0 Shares 9 views

Home » News » ගාමිණී ෆොන්සේකා රැගු “ඔහොම හොදද?” නැවතත්

ගාමිණී ෆොන්සේකා රැගු “ඔහොම හොදද?” නැවතත්

 

70 දශකය තුල බොක්ස් ඔපිස් වාර්තා පිහිටු ජේ සෙල්වරත්නම් ගේ “ඔහොම හොදද “(Ohoma Hodada) නැවතත් ලංකික ප්‍රේක්ෂකයන්ට දැකබල ගැන්මට හැක.

මෙය පුර්ණ විනෝදාස්වාදයක් ලබාදුන් සිනමා පටයක් සේම, සෑම දර්ශනයක්ම ජනයාගෙන් පිරි ඉතිරි ගිය අධිසර්ථකත්වයක් ලැබූ චිත්‍රපටයකි .
මෙහි ගාමිණී ෆොන්සේකා විසින් රගපෑ චරිතය අන්ත දෙකක අතරේ ගලා ගිය එකිනෙකට වෙනස් වූවකි . මුලින්ම ඔහු අන්ත ගැමියෙකි.බුලත් විට හපමින් ,මෝඩ නූගත් චරිතයකි. පසුව ඔහු කොලඹට පැමිණ අනෙක දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නේ ඔහුගේ මේ මෝඩ නුගත් කම නිසාය .එහි සමාජ ශාලාවකට අහම්බෙන් යන්නට සිදුවූ සිද්ධියක් නිසා උරණ වූ සමජශාලහිමියා සහ ඔහුගේ සහචරයන්, ගාමිණීට කසයකින් තලා ,මිනිසුන් ඉදිරියේදී බල්ලෙකුටත් අන්ත ලෙස ගුටිබැට දී සමජශාලාවෙන් එලියට විසි කර දමයි.

පසුව ඔහුගේ යහළුවන් එකතු වී ගාමිණීව සම්පුර්ණයෙන්ම වෙනස් කරයි. කොලඹ ක්‍රමයට හැඩගස්වන ඔහු පසුව  එම සමාජ ශාලාවටම ගොස් එම කසෙන්ම සමාජ ශාලා හිමියාට ගසා ඔහුගේ සහචරයන්ටත් ගසා එලවා දමයි.

ගාමිණී පොන්සේකා සමග බැප්ටිස්ට් ප්‍රනාන්දු ,ඩී.ආර්.නානායක්කාර ,හියුගෝ ප්‍රනාන්දු ,සෝනියා දිසා ,ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු , බී.එස් .පෙරේරා ,හෙලන් කුමාරි ,චන්ද්‍රකලා, ඇතුළු නළු නිලි විශාල ප්‍රමාණයක් රගපෑවෝය.

එච්.ආර්.ජෝතිපාල , ඇන්ජලින් ගුණතිලක,සුජාතා අත්තනායක ,මොහිදීන් බෙග්,මිල්ටන් පෙරේරා ,ඇන්ටන් ජෝන්ස් , ගැයූ ගීත ඉමහත් ලෙස ප්‍රසිද්ධයට පත් විය. “කොමල පපා ,මුකුළු පපා අපේ ලගට එන්නකෝ ” “රජකම් කෙරුවත් කල කම් පලදේ ” අවා අවා රස ගීත ගයා ” “කියන්නම් කතාවක් පාන්නද සිනාවක් “,”මා හද ඔබ සතු වේ ” වැනි ජනප්‍රිය ගීත රාශියක් මෙම චිත්‍රපටයට ඇතුලත් වී තිබුණි.

 

පිවිසෙන්න වැඩි විස්තර සදහාhttp://baiscope.com

 

https://youtu.be/FAaHHHjbBPQ

You may be interested

Tragedy Girls ඔක්තෝබර් 20 වනදා තිරගතවේ
News
News

Tragedy Girls ඔක්තෝබර් 20 වනදා තිරගතවේ

Wasana V - 8 mins ago

Tyler MacIntyre විසින් අධ්‍යක්ෂණය කරන Josh Hutcherson, Brianna Hildebrand, Kevin Durand, Nicky Whelan, Craig Robinson, Alexandra Shipp, Rosalind Chao යන අයගේ රංගනයෙන් නිර්මාණය වන Tragedy Girls ඔක්තෝබර්…

Wheelman ඔක්තෝබර් 20 තිරගතවේ
News
News

Wheelman ඔක්තෝබර් 20 තිරගතවේ

Wasana V - 22 mins ago

Jeremy Rush විසින් අධ්‍යක්ෂණය හා තිරරචනය කරන Frank Grillo, Caitlin Carmichael,Garret Dillahunt, Wendy Moniz, John Cenatiempo, Slaine, William Xifaras යන අයගේ රංගනයෙන් නිර්මාණය වන wheelman ඔක්තෝබර් 20…

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –
News
News

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –

Shaun Maximus Dissanayake - 18 hours ago

ලාංකේය සිනමාවේ චන්ඩියෝ (Sri Lankan Cinema Fighters) ලෝක සිනමාවට ගහමරාගැනීම් පැමිනියේ කෙලෙසකදැයි හරි නිනව්වක් නැත. එහෙත් ලෝක සිනමාවට එය කෙසේ පැමිනියද, ලාංකේය සිනමාවට නම් එය පැමිනෙන්ට ඇත්තේ…

Leave a Comment

Your email address will not be published.

Most from this category