ආලපෝරාන් තමිලන් ගීතයේ ටීසරය එළිදක්වයි

0
240
AALAPORAN TAMIZHAN SINGLE TEASER

ඇට්ලිගේ අධ්‍යක්ෂණය යටතේ විජෙයි රංගනයෙන් දායකවන මිරසල් චිත්‍රපටියේ ඇතුළත් වන ආලපෝරාන් තමිලන් යන ගීතයේ ටීසර් පටිය (AALAPORAN TAMIZHAN SINGLE TEASER) අද දින රාත්‍රී 12ට එළිදැක්විය.

මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන්නේ ඔස්කාර් සම්මානලාභි ඒ.ආර්. රහුමාන් (A.R Rahuman ) විසින් ය. රහුමාන් විජෙයිගේ චිත්‍රපටියකට සංගීතයෙන් දායකවන දෙවන අවස්ථාවයි. මීට පෙර 2007 වර්ෂයේ දී තිරගත වූ අළගිය තමිල් මගන් (Azhagiya Tamil Magan) යන චිත්‍රපටියේ ඔවුන් දෙදෙනා එක්විය.

මේ වෙද්දි ටීසර් පටයට ඉන්දිය සිනමා ක්ෂේත්‍රයේ නොයෙකුත් අයගේ පැසසුමට ලක් වී තිබෙනවා. තත්පර 30කින් යුතු මේ ටීසර් පටය දෙස අවදානය යොමු කිරීමේ දී රහුමාන්ගේ සුපුරුදු සංගීතයට ගැමි සංගීතයක් එකතු වී තිබෙනවා. මෙහි සම්පූර්ණ ගීතය අද සවස පහට එළිදක්වන බවට චිත්‍රපටි අධ්‍යක්ෂක ඇට්ලි විසින් පවසා තිබුණා. ගීත ඇල්බමය අගෝස්තු 20 වන දින එළිදැක්වීමට නියමිතයි.

https://youtu.be/yxLXeQwhCQw

තවත් මිරසල් පුවත්

විජෙයි සිනමා ඉතිහාසය වෙනස් කරයි

මිරසල් ගීතයක් හෙට දින එළිදක්වයි

 

Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here