0 Shares 26 views

Home » 18+ » London Bridge (2014) Sinhala Subtitles

London Bridge (2014) Sinhala Subtitles

4 months ago
26 views

ඔන්න මගේ ඊළඟ උපසිරැසියත් අරගෙන ඉක්මනට ආවා.කලින් අරගෙන ආව Prithviraj Sukumaran ප්‍රධාන රංගනයෙන් දායක වුන Ezra (2017) ඔයාලා ගොඩක් අය බලන්න ඇතිනේ.මේකත් එයාගෙම ප්‍රධාන රංගනයෙන් හැඩවුන ෆිලුමක්.මේක ආදර කතාවක්.අයත්වෙන්නේ Drama Romance ප්‍රභේදයන්ට.මලයාලම් ආදර කතා කොහොමත් ටිකක් වෙනස් ඒවා කියලා ඔයාලා දන්නවා ඇතිනේ. මේකත් එහෙම වෙනස් විදියේ එකක් කියන්න පුළුවන්.කොහොමවුනත් මේකට මීට වඩා IMDb අගයක් ලැබෙන්න තිබුනා කියලා හිතෙනවා.ඒක එහෙමද කියලා ෆිලුම බලලම තීරණය කරන්නකෝ!

විජෙයි කියන්නේ ගොඩක් දුරට ස්වෝත්සාහයෙන් ගොඩනැගුනු ව්‍යාපාරිකයෙක්.ජීවත්වෙන්නේ ලන්ඩනයේ.කොහොමවුනත් මෙයා ව්‍යාපාරවලටම කැපවෙලා ඉන්නවා මිසක් එතනින් එහා ජීවිතයක් ඇති බවක් පේන්න නැහැ .ෆිලුම පටන්ගන්නේ මෙයා තමන්ගේ ජීවිතයේ වඩාත් වැදගත් දවස කියලා හඳුන්වන දවසකින්.ලන්ඩන්වල ධනවත්ම ව්‍යාපාරිකයෙක් තමන්ගේ දුවව විජෙයිට විවාහ කරවන්න යෝජනා කරලා තියෙනවා.මේ දවසේ තමයි විජෙයි එයාව,ඒ කියන්නේ පවිත්‍රාව මුණගැහෙන්න මුලින්ම යන්නේ.ඉතින් මේ විදියට තමන්ට ඉදිරියේදී ලැබෙන්න යන බොහොම ලොකු ව්‍යාපාර වාසි ගැන හිතලා බොහොම සතුටින් මෙයා මේ ගමන ගිහින් ඉවරවෙලා ආයේ ගෙදරට එන්න පිටත් වෙනවා.ඒත් ඒ ගමනෙදි අතපසුවීමකින් එයාගේ වාහනයේ ගෑණු ළමයෙක් හැප්පෙනවා.මෙයා පස්සේ දැනගන්නවා එයත් මලයාලම් කෙනෙක් බව.මෙයාගේ නම  මෙරීන්.

කොහොමහරි පවිත්‍රාගේ බලකිරීම මත,මේ විදියට හැප්පිලා රෝහල්ගත කරපු මෙරීන් ගැන ගොඩක් දුරට හොයලා බලන්න විජෙයිට සිද්දවෙනවා.මේවත් එක්ක කතාව ඉස්සරහට ඇදිලා යනවා.ඇත්තටම තවදුරටත් මේ දවස විජෙයිගේ ජීවිතයේ වඩාත් වැදගත් දවස වෙයිද?විජෙයි පවිත්‍රාව විවාහ කරගනියිද?මෙරීන් කොයි විදියකට විජෙයිගේ ජීවිතයට ඇතුළු වෙයිද?මේවත් එක්ක විජෙයිගේ ජීවිතය කොයි විදියට වෙනස් වෙයිද? කියලමේ වෙද්දී කිව්ව කාරණාත් එක්ක ඔයාලට අදහසකුත් ඇති.ඒ අදහස් ෆිලුම බලලාම තහවුරු කරගන්න කියලා ආරාධනා කරනවා!

මේ ෆිලුමේත් සක්‍රිය ටොරන්ට් එකක් හොයාගන්න අමාරුවෙයි.ඒක නිසා විකල්පයක් විදියට YouTube පිටපත බාගන්න එක වඩා පහසු වේවි. ”   London Bridge Malayalam Full Movie   ” කියලා YouTube search කරලා ලැබෙන පළමු පිටපත බාගන්න.

මේක තවත් එක තුන්කොන් ප්‍රේමයක් ගැන කියවෙන ෆිලුමක් නොවී ආදරය,අනුකම්පාව,විරහව වගේ මානුෂිය හැඟීම් වඩාත් ඔප් නැංවෙන විදියේ ලස්සන කතාවකින් යුක්ත වෙනවා කියලා පිළිගැනෙනවා.ඒත් මේ ෆිලුම ලොකු වියදමක් දරලා හැදුවත් ආදායම බලපොරොත්තුවුන තරම් ගණනක් නොලැබීමට හේතුව විදියට විචාරකයින් ඉදිරිපත් කරලා තියෙන හේතුවක් වෙන්නේ සාමාන්‍ය  ඉන්දියානු ජන ජීවිතයෙන් තරමක් වෙනස් වුන ජීවන රටාවක් මේකේ තියෙන එක.ඒක නිසා ඉන්දියානු ජන ජීවිතයට මේක ඒ තරම් සමීප වෙලා නැහැ කියලා තමයි කියවෙන්නේ. මේකේ 90%කට වඩා රූගත කිරීම් සිද්දවෙලා තියෙන්නේ එංගලන්තයේදී වීම ඒකට හේතුවක් වෙන්න ඇති .කොහොමවුනත් මේ ෆිලුම Love in London කියන නමින් ඒ වසරේදීම තෙලුඟු භාෂාවෙන් හඬ කවලා තිරගත කරලා තියෙනවා වගේම ඒකෙන් ලොකු ජනප්‍රසාදයක් මේකට හම්බෙලත් තියෙනවා.අපේ මලයාලම් රසිකයන්ට නම් අනිත් මලයාලම් ෆිල්ම් වලින් ලැබුවා වගේ හොඳ අත්දැකීමක් මේකෙන් ලබන්න පුළුවන් වෙයි කියලා හිතනවා! වෙනදා වගේම අලුතෙන් අපිත් එක්ක එක්වෙන අයට කියන්න කැමතියි පල්ලෙහායින් තියෙන කමෙන්ට් තීරුවේ ඔයාලගේ ඕනෙම අදහසක්-ඒ කියන්නේ යෝජනාවක්,චෝදනාවක්,දිරිගැන්වීමක් කියන ඕනෙම එකක් කොටාගෙන යන්න කියලා.

ඉතින් තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමුඑතෙක් ඔබට ජය!

උපුටා ගැනීම baiscopelk වෙතින්

You may be interested

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –
News
News

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –

Shaun Maximus Dissanayake - 11 hours ago

ලාංකේය සිනමාවේ චන්ඩියෝ (Sri Lankan Cinema Fighters) ලෝක සිනමාවට ගහමරාගැනීම් පැමිනියේ කෙලෙසකදැයි හරි නිනව්වක් නැත. එහෙත් ලෝක සිනමාවට එය කෙසේ පැමිනියද, ලාංකේය සිනමාවට නම් එය පැමිනෙන්ට ඇත්තේ…

සෝමසිරි අලකොලාංග අදරණීය කලාකරුවා  පැවිදි දිවියට ඇතුළත්‍ වෙයි
Hot & Gossip News
Hot & Gossip News

සෝමසිරි අලකොලාංග අදරණීය කලාකරුවා පැවිදි දිවියට ඇතුළත්‍ වෙයි

Wasana V - 12 hours ago

සෝමසිරි අලකොලාංග  (somasiri alakolange)  කියන්නේ ටෙලිනට්‍ය හා චිත්‍රපට තුල බොහෝ විට දකින්න ලැබෙන අදරණීය කලාකරුවෙක්. ජීවිතය ලස්සනයි වැනි ටෙලි නාට්‍ය හරහා රසිකයන්ට සදා මතක සිටින චරිත රඟපෑ…

The Killing of a Sacred Deer චිත්‍රපටය ඔක්තෝබර් 20 තිරගතවේ
News
News

The Killing of a Sacred Deer චිත්‍රපටය ඔක්තෝබර් 20 තිරගතවේ

Wasana V - 12 hours ago

Yorgos Lanthimos විසින් සංගීත අධ්‍යක්ෂණය කරන Nicole Kidman, Alicia Silverstone, Colin Farrell, Raffey Cassidy, Barry Keoghan, Bill Camp යන අයගේ රංගනයෙන් නිර්මාණය වන The Killing of a…

Leave a Comment

Your email address will not be published.

Most from this category