පහර දීමක් නිසා කංගනාට මැහුම් 15ක්

0
373
Kangana Ranaut

දාම් දූම් ( Dhaam Dhoom) නම් දමිළ චිත්‍රපටිය හරහා සිනමාවට පිවිසි කංගනා රනාවට්, ( Kangana Ranaut ) ගැංග්ස්ටර් ( Gangster ) චිත්‍රපටිය හරහා හින්දි සිනමාවේ දොරටු විවර කරගන්නවා. ඉන් පසුව බොහෝ චිත්‍රපටිවලට රංගනයෙන් දායක වූ ඇය, බොහෝ සම්මාන රැසක් දිනා තිබෙනවා.

 

මේ වන විට ඇය ජාන්සි රාණිගේ (The Queen of Jhansi) ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වන මනිකර්ණිකා (Manikarnika) නම් චිත්‍රපටියට රංගනයෙන් දායකවෙනවා. මෙහි සටන් ජවනිකාවක් රූගත කිරීමේ දී කඩු පහරක් ඇයගේ නළලට වැදි තිබෙනවා. ඒ පහර කොතරම් ගැඹුරින් වැදි තිබුණා දැයි කියනවා නම් ඒ තුවාලයට මැහුම් පහළොවක් දමා ඇති බවටයි වාර්තා වෙන්නේ.

 

මේ අත්වැරදිම ගැන සිත් තැවුලට පත් වූ මිහර් පාණ්ඩි ඇයගෙන් සමාව ඉල්ලා තිබෙනවා. එයට පිළිතුරු ලෙස මේවා ක්‍රියාදාම් චිත්‍රපටිවල සාමාන්‍ය දෙයක් යැයි සරල ලෙස පවසා තිබෙනවා. මීට අමතරව ජාන්සි රාණි රණශූරියක් ඇයට මේ වැනි තුවාල බොහෝ තිබෙන්න ඇති. ඒ නිසා මා මේ කැළල වසාගැනීමට උත්සහා කරන්නේ නැහැ කියාත් ඇය පවසා තිබෙනවා.

ඇය මේ වෙද්දි කඩු සටන් පංති පවා යනවා කියා එරට ආරංචි මාර්ග පවසනවා.
ඇයගේ කැපවීම ගැන චිත්‍රපටි නිෂ්පාදන කණ්ඩායම සතුටින් සිටින බවටයි ආරංචි වෙන්නේ.

 

තවත් සිනමා තොරතුරු සඳහා පිවිසෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here