මෙය ප්‍රශ්නයක් වී තිබෙන්නේ අභිරහස් ලෙස මිය යන්නේ තම සගයන් නිසාය. ජයබිම පුවත් පතේ මාධ්‍යවෙදිනියෙකු වූ,භාග්‍යා ප්‍රධාන කතෘ තුමාගේ උපදෙස් මත මෙම මිනීමැරුම් සම්බන්ධව සොයන්නට පටන් ගනී. ඔවුන් අනුමාන කෙරෙනුයේ පාතාල කණ්ඩායම් අතර ඇතිවෙන ගැටුම් නිසා මෙවන් දෙයක් සිදුවෙන බවයි. මෙවන් ආරම්භයක් ලබා දෙන මෙහි වැඩි බරක් ලබා දෙනුයේ සටන් ජවනිකා වලටය.

සමන්ත මායාදුන්නගේ සටන් අධ්‍යක්ෂනයෙන්ද,,මහේෂ් කරුණාරත්නගේ කැමරා අධ්‍යක්ෂනයෙන්ද ,නිරෝෂන් ඩ්‍රීම්ස් සංගීත අධ්‍යක්ෂනයෙන්ද ශර්මල් ඩිල්ශාන් සහ සහන් අබේවර්ධන නිෂ්පාදනයෙන් ඔප නැංවූ “ෆේස් ටු ෆේස් “හී රොෂාන් රණවන, දිනෙත් ද සිල්වා, රජිත හිරාන්,අමිල කරුණානායක,ඕෂදී හිමාෂ,ශ්‍රියන්ත මෙන්ඩිස්, ඩී.බී.ගංගොඩතැන්න,විල්මන් සිරිමාන්න,රොහානි වීරසිංහ ,ප්‍රධාන චරිත වලට පන පොවනු ඇත. තිර රචනය හා අධ්‍යක්ෂණය හර්ෂ උඩකන්දගෙනි.

වැඩි විස්තර සදහා පිවිසෙන්නhttp://baiscope.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here