තිරය දෙපලු කර පැමිණුනු “චන්ඩියා “

0
112
චන්ඩියා

තිරය දෙපලු කර පැමිණුනු “චන්ඩියා “

ලාංකීය සිනමාවේ සුපිරිම අත්දැකීමක් වූ මෙය ටයිටස් තොටවත්ත ගේ මුල්ම එහෙත් විශිෂ්ටතම සිනමා පටය ලෙස සැලකිය හැකිය.
එකල තිබු බජාර් පසුබිම තේමා කර ගත්තද ඒ තුලින් මතුවුනු මනුෂ්‍යත්වය ඉස්මතු කරගත් ක්‍රියාදාම වර්ගයේ චිත්‍රපටයක් වූ මෙහි රගපෑම් එකිනෙක පරදන තරමේ උසස් බවින් අනුන වී තිබුණි .

සමාජයේදී මිනිසා වැරදි පැත්තට ඇදී යන හේතුත් ,හා ඒවා අවබෝධ කරගෙන නැවත හොද මාර්ගයට පිවිසිමේදීද ඔහුව නැවත නැවතත් නරක මාර්ගයටම ඇදගන්නට මාන බලන මිනිසුන්ගේ ඇතුලාන්තය ගැන කෙරෙන කදිම විග්‍රහයක් සිනමාත්මකව ඉදිරිපත් කිරීමක් ලෙස මෙය හැදින් විය හැක.

ගාමිණී ෆොන්සේකා සමග එච් .ඩී .කුලතුංග , ප්‍රධාන චරිත රගපාන අතර රොබින් ප්‍රනාන්දු , අනුලා කරුණාතිලක ,ක්‍රිස්ටි ලෙනාර්ඩ් පෙරේරා ,ඩී.ආර්.නානායක්කාර , කාල් ගුනසේකර ,සෝනියා දිසාසෙසු චරිත රගපැවෝය .

“”චන්ඩියා ” ගාමිණී ෆොන්සේකාගේ අද්විතීය රංගනයක් බව කිවයුතුමය .

Home

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here