0 Shares 7 views

Home » චිත්‍ර පටි » 13 Minutes (2015)

13 Minutes (2015)

4 months ago
7 views

කොහොමද කට්ටියට? අවුරුද්දකට විතර පස්සෙ තමයි 19 වෙනි උපසිරසියත් අරගෙන මේ පැත්තෙ එන්න ලැබුනෙ,මම අන්තිමට උපසිරසි දැම්මෙ In To The Badland ටීවි සීරීස් එකට… ඊට පස්සෙ ඉතින් දිගටම විභාගත් එක්ක බිසී වෙලා හිටයෙ. 🙁 වෙනදා වගේම මේ පාරත් ටිකක් වෙනස් විදියෙ ෆිල්ම් එකක් තමයි ගෙනාවෙ.මේක සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච ජර්මන් ෆිල්ම් එකක්.මීට කලිනුත් මම චිලී,ඩෙන්මාර්ක්,ටර්කිෂ් ෆිල්ම් වලට සබ් දීලා තියෙනවා.ඉතින් වෙනදා වගේම මහන්සි වෙලා පුලුවන් උපරිමයෙන් වැඩේ කලා.. කතා ඇතිනෙ මම ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කියන්නම්.

2015 තිරගත වෙච්ච13 Minutes කලින් කිව්වා වගේ සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච ෆිල්ම් එකක්,ප්‍රධාන චරිතය තමයි Johann Georg Elser ගොඩදෙනෙක් නම අහලවත් නැතුව ඇති. Elser කියන්නෙ දෙවනි ලෝක යුද්ධ කාලෙ ජර්මනියෙ හිටපු සාමාන්‍ය වඩු කාර්මිකයෙක්. Elser ඉතිහාසයේ වැදගත් චරිතයක් වෙන්නෙ ඒ සමයෙ ලෝකෙම බියපත් කරපු හිට්ලර්ව මරන්න Elser උත්සාහ කරන නිසා.වැදගත්ම දේ තමයි Elser කියන්නෙ යුදෙව්වෙකුත් නෙමෙයි.අන්තිමේදි පුංචි හේතුවක් නිසා Elserගේ උත්සාහය අසාර්ථක වුනාට මේ කතාව ඇතුලෙ සාමාන්‍ය මිනිහෙක් වෙච්ච Elserට තිබ්ච්ච දැඩි ආත්ම විශ්වාසය, අසාධාරණයට එරෙහිව නැගී සිටීම වැනි දේවල් බොහොම ලස්සනට පෙන්නල දීලා තියෙනවා.ඒ වගේම අනෙක් ජර්මානුවන් වගේ යුදෙව්වන්ට වෙනස් විදියකට සලකන්නත් Elser උත්සාහ ගන්නෙ නැහැ. Elser තමන්ගෙ පෞද්ගලික ජීවිතය අමතක කරලා ජර්මනිය හිට්ලර්ගෙන් බේර ගන්න තමයි උත්සාහ කරන්නෙ.කොහොම වුනත් ඒ අසාර්ථක උත්සාහයත් එක්ක Elserගේ ජීවිතය බොහොම ඛේදජනක විදියට අවසන් වෙනවා. මම මීට වඩා විස්තර කියන්න යන්නෙ නැහැ, ඉතිරි විස්තර ඔක්කොම ෆිල්ම් එකෙන් බලාගන්න පුලුවන්.මේ ෆිල්ම් එකට 7.0 ඉහල IMDB අගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම Bavarian Film Awards වලදී හොඳම නිශ්පාදනයට හිමි සම්මානයත් දිනාගන්න13 Minutes සමත් වෙලා තියෙනවා‍.

අවසාන වශයෙන් ෆිල්ම් එක බලන්න කියලා බයිස්කෝප් රසිකයන්ට ආරාධනා කරනවා. අනිත් දේ තමයි අපි කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාගෙන නෙවෙයිනෙ මේ දේ කරන්නෙ ඉතින් ඔයාලට අපිට දිරි ගන්වන්න තියෙන එකම ක්‍රමය තමා සබ් එක ඩවුන්ලෝඩ් කරන ගමන් පහලින් කමෙන්ට් එකකුත් දාන එක.ඒක හින්ද සබ් එක ඩවුන්ලෝඩ් කරනවා වගේම කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. ඉක්මනටම තව ෆිල්ම් එකකුත් අරගෙන එනකම් කාටත් ජය!!

උපුටා ගැනීම baiscopelk වෙතින්

You may be interested

Tragedy Girls ඔක්තෝබර් 20 වනදා තිරගතවේ
News
News

Tragedy Girls ඔක්තෝබර් 20 වනදා තිරගතවේ

Wasana V - 6 mins ago

Tyler MacIntyre විසින් අධ්‍යක්ෂණය කරන Josh Hutcherson, Brianna Hildebrand, Kevin Durand, Nicky Whelan, Craig Robinson, Alexandra Shipp, Rosalind Chao යන අයගේ රංගනයෙන් නිර්මාණය වන Tragedy Girls ඔක්තෝබර්…

Wheelman ඔක්තෝබර් 20 තිරගතවේ
News
News

Wheelman ඔක්තෝබර් 20 තිරගතවේ

Wasana V - 20 mins ago

Jeremy Rush විසින් අධ්‍යක්ෂණය හා තිරරචනය කරන Frank Grillo, Caitlin Carmichael,Garret Dillahunt, Wendy Moniz, John Cenatiempo, Slaine, William Xifaras යන අයගේ රංගනයෙන් නිර්මාණය වන wheelman ඔක්තෝබර් 20…

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –
News
News

ලාංකේය සිනමාවේ චන්ඩියෝ-ශෝන් මැක්ස්මස් දිසානායක –

Shaun Maximus Dissanayake - 18 hours ago

ලාංකේය සිනමාවේ චන්ඩියෝ (Sri Lankan Cinema Fighters) ලෝක සිනමාවට ගහමරාගැනීම් පැමිනියේ කෙලෙසකදැයි හරි නිනව්වක් නැත. එහෙත් ලෝක සිනමාවට එය කෙසේ පැමිනියද, ලාංකේය සිනමාවට නම් එය පැමිනෙන්ට ඇත්තේ…

Leave a Comment

Your email address will not be published.

Most from this category