0 Shares 28 views

Home » News » Film News » ධර්ම යුද්ධය හා එහි ප්‍රතිනිර්මාණ..

ධර්ම යුද්ධය හා එහි ප්‍රතිනිර්මාණ..

3 months ago
28 views

ලංකාවේ බොහෝ දෙනා අතර කතාබහට ලක් වන මාතෘකාව ධර්ම යුද්ධයයි ( Dharma Yuddhaya ).
සියලු දෙනා ධර්ම යුද්ධය පාපනාසම් නම් දමිළ චිත්‍රපටියේ නැතහොත් Drishyam ( හින්දි, මලයාලම්, තෙළිගු ) යන චිත්‍රපටියන් හී ප්‍රති නිර්මාණයක් යැයි දන්නවා.

නමුත් කිහිප දෙනෙක් පමණක් දන්නා දෙයක් මේ අවස්ථාවේ මතක් කර දීමට කැමතිය.
කොරියානු චිත්‍රපටියක් වන Perfect Number හි ප්‍රතිනිර්මාණයක් ලෙස මලයාලම් Drishyam චිත්‍රපටිය කිව හැකි වූවත් එහි සැක මතු කරන තවත් කරුණක් තිබේ.

Perfect Number චිත්‍රපටිය Bang Eun-jinගේ අධ්‍යක්ෂණයෙන් 2012 වර්ෂයේ දී තිරගත විය.
මෙය Suspect X නම් වූ ජපන් චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණයකි. Suspect X, 2008 වර්ෂයේ දී තිරගත වූ අතරම එහි අධ්‍යක්ෂණ කටයුතු Hiroshi Nishitani විසින් කර ඇත, මෙම චිත්‍රපටියට මුල් කරගෙන තිබෙන්නේ “The Devotion of Suspect X” නම් වූ නවකතාවයි. මුල් චිත්‍රපටියේ හා එහි ප්‍රතිනිර්මාණ වස්තු බීජය සමාන වූවත් තිර රචනයෙහි ලොකු වෙනසක් තිබෙනවා.

Perfect Number කතාව ගැන යමක් කියනවා නම් එහි ප්‍රධාන නළුවා පාසැල් ගුරුවරයෙක්
වන අතර ඔහු නවාතැන් ගෙන සිටින නිවාසය අසල විශ්ව විද්‍යාලීය තරුණියන් දෙදනෙක් නවාතැන් ගෙන සිටිනවා.

එහි එක් තරුණියක් දික්කසාද වූ කෙනෙකි දවසක් ඇයගේ කලින් සැමියා පැමිණ ඇයට
කරදර කරයි, ඔහුගෙන් මිදීමට මේ තරුණියන් දෙදනා එක් වී ඔහුව ඝාතනය කරයි. එම
ඝාතනය සැඟවීමට එම ගුරුවරයාගේ සහය පැතීමට යන තරුණියන්ට ඔහු පවසන්නේ තමන්ගේ
කීම අසන්නේ නම් ඝාතනය සැඟවීමට උදව් කරන බවයි.

මෙම මිනීමැරුම පිළිබඳව පරික්ෂණය කිරීමට පත් වී එන පොලිස් නිලධාරියා මේ ගුරුවරයාගේ මිතුරෙකි,
පොලිස් නිලධාරියා විසින් මිනීමැරුම සොයාගත්තා ද නැද්ද යන්න මෙහි අවසානය ලෙස සනිටුහන් වෙයි.

ඉහත Perfect Number යන චිත්‍රපටිය හා සන්සන්දනය කර බලන විට Perfect Number හි ප්‍රතිනිර්මාණයක් ලෙස Drishyam (Malayalam) – Drushyam (Telugu) – Drishya (Kannada) – Papanasam (Tamil) යන චිත්‍රපට හැඳින්විය නොහැකි බවයි මාගේ මතය. Perfect Number චිත්‍රපටියෙහි අනුකරණයක් ලෙස හැඳින්විය හැක.

Drishyam (Malayalam) – Drushyam (Telugu) – Drishya (Kannada) – Papanasam (Tamil) Dharma Yuddhaya  (Sinhala) යන චිත්‍රපටියන් හී තම බිරිඳ හා දියණිය එක් වී කළ මිනිමැරුමක් සැඟවීමට පියෙකු දරන උත්සහය ගැන කියවෙන කතාවකි. ඉහත නම් සඳහන් චිත්‍රපටි සියල්ලම මලයාලම් චිත්‍රපටියෙහි ප්‍රතිනිර්මාණ ලෙස හැඳින්විය හැක.

තවත් සිනමා විස්තර දැනගැනීමට

You may be interested

Tragedy Girls ඔක්තෝබර් 20 වනදා තිරගතවේ
News
News

Tragedy Girls ඔක්තෝබර් 20 වනදා තිරගතවේ

Wasana V - 25 mins ago

Tyler MacIntyre විසින් අධ්‍යක්ෂණය කරන Josh Hutcherson, Brianna Hildebrand, Kevin Durand, Nicky Whelan, Craig Robinson, Alexandra Shipp, Rosalind Chao යන අයගේ රංගනයෙන් නිර්මාණය වන Tragedy Girls ඔක්තෝබර්…

Wheelman ඔක්තෝබර් 20 තිරගතවේ
News
News

Wheelman ඔක්තෝබර් 20 තිරගතවේ

Wasana V - 39 mins ago

Jeremy Rush විසින් අධ්‍යක්ෂණය හා තිරරචනය කරන Frank Grillo, Caitlin Carmichael,Garret Dillahunt, Wendy Moniz, John Cenatiempo, Slaine, William Xifaras යන අයගේ රංගනයෙන් නිර්මාණය වන wheelman ඔක්තෝබර් 20…

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –
News
News

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –

Shaun Maximus Dissanayake - 18 hours ago

ලාංකේය සිනමාවේ චන්ඩියෝ (Sri Lankan Cinema Fighters) ලෝක සිනමාවට ගහමරාගැනීම් පැමිනියේ කෙලෙසකදැයි හරි නිනව්වක් නැත. එහෙත් ලෝක සිනමාවට එය කෙසේ පැමිනියද, ලාංකේය සිනමාවට නම් එය පැමිනෙන්ට ඇත්තේ…

Leave a Comment

Your email address will not be published.

Most from this category