0 Shares 13 views

Home » News » බයිස්කෝප් පැරණි සිංහල සිනමා ටොප් 10 ( 60 දශකය )

බයිස්කෝප් පැරණි සිංහල සිනමා ටොප් 10 ( 60 දශකය )

1960  දශකයේ සිනමා ගීත තුල තිබු සුන්දරත්වය තවමත් රැගෙන එනු ඇත. එතරම් සුමධුර වූ ගීතවලියකි ඒ වකවානුව තුල තිබුයේ.
බයිස්කෝප් (Baiscope)තුලින් එම ගී විවරණයකට පාත්‍ර කිරීමට අප අදහස් කලෙමු .. මෙය ගීත 10යකට සිමා කිරීමට කිසිසේත් නොහැකි වුවද,අප බයිස්කෝප් ඔබගේ වින්දනය තකා කිසියම් වර්ගීකරණයක් සිදුකරන්නෙමු. 60 දශකය තුල සිනමා ගීත අතරින් ඉතාමත් ජනප්‍රිය වූ ගීත 10ය මෙලෙස දිගහරින්නෙමු

 

60 දශකයේ පැරණි සිනමා ගීතාවලියේ බයිස්කෝප් වර්ගීකරණය 10 වන ස්ථානයට පත් කර ඇත්තේ, අමරණිය වූ සිනමා ගීතයකි. 1961 වර්ෂයේ තිරගත කල “කුරුළු බැද්ද ” චිත්‍රපටයට, ආර් මුත්තුසාමි විසින් සංගීතය සැපයු, කරුණාරත්න අබේසේකරයන් විසින් රචිත,ධර්මදාස වල්පොල සහ ලතා වල්පොල විසින් ගයනා කල “ඔය බැල්ම ඔය කැල්ම නිලුපුල් නෙතේ ” ගීතයයි.

 

එම වර්ගීකරණයට අසුවන 09 වන ස්ථානයට පත් කර ඇති ගීතය වනුයේ 1968 තිරගත කල “වහල් දුපත” චිත්‍රපටයේ එන ජනප්‍රියම ගීතයක් වූ “මද සීත නලවැල්ල දැගලිල්ල පා “ගීතයි. මෙය මානෙල් පෙරේරාගේ රචනයට, ආර් මුත්තුසාමි විසින් සංගීතය සැපයු,අතර සරත් සන්දනායක හා දය හේමන්තා අබේසේකර ,ගායනා කලෝය.

 

අප බයිස්කෝප් වර්ගීකරණයේ 08 වන ස්ථානයට පත් කර ඇති ගීතය

 1966 වසරේ තිරගත කල කේ.ඒ.ඩබ්ලියු.පෙරේරාගේ ප්‍රථම අධ්‍යක්ෂණය වූ “සැනසුම කොතනද?”” චිත්‍රපටයේ එන ජනප්‍රියම ගීතයකි. ඒ ධර්මසිරි ගමගේ රචනා කර,ප්‍රේමසිරි කේමදාසයන් සංගීතය සැපයු හරූන් ලන්ත්‍රා -ඇන්ජලින් ගුණතිලක ගැයූ “සුළං කුරුල්ලෝ සෙමින් ඉගිල්ලී” ගීතයයි .

 

 

බයිස්කෝප් වර්ගීකරණයේ 07වන ස්ථානයට පත් කර ඇති ගීතය මෙයයි 

මෙය හර්බට් එම් සෙනවිරත්නගේ, රචනයක්, සිසිර සේනාරත්නගේ සංගීතයෙන් ඔපනැංවූ 1965 තිරගත කල ” හදපාන” චිත්‍රපටයට අයත් ගීතයක් .  
“මල් මල් මල් මල් ලස්සන වන මල් “ 
ගායනය ඉන්ද්‍රානි විජයබණ්ඩාර විසිනි – සුන්දර අකර්ශනීය රංගනය විජිත මල්ලිකා ගෙනි.

 

බයිස්කෝප් වර්ගීකරණයේ 06වන ස්ථානයට පත් කර ඇති ගීතය

එච්.ආර්.ජෝතිපාල,ඇන්ජලින් ගුණතිලක ගයනා කරන”ආවා සොයා ආදරේ”

මෙය කරුණාරත්න අබේසේකරගේ රචනයක් , පී.එල්.ඒ සෝමපාලගේ සංගීතයෙන් ඔපනැංවූ 1966 වසරේ තිරගත වූ “සුදු දුව” චිත්‍රපටයෙන් .

 

 

බයිස්කෝප් වර්ගීකරණයේ 05 වන ස්ථානයට

අප තෝරා ඇත්තේ 1966 තිරගත කල ” මහ රෑ හමුවූ ස්ත්‍රිය ” චිත්‍රපටයේ ප්‍රචලිත තරමක වේග රිද්මයේ ගීතයකි .”සිහින ගගේ පිහිනා පිහිනා ” යන මෙම ගීතය ගායනා කරනුයේ මොහිදීන් බෙග් සමග මල්ලිකා කහවිට ය.

කරුණාරත්න අබේසේකරගේ රචනයක් වූ මෙම ගීතයේ සංගීතය එම්.කේ.රොක්සාමි ගෙනි. මෙය දැනටත් ඉතාමත් ජනප්‍රිය ගීතයකි .

 

 

බයිස්කෝප් වර්ගීකරණයේ 04 ගීතය.

අදටත් ලංකාව තුල ඉතාමත් ජනප්‍රිය ගීතයක් බයිස්කෝප්  පැරණි ගීත ටොප් 10 තුලින්

ගීතය “පරම රමණි අපේ ආලේ-“
චිත්‍රපටය “නළගන” , තිරගත කල වර්ෂය 1960
ගායනය මොහිදීන් බෙග් සමග,රුක්මනී දෙවි
චරිත නිරුපනය රවින්ද්‍ර රුපසේන සමග රුක්මනී දේවි.

 

බයිස්කෝප් 60 දශකයේ සිංහල සිනමා ටොප් 10 අතුරින් 3 වන ස්ථානයට

අප තෝරා ගත්තේ 1965 වර්ෂයේදී තිරගත කල “අල්ලපු ගෙදර” චිත්‍රපටයෙන් එන මධුර මනෝහර ගීතයකි .

“මහා ඝන වනන්තරේ- ලොවේ ඈත කෙලවරේ” යන ගීතය

චිත්‍රපටයට ගැයුවේ ජේ.ඒ.මිල්ටන් පෙරේරාය .

කරුණාරත්න අබේසේකරගේ

පදමාලාවක්.,ආර්.මුත්තුසාමිගේ සංගීතය.

 

බයිස්කෝප් 60 දශකයේ සිංහල සිනමා ටොප් 10 අතුරින්

2  වන ස්ථානයට

අප තෝරා ගත්තේ 1969 වර්ෂයේදී තිරගත කල “කව්ද හරි” චිත්‍රපටයේ ඉතාමත් ජනප්‍රිය ගීතයකි 

සී.ටී.ප්‍රනාන්දු සහ පිරිස ගයන “මී වදයකි ජීවිතේ “

මෙය කරුණාරත්න අබේසේකර ගේ පබදුමකි. සංගීතය සිසිර සේනාරත්නගෙනි .

 

 

බයිස්කෝප් 60 දශකයේ සිංහල සිනමා ටොප් 10 අතුරින්

1වන ස්ථානය නාරද දිසාසේකර හා නන්දා මාලනී ගායන කල
“ගලන ගගකි ජීවිතේ -දයා ලු ලෝකයේ ” ගීතයයි .

මෙම ගීතය අයත් වනුයේ 1962 වර්ෂයේ තිරගත කල ලාංකීය ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ “රන් මුතු දූව” ටය .
මෙම ගීතයේ පදරචනය චන්ද්‍රරත්න මානවසිංහයන්ගේය, සංගීතය ඩබ්ලියු ඩි අමරදේවය.

 

You may be interested

මෙම වසර තුල දෙවරක්ම හොදම නළුවා වූ දසුන් පතිරණ
News
News

මෙම වසර තුල දෙවරක්ම හොදම නළුවා වූ දසුන් පතිරණ

Shaun Maximus Dissanayake - 4 hours ago

මෙම වසර තුල දෙවරක්ම හොදම නළුවා වූ දසුන් පතිරණ (Dasun Pathirana) දෙරණ සහ සිග්නිස් සිනමා සම්මාන උළෙලේදී දෙවරක්ම හොදම නළුවා සම්මානය දිනා ගැන්මට දසුන් පතිරණ සමත් වුයේ…

පාර්නිතා සුභාෂ් ගේ උපන්දිනය
Hollywood News
Hollywood News

පාර්නිතා සුභාෂ් ගේ උපන්දිනය

Wasana V - 5 hours ago

කර්ණාටක නිලියක් හා මෝස්තර නිරූපිකාවක් වන පාර්නිතා සුභාෂ්  (Paranitha subhash) අද දින ඇයගේ 25 වන උපන්දිනය සමරනවා , දෙමළ සහ කර්ණාටක චිත්‍රපට රංගනය ඉදිරිපත් කරයි.ඇය රංගන දිවිය ආරම්භ…

Leatherface චිත්‍රපටය ඔක්තෝබර් 18 වනදා තිරගතවේ
News
News

Leatherface චිත්‍රපටය ඔක්තෝබර් 18 වනදා තිරගතවේ

Wasana V - 7 hours ago

Julien Maury හා Alexandre Bustillo යන අය විසින් තිරරචනය හා අධ්‍යක්ෂණය කරන Stephen Dorff හා Lili Taylor යන අයගේ රංගනයෙන් නිර්මාණය වන Leatherface චිත්‍රපටය ඔක්තෝබර් 18 වනදා…

Leave a Comment

Your email address will not be published.

Most from this category