බයිස්කෝප් ටොප් 10 සිංහල සිනමා 70ව දශකයේ ගී

0
172
Baiscope Hindi Top 10

බයිස්කෝප් ටොප් 10 (Baiscope70’s top 10) පැරණි සිංහල සිනමා 70ව දශකයේ ගී ලැයිස්තුව

ලාංකීය සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය ලෙස ගැනෙනුයේ 1970 ත් 1979 දශකයයි.
කලාත්මක මෙන්ම විනෝදාත්මක චිත්‍රපට බහුලව නිෂ්පාදනය වීමත්, එකල තාරුණ්‍ය සිනමාවට අවතීර්ණ වීමත් , හැම අංශයකටම දක්ෂ පුද්ගලයන් බිහිවීමත්,
හොද කථා පිටපත්,අධ්‍යක්ෂකයන් බිහි වීමත්, ගුණාත්මක මෙන්ම,සාර්ථක විනෝදාත්මක හා කලාත්මක චිත්‍රපට නිපදවීමත් නොඅඩුව සිදුවූ දශකයකි. එලෙසම සුන්දරම සිනමා ගීත බිහිවූයේද,මෙම වකවානුවෙමය.

බයිස්කෝප් ටොප් 10 තේරීමේ කණ්ඩායම මෙම ලැයිස්තුවට 70 දශකයේ බිහි වූ අතිශයෙන්ම සුන්දරම ගීත 10 විස්තරාත්මකව මෙතැන් සිට ඉදිරිපත් කෙරෙනු ඇත.

http://baiscope.com

බයිස්කෝප් ටොප් 10 දහවන(10)ස්ථානයට තෝරා පත් වූ ගීතය “මේ සීත සුවදෙන රැයේ “

නීල් රූපසිංහ ගේ අධ්‍යක්ෂණයෙන් ඉදිරිපත් වූ “දැන් මතකද?” තිරගත වුයේ 1970 වර්ෂයේය . ආනන්ද ජයරත්න,මාලනී ෆොන්සේකා ප්‍රධාන චරිතය මෙන්ම මෙම ගීත ජවනිකවටද පෙනී සිටි ප්‍රධාන නළු නිලි යුවල විය. කරුණාරත්න අබේසේකරගේ පද රචනයට,හා,පී.එල්.ඒ .සෝමපාල ගේ සංගීතයට මෙම “මේ සීත සුවදෙන රැයේ ” ගීතය ගයන කලේ එච්.ආර්.ජෝතිපාල සමග සුජාතා අත්තනායකය.

 

බයිස්කෝප් ටොප් 10 නවවන (09)ස්ථානයට තෝරා පත් වූ ගීතය “මා ප්‍රාර්ථනා ආශාවෝ”

ච්.ආර්.ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක විසින් ගායනා කල ,1974 වර්ෂයේදී තිරගත කල කේ.ඒ.ඩබ්ලියු.පෙරේරාගේ,”ලසදා” චිත්‍රපටයේ ගීතයක් වූ “මා ප්‍රර්ථනා ආශාවෝ” ගීතය බයිස්කෝප් ටොප් ටෙන් හි නවවන ස්ථානයට නම් කලේ එම ගීතයට අදටත් ලැබෙන ප්‍රතිචාර සලකා බලාය .

මෙම සුවිශල් ජනප්‍රිය ගීතය සංගීතවත් කාලෙය් ප්‍රේමසිරි කේමදාසයන්ය . එම ගීතමය ජවනිකාවට රගපෑවේ තිස්ස විජේසුරේන්ද්‍ර සමග ශිරාණි කුරුකුලසූරියය,

මෙන්න ඒ සොදුරු ගීතය.

 

 

බයිස්කෝප් ටොප් 10 අටවන(8) ස්ථානයට තෝරා පත් වූ ගීතය “සුදු පාට මීදුම් ගලාලා”

ලෙනින් මොරායස් අධ්‍යක්ෂණය කල 1976 දී තිරගත වූ “එදත් සූරයා,අදත් සූරයා” චිත්‍රපටයට එච්. ආර්. ජෝතිපාල ඇන්ජලින් ගුණතිලක ගයන , ගාමිණී ෆොන්සේකා සහ මාලනී ෆොන්සේකා රගපෑ “සුදු පාට මීදුම් ගලාලා ” ගීතය බයිස්කෝප් ටොප් 10 හි අටවන(8) ස්ථානයට තෝරා පත් විය.

මෙය “ජූක් ගයා ආස්මන් “හින්දි චිත්‍රපටයේ ,ප්‍රචලිත ගීතයක් වූ “කෝන් හේ ජෝ සප්නෝ මේ අයා ” නම් හින්දි ගී තනුව අනුව කරුණාරත්න අබේසේකර විසින් ලියු අතර පී.එල්.ඒ.සෝමපාල විසින් සංගීතය අධ්‍යක්ෂණය කලේය.

 

බයිස්කෝප් ටොප් 10 හත්වන (7) ස්ථානයට තෝරා පත් වූ ගීතය “ආවා ආවා රස ගීත ගයා “

වර්ෂ 1970 දී තිරගත කල ජේ.සෙල්වරත්නම් ගේ “ඔහොම හොදද “? සිනමා පටය ලාංකීය ජනප්‍රිය සිනමා දහරාවේ මුල්පෙළේ සිනමා පටයකි .එය ආදායම් වාර්තා තැබූ එකල මෙගා ගනයේ චිත්‍රපටයක් වන අතර එහි ගේත සියල්ලම පහේ බටහිර හුරුවට තිබු හින්දි ගී තනු අනුව සකස් වුවකි .

මෙම ගීතය ගායනා කලේ එච්.අර.ජෝතිපාල හා ඇන්ජලින් ගුණතිලකය. සංගීතය එම්.කේ. රොක්සාමි ගෙනි. මෙය සමාජශාලා නැටුම් ගීතයකි,

බයිස්කෝප් ටොප් 10 හත්වන (7) ස්ථානයට මෙය තෝරාගත්තේ එහි ඇති අකර්ශනියත්වයටය.

 

බයිස්කෝප් ටොප් 10 හයවන (6) ස්ථානයට තෝරා පත්

වූ ගීතය “ලෝකේ ජීවත්වන්නට ලස්සන ඕනෑ වේ “

වර්ෂ 1978 දී තිරගත කල කේ.ඒ.ඩබ්ලියු.පෙරේරාගේ,එකල යව්වනය අලලා තැනුණු අතිශය ජනප්‍රියවු චිත්‍රපටයකි “ජනක සහ මංජු”.
ජයන්ත දාස් පෙරේරා,සහ ගෝතමී පතිරාජා ප්‍රධානචරිතය රගපෑ මෙහි සියලුම ගීත අදටත් ඒ හා සමනව ජනප්‍රියය. එයිනුත් එකල තරුණයන් අතර ප්‍රචලිත වුයේ මේ “ලෝකේ ජීවත්වන්නට ලස්සන ඕනෑ වේ ” යන ගීතයයි. ප්‍රේමසිරි කේමදාසගේ සංගීතයට මෙය ගායනා කලේ ක්ලැරන්ස් විජේවර්ධන හා ලතා වල්පොලය.

බයිස්කෝප් ටොප් 10 පස්වන (5) ස්ථානයට තෝරා පත් වූ ගීතය “බොද මීදුම් කදු රැල්ලේ “

අබේවර්ධන බාලසූරිය, සුජාතා අත්තනායක සමග ගැයූ මියුරුතම ගීතයකි “බොද මීඳුම් කදු‍රැල්ලේ “.මෙය ඇතුලත් වුයේ විජය ධර්මශ්‍රි විසින් අධ්‍යක්ෂණය කල “දුහුළු මලක්” චිත්‍රපටයටය . ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටයක් වූ මෙහි සංගීතය සරත් දසනායකයන විසිනි. රවින්ද්‍ර රන්දෙනිය සහ නිටා ප්‍රනාන්දු මෙම ජවනිකාවට රගපෑවෝය.

බයිස්කෝප් ටොප් 10 හතරවන (4) ස්ථානයට තෝරා පත් වූ ගීතය “පවන් සුසුම් රැලින් වෙලී “

1975 වසරේ තිරගතවූ විමල් වෛද්‍යසේකර තිර රචනය කොට අධ්‍යක්ෂණය කල “තරංගා” චිත්‍රපටයට දේවානන්ද වෛද්‍යසේකර සහ ඉන්ද්‍රානි පෙරේරා ගැයූ සුමියුරු ගීතයක් ය බයස්කෝප් ටොප් 10 හී 4 වන ස්ථානයට තෝරා ගත්තේ . ඒ “පවන් සුසුම් රැලින් වෙලී ” ගීතයයි .

මෙය ඩබ්ලියු.ඩී අමරදේව ගේ තනුව හා සංගීතයෙන් පෝෂණය වූ සුවිශේෂිත ආකාරයකට ගැයුණු ගීතයකි. චිත්‍රපටය සේම,ඇතැම්විට චිත්‍රපටයටත් වඩා මෙම ගීතය ප්‍රේක්ෂක ශ්‍රාවක හද බැද ගත්තේය.

රවින්ද්‍ර රන්දෙනිය, හා මානෙල් වානගුරු මෙම ජවනිකාවේ රගපෑවෝය .

 

 

 බයිස්කෝප් ටොප් 10 තුන්වන  (3) ස්ථානයට තෝරා පත් වූ ගීතය “”සද පෙම් යහනින් පායාවි”

1979 වසරේ තිරගතවූ ටි.අර්ජුන අධ්‍යක්ෂණය කෙරු “වසන්තයේ දවසක්” චිත්‍රපටයට සනත් නන්දසිරි සමග ලතා වල්පොල ගැයූ ,ධර්මසිරි ගමගේ රචනා කෙරු ප්‍රේමසිරි කේමදාස සංගීතය සැපයු “සද පෙම් යහනින් පායාවි” යන් සුන්දරම ගීතය අප බයස්කෝප් ටොප් 10 හි 3න් වන පිවිසුමට ගෙන ආවෙමු .

මෙම ගීතයේ ජවනිකාවට තිරයේ රගපෑවේ රවින්ද්‍ර රන්දෙනිය සහ මාලනී ෆොන්සේකාය.

 

බයිස්කෝප් ටොප් 10 දෙවන (2) ස්ථානයට තෝරා පත් වූ ගීතය “”කොඩි ගහ යට මම උපන්නේ”

1971 වසරේ තිරගතවූ ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවූ හොදම විනෝදාත්මක චිත්‍රපටය නීල් රූපසිංහ අධ්‍යක්ෂණය කල “හතර දෙනාම සූරයෝ ” චිත්‍රපටයට එච්.ආර්.ජෝතිපාල,එම් එස් ප්‍රනාන්දු , ගායන කල “කොඩි ගහ යට මම උපන්නේ” බයිස්කෝප් ටොප් 10හි 2වන තැනට තෝරා ඇත.

මෙය කරුණාරත්න අබේසේකර ගේ රචනයකි. පි.එල්.ඒ.සෝමපාල සංගීතය අධ්‍යක්ෂණය කළේය.
ගාමිණී ෆොන්සේකා,විජය කුමාරතුංග,ඇන්තනි සි පෙරේරා,සේනාධිර රූපසිංහ ශ්‍රියානි අමරසේන අදාල දර්ශනයේ රගපැවෝය.

 

 

බයිස්කෝප් ටොප් 10 හි හැත්තෑ දශකයේ සිංහල සිනමා ගීත නාමාවලියේ පලවන (1)වන ගීතය ලෙස තෝරාගන්නේ

ඩබ්ලියු.ඩී අමරදේවයන් ගැයු “සිහින නෙළුම් මල ජීවිත පොකුණේ “

1972 තිරගත වූ , ජේ.සෙල්වරත්නම් අධ්‍යක්ෂණය කල , “සහනය” චිත්‍රපටයේ ආ මධුර මනෝහර සම්භාව්‍ය ගීතයක් වූ
ධර්මසිරි ගමගේ රචනා කල,මෙම ගීතයේ සංගීතය ඩබ්ලියු.ඩී.අමරදේවයන්ගෙනි .

ගාමිනි ෆොන්සේකා හා මාලනී ෆොන්සේකා මෙම ජවනිකාවට පෙනී සිටියෝය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here