“හඳයා ” ලංකාවේ බිහිවූ හොදම ළමා චිත්‍රපටය.

0
163
Handaya

ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවූ හොදම ළමා චිත්‍රපටය ලෙස සලකනුයේ ටයිටස් තොටවත්ත විසින් අධ්‍යෂණය කල “හඳයා ”  (Handaya) චිත්‍රපටයය.

1979 වසරේ තිරගත කල මෙම චිත්‍රපටය විශාල ජනප්‍රියත්වයක් ලැබූ සේම එම වසරේ තිබු හැම සිංහල චිත්‍රපටයක්ම පරදවා හොදම චිත්‍රපටය ඇතුළු සම්මාන රැසක් දිනා ගති .පෝනියෙක් හා ළමුන් පිරිසක් අතර ගෙතී ගිය විටෙක සංවේදී වූ ,තවත් විටෙක වේගවත්ව වූ කතා ශාරය තුල,
ත්‍රාසය ,භීතිය,විනෝදය,උපරිම ලෙස ලබා ගැන්මට හැකි වන ලෙස ටයිටස් තොටවත්ත විසින් අධ්‍යෂණය කල ඇත.

වයස අවුරුදු 8 සිට අවුරුදු 80 දක්වා යන තේමාව මත නිපයු මෙම චිත්‍රපටය සත්‍ය වශයෙන්ම ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට නැරඹිය හැකි වනසේ අධ්‍යක්ෂණය කර ඇති අන්දම ගැන විටෙක පුදුම සහගතය.

ප්‍රවීන රංග ධාරී හෙන්රි ජයසේන සමග දයා අල්විස්,ප්‍රදීප් රොෂාන් ,විරංග ඉදුනිල් ,යු.ආරියවිමල් ,කිත්සිරි මෙවන් ජයසිංහ ,ජේ.එච්.ජයවර්ධන,දර්ශන පනංගල ,ජයලත් මනෝරත්න,අයිවන් පණ්ඩිතරත්න,පර්ල් වාසුදේව,ගැමුණු විජේසුරිය,බණ්ඩාර ක් විජේතුංග,රන්ජිත් යාඉන්න ඇතුළු විශාල නළු නිලි කැලක් මෙහි රගපැවෝය .

“හඳයා ” චිත්‍රපටය ලංකේය සිනමා ශාලාවන් හී දින 100 යකට ආසන්නව ප්‍රදර්ශනය කරමින් අධිසාර්ථකත්වයට පත් විය

විස්තර සදහා පිවිසෙන්නhttp://baiscope.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here